Episode 18

792 150 1
                                    



Y/n එකපාරටම කින්ඩියට වගේ හිනාවක් දාලා "එහ් ඔයා ඉතින් කිව්වෙ නෑනෙ ඔයාගෙ මේ දවස් වල crush එක ගැන? කවුද ඒ අහ්?" කියලා මගෙන් ඇහුවා... ඒ එයා තමයි ඒත් දැන් මට ඒක එයාට කියන්න ඕන උනේ නෑ...
"මම ඒක ඔයාට පස්සෙ කියන්නම්කො y/n... දැන් යමු නේද රෑ 11ත් වෙලා... ඔයාගෙ jungkook sir බලන් ඇති..."
"අනේ Jimin plsss... මම ඔයාට අද ඉදන් sir කියන්නෙ නැතුව කතා කරන්නම්... Pls jungkook sir ට නම් කියන්න එපා මම කියපු ඒවා..."
"ohh හරි.. හැබැයි මට ආයෙ sir කියලා අහුවෙන්නත් එපා..."
"හරි..."
"එහෙනම් යමු දැන්..."
මම එහෙම කියලා y/n එක්ක ඇවිත් car එකට නැගලා එයාව jungkook ගෙ ගෙදරින් බස්සලා jungkook අහල පහල පේන්න හිටියෙ නැති නිසා මාත් ඇතුලට ගියා එයාට "යනවා" කියලා එන්න ඒත් එයා සාලෙත් පේන්න හිටියෙ නෑ... "jungkook sir නිදිවගේ නේද?" y/n නුත් මගෙන් එහෙම ඇහුවා වටපිට බලන ගමන් "අනේ එයාගෙ නින්ද මම ගිහින් බලන්නම්කො" මම එහෙම කියලා උඩට යද්දි y/n එයාගෙ කාමරේට ගියා... මම jungkook ගෙ කාමරේට යද්දි එයා ඇදක් උඩ ඉදගෙන පොතක් කියවනවා... මොකක්? පොතක් කියවනවා? මේ අපේ jungkook? මෙයාගෙ වයර් මාරු වෙලාවත් ද? මම හිමින් හිමින් එයාට ලං වෙද්දි දැක්කා එයා පොත උඩ යට මාරු කරලා තියන් ඉන්නෙ කියලා... මට හිතෙන්නෙ මම එන සද්දෙට පොතක් අතට අරගෙන බොරුවට බල බල ඉන්නවා මෙයා....
"අහ්හ් jungkook... පොතක් කියවනවා වගේ..."
"අහ්හ්... ඔයාලා ආවද? මම දන්නෙත් නෑනෙ..."
"ඔව් ඒක තමා ඔයා ඉතින් පොත අනිත් පැත්තට තියන් ඒකෙ අකුරු අමාරුවෙන් තේරුම් අරන් ගලපගෙන වචන හදන් ඒ වචන ගලපලා වාක්‍ය තේරුම් ගද්දි ඔයාට කොහෙද වටේ පිටේ සද්ද ඇගෙන්නෙ නේද?"
"අහ්? මේ ඒක වැඩක් නෑ... මොකෝ අද ගියපු වැඩේට උනේ? Y/n ඔයාට කැමති උනාද?"
" නෑ... මම ඇහුවෙ නෑ"
"එහ්???? බොරු කියන්න එපා..."
"ඇත්ත බන්... එයා කැමති කෙනෙක් ඉන්නවයි කිව්ව... මම ඉතින් අහන්න ගියෙ නෑ... මට ඕනෙ නෑ එයත් එක්ක තියෙන යාලුකමත් නැති කරගන්න ඕවා අහලා"
" ඇත්තටම? ඒ boy නම් පුදුම මෝඩයෙක් මේ කෙල්ලගෙ හැගීම තේරුම් ගන්න බැරි තරම් නේද?"

ඒ මෝඩයා වෙන කවුරුත් නෙවේ ඔයා කියලා මතක් උනාම... මට ඒක මූණට කියන්න තිබ්බ නම් හොදයි ඒත් y/n ට මම පොරොන්දු උනානෙ කියන්නෙ නෑ කියලා...

"jimin hyung... ඔයාට දුකද?"
"නෑ පිස්සුද? මේවා මට ප්‍රශ්න ද? කසාද බැදලා හිටපු makeup artist ට love කරපු මට මේවා මොනාද jungkook"
"අඩෝ නෝ...."

Maid of the golden prince Where stories live. Discover now