Episode 20

818 149 21
                                    



" ඇයි ඔයා අපේ ගෙදර එන්නෙ නැතුව jimin ලගෙ දිහා ගියෙ?"

මම එහෙම අහපුවම y/n මුකුත් කියන්නෙ නැතුව බිම බලාගත්තා... මට එතකොට තේරුණා එයා එහෙ එන්න අකමැති නිසා තමයි jimin ලගෙ දිහා යන්න ඇත්තෙ කියලා...

"ඔයාට දැන් ඇත්තටම අපේ ගෙදර ඉන්න එක කරදරක් වෙලා වගේ..."
"නෑ එහෙම නෙවේ... මට පොඩ්ඩක් relax වෙන්න ඕනෙ නිසා එහෙ ගියෙ..."
"ඒ කියන්නෙ මගේ ගෙදර ඔයාට ඕන relax එක නෑ කියන එකනෙ..."
"එහෙම නෙවේ..."
"නෑ y/n මම දන්නවා ඒකට ඔයාට සාදාරණ හේතුවක් තියෙනවා කියලා... ප්‍රශ්නයක් නෑ... Sorry y/n"

මම එහෙම කියපුවම එයා ආයෙම මුකුත් නොකියා බිම බලාගත්ත නිසා මම ආයෙ කාතා කරන්න යන්නෙ නැතුව කෙලින්ම ගිහින් වාහනේ නැවැත්තුවෙ අපේ ගේ ඉස්සරහ.

Jimin's pov

මම TV බල බල ඉද්දි මට call එක ආවෙ මගෙ secretary ගෙන් මම උදේම එයාව පිටත් කලා oneul news paper එකේ journalist Han young mi ගෙ විස්තර හොයලා කියන්න කියලා... එයා මට කිව්වා ඒ girl වැඩ කරන ශාඛාව කොහෙද එයාගෙ office එක කොහෙද කියලා... ආරංචිය ආපු ගමන් මම ඉක්මනට ගියෙ එයාව මග ඇරගන්න බැරි නිසා... මම එයාවා ලේසියෙන් අත අරින්නෙ නෑ... මම මාව අදුරගන්න බැරි වෙන්න mask එකක් දාලා ඇතුලට ගිහින් කෙලින්ම ගියෙ එයා ගෙ office room එකට...

"තමුනුත් ගෑනු ළමයෙක් නේද? ලැජ්ජ නැද්ද මේ වගේ වැඩක් කරන්න?"

මම එහෙම කෑගහද්දි table එකේ ඉදගෙන මොනව හරි ලිය ලිය හිටපු එයා ගැස්සිලා ගිහින් මගෙ දිහා බැලුවා...

"කවුද ඔයා? ඔයා කොහොමද මෙහෙම මගෙ office එකට ඇවිත් මට කෑගහන්නෙ?"
"මම කවුද කියලා ඔයාට මතක නැතුව ඇති ඒත් මට ඔයාව හොදට මතකයි... කෝ Seoul National Orphanage එක ගැන article එක???? අහ්?? මොනාද මේ පත්තරේ තියෙන්නෙ?"

මම එහෙම කෑගහද්දි එයා මුකුත් කියන්නෙ නැතුව බිම බලාගත්තා...

"ඒයි මොකෝ උත්තර නැද්ද? Media වල වැඩ කරන සේරම එකයි! තම තමන්ගෙ වාසියට විතරයි!"

මම එහෙම කෑගහද්දි මට තේරුණා ඒකටම අල්ලලා වගේ තියෙන අනිත් office room වල අයත් කට ඇරගෙන මේ පැත්ත බලාගෙන ඉන්නවා... මම ඒක පොඩ්ඩක්වත් ගණන් ගත්තෙ නෑ මොකද මගේ මූණ mask එකෙන් cover වෙලා තියෙන නිසා එයාලා photos ගත්තත් මට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ...

Maid of the golden prince Where stories live. Discover now