Episode 15

804 170 5
                                    



ඔලුව පහත් කරගෙන ඇස් දෙක පියාගෙන අඩ අඩ එයාලා මට ගහන දේවල් වලින් ගුටිකකා ඉද්දි මට එකපාරටම දැනුනා මගේ ඇගට ඒවා වදින එක නතර වෙනවා වගේ මම ඒක නිසා හිමීට ඔලුව උස්සද්දි මාව cover කරගෙන කවුරුහරි කෙනෙක් මගෙ ඉස්සරහින් හිටගෙන ඉන්නවා දැක්කා... මම හිමින් හිමින් ඔලුව උස්සලා බැලුවට ඒ කවුද කියලා මට අදුරගන්න බැරි උනේ එයා hoodie එකක් ඇදන් sunglass දෙකක් දාගෙන mask එකකුත් දාගෙන හිටපු නිසා...
"මේ ඉන්නෙ මගෙ girlfriend ඔයාල මොකටද මෙයාට කරදර කරන්නෙ?"
මගෙ ඉස්සරහින් හිටගෙන හිටපු කෙනා ඒක කිව්වෙ හෙට රළු voice එකකින් මට පොඩ්ඩක් වත් ඒ කටහඩ පුරුදු නෑ... කවුද ඇත්තටම මේ? එයා අරම කිව්වම එතන හිටපු හැමෝම එක එක දේවල් වලින් ගහන එක නවත්තලා පුදුම වෙලා වගේ බලන් හිටියා... ඊටපස්සෙ එයා එකපාරටම මගේ අතින් අල්ලගෙන ගිහිල්ලා පාරෙ යන taxi එකක් නවත්තලා මාව ඒකට නග්ගලා එයත් නැග්ගා... කවුද මේ මාව කොහෙටද එක්කන් යන්න හදන්නෙ? ඇයි එයා අතන අයට කිව්වෙ මම එයාගෙ girlfriend කියලා?

"ඒයි ඔයා කවුද? මාව කොහෙටද එක්කන් යන්නෙ?"
"shuu baby"

එයා එයාගෙ සාමන්‍ය voice එකෙන් එහෙම කිව්ව ගමන් මම දැනගත්තා ඒ jimin කියලා... Thank god මෙයා ආපු නිසා මම බේරුණා...

"අහ්හ් ඔයා?"
"ඔව් ඔව් අපි ගිහින්ම වෙලා තියෙන දේ ගැන කතා කරමු... කෝ මේක අරන් ඔය මූණ පිහිදාගන්න..."

Jimin එහෙම කියලා මගෙ අතට එයාගෙ ලේන්සුව දුන්නා... මම මූණ පිහිදාගන්න ගමන් කල්පනා කලේ මොක්ද වෙලා තියෙන්නෙ කියලා... Jimin මාව එක්කන් කෙලින්ම ගියෙ jungkook ගෙ ගෙදරට... මායි jiminනුයි දොර ඇරන් යද්දි jungkook ඉදගෙන ඉදල එකපාරටම අපි දැකලා නැගිටලා ඉස්සරහට ආවා...

"Y/n! ඔයා හොදින් නේද? ඔයාට මිනිස්සු කරදර කරාද?"
Jungkook එකපාරටම ඇවිත් මගේ උරහිසට අත් දෙක තියලා මගේ උඩ ඉදන් පහලට බලන ගමන් එහෙම ඇහුවෙ...

Jimin: මම යද්දි කෙල්ලො වගයක් මෙයාට එක එක ජරාව වලින් ගහනවා වට වෙලා...
Y/n: මොකද්ද වෙලා තියෙන්නෙ? ඇයි එයාල මට ගැහුවෙ?
Jungkook: අපි දෙන්නා ඊයෙ party එකේදි kiss කරන photo එකක් කවුරු හරි social media වල දාලා...
Y/n: මොකක්???
Jungkook: ඔව්... ඔයා බය වෙන්න එපා තව ටිකකින් bighit එකෙ announcement එකක් දෙන්නම් කිව්වා ඒක game එකක් නිසා උන එකක් කියලා... මම jiminට ඔයාව ගිහින් එක්කන් එන්න කිව්වෙ එයාලගෙ ගෙදරට වඩා මෙහෙ ඉදන් ඔයාලගෙ university එකට දුර නිසා... එයාලා ඔයාට ගොඩක් කරදර කරාද?
Y/n: නෑ jimin sir වෙලාවට ආවෙ...
Jimin: ඒත් මම එතනට යද්දිත් කට්ටිය මෙයාට එක එක ඒවයින් ගගහ හිටියෙ... හරි දැන් කතා කර කර ඉන්න එක තියලා ඔයා ගිහින් ඔය ඇදුම් මාරු කරගෙන එන්න...
Y/n: ඔව් දැනටම මටම මාව අප්පිරිය වේගන එන්නෙ...

Maid of the golden prince Where stories live. Discover now