chapter 19 😈😇

Start from the beginning
                                    

ආයෙමත් යන්න හදපු මිකිල්ව ඩෙවින් ලඟට ඇදලා ගත්තෙ මිකිල් ඩෙවින්ගෙ ඔඩොක්කුවෙ ඉන්ද වෙද්දියි..

😇  ඩේව්.... 😳

😈 මට ටිකක් මෙහෙම ඉන්න දෙන්න... ඩෙවින් කිව්වෙ මිකිල්ගෙ ඉන වටා අතකුත් දාන් මිකිල්ගෙ පිටට මූනත් තද කරගෙනයි.....

😈 මට සමාවෙන්න... විනාඩි ගානකට පස්සෙ ඩෙවින් කතා කලා...

ඩෙවින්ගෙ පැත්තට හැරිලා අත් දෙකෙන්ම ඩෙවින්ගෙ මූන අල්ල ගත්ත මිකිල් ඇහුවෙ ඇයි එයාගෙන් සමාව ගන්නෙ කියලා.....

මුකුත් නෑ කියලා ඩෙවින් අහක බලා ගත්තත් ඒ ඇස් වල තිබුන කඳුලු මිකිල් හොඳටම දැක්කා....

හවස් වරුවෙ කරන්න වැඩකුත් නැති එකේ දෙන්නා ටීවි එක දා ගත්තෙ ෆිල්ම් එකක් බලන්න. මිකිල් පොප් කෝන් පෙරේතයෙක් කියලා දන්න නිසා ඩෙවින් බටර් පොප් කෝන් හැදුවෙ ෆිල්ම් එක පටන් ගන්න කලින්....

ෆිල්ම් එකක් බලමු කියපු ගමන්ම මිකිල් නම් කිව්වෙ horror movie එකක් බලමු කියලා..

ඒත් ඩෙවින් නම් කොහොමටවත් ඒකට කැමති උනේ නෑ... මොකද මේ චණ්ඩි කොල්ලා කාටවත් බය නැති උනාට හොල්මන් වලට නම් සෑහෙන්න බයයි...

මේක ඇහුවම නම් මිකිල් සෑහෙන වෙලා ඩෙවින්ව චාටර් කරා.. කොච්චර චණ්ඩියෙක් උනත් වැඩක් නෑ නෙ ඉතින්... 🤭

කොහොමහරි අන්තිමට දෙන්නා බලන්න ගත්තෙ godzilla....

ෆිල්ම් එක බලන අතරෙම මිකිල්ට නින්දෙ ගිහින් තිබුනෙ ඩෙවින්ගෙ උරහිසෙන් ඔලුවත් තියාගෙන....

ඩෙවින් බැලුවෙ මිකිල්ගෙ මූන දිහා... තදින් පියවෙලා තිබ්බ ඒ ඇස් පිහාටු වල ඇඟිලි අරන් ගිය ඩෙවින් ඊලඟට නැවතුනේ මිකිල්ගෙ චබී කම්මුල් වල.. චූටි බබෙක්ගෙ වගේ සිනිදු කම්මුල් දෙකක් තමයි මිකිල්ට තිබ්බෙ.. ඒ එක්කම මිකිල්ගෙ තොල් වලත් ඇඟිලි අරන් ගිය ඩෙවින් දැක්කෙ මිකිල්ගෙ බෙල්ලෙ තිබ්බ හයිකි... ඒවා දකිද්දි අන්තිමට ඩෙවින් හරියට තේරුම් ගත්තා එයා මිකිල්ට ආදරේ කරනවා කියලා... මිකිල්ගෙ කොන්ඩෙ අතරින් ඩෙවින් චුටි කිස් එකක් දුන්නෙ හිතෙන් දහස් වරක් සමාවෙන්න කියන ගමන්...

එහෙම්ම මිකිල්ව අත් දෙකට අරන් ඇඳෙන් ගිහින් තිබ්බෙ හරි හිමීට... මිකිල්ට ශීට් එකකුත් දාලා ඩෙවින් කිචන් එකට ආවෙ ඩිනර් ලෑස්ති කරන්න...

හෙන චෙප් වගේ කිචන් එකට ආවත් ඉතින් කොල්ලා දැනන් හිටියෙ පොඩි පොඩි දේවල් ටිකක් විතරයි.....

ඒත් ඉතින් මුකුත් හදන්න ගෙදර බඩු මුකුත් තිබුනෙ නැති නිසා පර්ස් එකත් අරන් කොල්ලා ගියේ මාකට් එකට...

අතට අහු වෙන ඔක්කොම බඩුයි මිකිල්ට කඩචෝරු බෑග් එකකුයි අරන් ගෙදර ආපු ඩෙවින් බැලුවෙ දැන් මොනාද හදන්නෙ කියලා...

හාල් ටිකත් හෝදලා කුකර් එකට දාලා ඊලඟට ගත්තෙ සෝයා මීට් පැකට් එකක්.. හරියටම හදන විදිය දන්නැති උනත් පැකට් එකේ විදියට ඒකටත් උණු වතුර දාලා.. ලූණු අමු මිරිස් ටික කැපුවෙ සෝයා මීට් ටික තැම්බෙද්දි... කොහොම හරි පැකට් එක බලන් ඒක හැදුවත් චුට්ටක් කාලා බැලුවම කොල්ලගෙ කටත් බෙරි උනේ ලුණු වැඩි නිසා.. 😅  මොනා කරන්නද ඉතින්.... බිත්තර දෙකකුත් ඔම්ලට් දාලා වැඩ ඉවර කරේ ලූණු කපන්න ගිහින් අන්තිමට අතත් කපාගෙනමයි.. අතෙන් පොඩ්ඩක් ලේත් එද්දි කුස්සියේ භාජන ඔක්කොම සෝදලා අස් කරේ මිකිල්ගෙන් බැනුම් අහන්න වෙන නිසා...

ඩිනර් ගන්න තව වෙලා තියෙන නිසා මිකිල්ව දැම්ම ඇහරවන්නෙ නැතුව හිටපු ඩෙවින් ගියෙ firstaid box එක ගන්න.....

~Blackcoffee~

 ʍʀ ɖɛʋɨʟ & ɦɨֆ ǟռɢɛʟ  [BL] ❤  complete ❤Where stories live. Discover now