Episode 13

796 164 12
                                    



"sir හරි" මට එහෙම ඇහුනම මම ඔලුව උස්සලා බැලුවා... Omg මගෙ ඇස් උඩ ගිහින් කට ඇරෙන තරමටම මම පුදුම උනේ y/n ගෙ ලස්සන දැකලා...
"Wow"
මට නොදැනුවත්වම වගේ එහෙම කියඋනා... Y/n ලැජ්ජාවෙන් හිනා වෙලා පහල බලාගත්තා...

Y/n's pov

Omg මට හිතාගන්න බෑ මම JK එක්ක එයාගෙ partner විදිහට party එකකට යන්න හදන්නෙ කියලා... Salon එකෙන් මාව ලෑස්ති කලාට පස්සෙ කන්ණාඩියෙන් බලපුවම මාවත් පුදුම උනා... මොකද මේ ජීවත කාලෙටම මමවත් මාව එච්චර ලස්සනට දැකලා නෑ... JK ට මාව දැකලා පුදුමඋන පාර "wow" කියලත් කියවුනා එතකොට මට පොඩ්ඩක් ලැජ්ජ හිතුනා...

"ඔයා හරි ලස්සනයි අද"
"thank you sir"
"එහෙනම් අපි යමුද?"
"හරි"

මමයි JKයි party එකට යන්න පිටත් උනා... ඒ party එක තිබ්බෙ එයාගෙ යාලුවගෙ ගෙදරමයි ගෙදරක් කිව්වට ඉතින් ඒක පොඩ්ඩක් hotel එකක් වගේ තමයි අපි ඇතුලට ගියාම මාවයි JKවයි එයාගෙ යාලුවා පිලිගත්තා...

Mr.Lee: Hi Jungkook!!!! Wow කවුද මේ ලස්සන girl?
Jungkook: මේ y/n! මගෙ girlfriend

Eh? මොකක්? මොකද්ද දැන් ඒ jungkook කිව්වෙ? Wtf! එහෙම කිව්වගමන් මම jungkook දිහා බැලුවම එයා මට ඇහැක් ගහලා මූණෙන් ඉගිකරාම මට තේරුණා එයා බොරුවට මොකක් හරි හේතුවක් නිසා තමයි එහෙම රගපාන්න කියලා මට කියන්නෙ කියලා...

Mr.Lee: Hi y/n... I'm Mr.Lee! nice to meet you!
Y/n: Nice to meet yo too

මමත් එයාගෙ යාලුව ඉස්සරහ බොරුවට jkගෙ girlfriend වගේ හිටියා... Mr.Lee අපිව පිලිඅරගෙන තව කාත් එක්කද කතා කරන්න ගියාම jungkook පහත් වෙලා මගෙ කනට කිට්ටුවෙලා "sorry Y/n! මේ party එකේදි විතරක මගෙ girlfriend වෙන්න පොඩ්ඩකට හොදද?" කියලා මට කිව්වම මම "හරි" කියලා ඔලුව වැනුවා... Party එකට නෙවේ සදහටම උනත් එයාගෙ girlfriend වෙන්න කැමති මම... පොඩ්ඩක් ඉන්න මෙයා මෙහෙම මාව girlfriend විදිහට යාලුවොන්ට අදුන්වලා දුන්නම ඒක media වලට එහෙම ගියොත්? මම එහෙම හිතලා වට පිට බැලුවෙ media වලින් ඇවිත් තියෙනවද කියලා බලන්න ඒත් එහෙම කවුරුත් හිටියෙ නෑ... මට හිතෙන්නෙ මේක private party එකක් නිසා එහෙම ප්‍රශ්නයක් නෑ වගේ... Jungkook එයාගෙ යාලුවො එක්ක කතා කර කර යද්දි මමත් එයාගෙ එහාපැත්තෙන් ගියා... එකපාරටම jungkook මගෙ අතින් අල්ලා "අපි අර table එකෙන් වාඩිවෙමු" කියලා මාව එක්කන් ගියා... නෑ මම ඒ වෙලාවෙ මට දැනෙන heart race එක ගැන කතා කරන්නෙ නෑ... JKයි මායි ගිහින් එක table එකෙන් වාඩිඋනාම මම දැක්කා rose ඉස්සරහට table එකේ වාඩිවෙලා ඉන්නවා... අහ්හ් මෙයත් ඉන්නවා ඒකයි මේ JK මාව girlfriend විදිහට එක්කන් එන්න ඇත්තෙ... මම rose දිහා බලන් ඉද්දි එයත් එකපාරටම මම දිහා රවලා බැලුවම මම පහල බලාගත්තා... මේ අතර ඉදිරියේ engagement එකේ වැඩකටයිතුද කෙරීගෙන යයි.

Maid of the golden prince Where stories live. Discover now