chapter 12 😈😇

Start from the beginning
                                    

😇 අයියෙ ඔයා දැන්ද ආවේ..
මිකිල් කතා කරද්දි ඩෙවින් බයත් උනා..

😈 ආහ් ඔව් ඔව්. ඇයි

😇 නෑ මන් උදේ හැම තැනම ඔයාව හෙව්වා...

😈 ඇයි ඒ..

😇 ආ මේ ෆිල්ම් ටිකට් එක දෙන්න ඔයාට. මිකිල් ටිකට් එක දික් කරෙ හිනා වෙන ගමන්ම..

😈 ආ ඒකද.. ඔයා ඕක බලන්න යාලුවෙක් එක්ක යන්න. මට එන්න වෙන්නෙ නැති වෙයි..

ඒක කියද්දි මිකිල්ගෙ හිනාවත් නැති වෙලා මූනත් කලු වෙනවා ඩෙවින් දැක්කා....

ඇස් දෙකෙත් කඳුලු පුරවන් මිකිල් ඩෙවින්ගෙ මූන දිහා බැලුවෙ දුකින්. මොකද මිකිල් ඩෙවින් එක්ක යන්න ගොඩක් ආසාවෙනුයි හිටියේ...

මිකිල්ගෙ කඳුලු දකිද්දි නම් ඩෙවින්ගෙ පපුවට මොකද්ද උනේ එයාටත් හිතා ගන්න බැරුව..

😇 අනේ අයියේ.. එහෙම කරන්න එපා යමුකෝ මාත් එක්ක...

😈 මට වැඩක් තියෙනවා අද රෑට

😇 ඇයි ගර්ල් ෆ්‍රෙන්ඩ් හම්බෙන්න යනවද

😈 නෑ නෑ එහෙම එකක් නෙමෙයි

😇 අනේ එහෙනම් යමුකෝ මන් එක්ක

😈 හරි හරි යමු... අන්තිමේදි ඩෙවින් හා කිව්වෙ මිකිල්ගෙන් බේරෙන්නම බැරි උන පාර. හැබැයි ඊටත් වඩා ඩෙවින්ට දුක හිතුනා මිකිල් කඳුලු පුරවන් ඉද්දි..

ඩෙවින් හා කිව්ව ගමන් මිකිල් උඩ පැන්නෙ හිනා වෙවී. එහෙනම් 7.30 ලෑස්ති වෙලා එන්න කියලා මිකිල් ගියේ සතුටට උඩ පැන පැන.

ඩෙවිනුත් බලන් හිටියෙ මේ විකාර වැඩ දිහා...

ලෙක් ඉවර වෙලා යාලුවො එක්ක රවුම් ගන්නැතුව ඩෙවින් කෙලිම්ම ගෙදර ගියේ රෑට යන්න ලෑස්ති වෙන්න ඕනි නිසා...

වොශ් එකකුත් දාන් ඩෙවින් ලෑස්ති උනේ යන්න. කලු බොටම් එකට කලු ටී එකක් ඇඳලා වොච් එකත් දාන් සයිඩ් පර්ස් එකත් දාගත්ත ඩෙවින් තමන්ගෙ හෙල්මට් එකට අමතරව තව හෙල්මට් එකක් ගත්තෙ මිකිල්ට.

හරියටම 7.30 වෙද්දි ඩෙවින් ගියෙ මිකිල්ගෙ අපාර්ට්මන්ට් එක ලඟට. ගිහින් දෙපාරක් හෝන් කරද්දි මිකිල් දුවන් ඇවිත් බයික් එක ලඟ නැවතුනෙ හති දාන ගමන්. කලු බොටම් එකකට කලු ටී එකක් ඇඳලා. චුටි චේන් එකක් වගේම ඒකෙම බ්‍රේස්ලට් එකත් දාන් සයිඩ් පර්ස් එකත් අතේ තියන් හති දාන මිකිල් දිහා ඩෙවින් බලන් හිටියෙ වශි වෙලා වගෙ.. මිකිල් ඇත්තටම කියුට් බෝලයක් වගේ කියලා තමන්ටම හිතෙද්දි ඩෙවිල් ඔලුව වැනුවෙ ඒ අදහස ඔලුවෙන් අයින් කරන්න වගෙ මොකද කොච්චර මිකිල්ව දැක්කත් ඩෙවින්ට කවදාවත් මෙහෙම හිතිලා නෑ.

😈 ආ මේ හෙල්මට් එක දාන් නගින්න බයික් එකට ඩෙවින් සැරෙන් වගෙ කිව්වෙ මිකිල්ට හෙල්මට් එකත් දික් කරන ගමන්...

ඒත් මිකිල් නම් හිටියෙ බය වෙලා... ඩෙවින් බලන් හිටියෙ බයික් එකට නගින්නෙ නැතුව මෙයා මොනාද මේ කල්පනා කරන්නෙ කියලා...

ඩෙවින් ඇහුවෙ ඇයි මොකද්ද අවුල කියලා.. ඒත් මිකිල් කියපු දේට නම් ඩෙවින්ට හයියෙන් හිනා ගියා..

ඇයි දන්නෑ නේද ඒ 😁

~Blackcoffee~

 ʍʀ ɖɛʋɨʟ & ɦɨֆ ǟռɢɛʟ  [BL] ❤  complete ❤Where stories live. Discover now