Happy Ever After (Special Episode)

1.1K 170 76
                                    

<Cringy, Romantic scenes බහුල episode එකක් බැවින් ඒවට අකමැති අය කියවන්න එපා... >

සතියකට පසු

අද තමයි Jungkook ව ටිකට් කපලා එක්කන් එන්නෙ... ඔව් අපේ ගෙදරට එන්නෙ මොකද ටිකට් කපපු ගමන් koreaවට යන්න බෑනෙ... මම ගෙදර අස්පස් කරලා මග බලන් ටිකක් වෙලා ඉද්දි Jimin, Jungkook ව පරිස්සමෙන් අපේ ගෙදරට ඇරවලා ගියා. Jungkook ආපු වෙලේ ඉදන් මට එයා එක්ක කතා කරන්නවත් එයා ලගට වෙලා ඉන්නවත් පොඩි අවස්තාවක් වත් හම්බුනේ නෑ මොකද අර Do won නත්තල් සීයා හම්බෙලා වගේ එයාගෙ තාත්තා එක්කමයි... මම ඉතින් එයාලත් එක්ක හිනා වෙවී මගේ වැඩ කර කර හිටියා වෙන මොනා කරන්නද ඉතින්... රෑට කාලා ඉවර උනාම Do won ආයෙම Jungkook ඇදගෙන එයාගෙ කාමරේට ගියා නිදාගන්න කියලා... එවලෙ Jungkook මම දිහා බැලුවෙ එයාටත් මාත් එක්ක ඉන්න ඕනෙ ඒත් කරන්න දෙයක් නෑ මේ ළමයා එක්ක වගේ බැල්මක් දාලා... මම එයාට හිනා වෙලා ඔලුව වැනුවෙ its okay කියන්න වගේ... එයා බබා එක්ක නිදාගන්න කාමරේට ගියාම මම කුස්සියෙ වැඩ ටික ඉවර කරලා මගෙ කාමරේට ගියෙ පුතාට අසනීප උන දවසෙ ඉදන් සති ගානක් එක එක ප්‍රශ්න එක්ක මට නිවාඩු ගන්න උන නිසා ගොඩ ගැහුන වැඩ ඉවර කරන්න... මම ඒ යන්න කලින් බබාගෙ කාමරේට එබිලා බැලුවම දෙන්නම සුපුරුදු පරිදි තරගෙට ගොරව ගොරව නිදි...
මට Edit කරන්න videos ගොඩක් තිබ්බ නිසා මම කාමරේ computer table එක ලග වාඩි වෙලා මගේ වැඩේට සම වැදිලා වගේ ඒක කර කර හිටියා. මට කවුරුවත් දොර ඇරගෙන ඇතුලට එන සද්දයක් ඇහුනේ නෑ...

"වැඩ වගේ..."

මගෙ දකුණු කන ලගින් එහෙම ඇහුනම මාව උඩ ගිහින් බිම වැටුනා බය වෙච්ච පාර... මම ඔලුව හරවලා බලද්දි Jungkook මගෙ පිටිපස්සෙන් ඇවිත් මගෙ ලගට ඔලුව පහත් කරගෙන මගෙ දිහා බලන් හිටියා...

"ඔයා නිදාගෙන නේද හිටියෙ?"

"නෑ මම ඔයා එනකන් බලන් හිටියෙ..."

"මට නම් දැන්ම එන්න විදිහක් නෑ Jungkook... ඔයා නිදාගන්න මම මේක ඉවර කරලා එන්නම්"

මම එහෙම කිව්වෙ මගෙ වැඩේ කරන ගමන්මයි... Jungkook එකපාරටම මම අල්ලන් හිටපු computer එකේ mouse එක උඩින් එයාගෙ අතත් තියලා මම කර කර හිටපු project එක save කලා...

Maid of the golden prince Where stories live. Discover now