Episode 22

769 147 9
                                    


Y/n's pov

Jungkook මගේ කම්මුල් වලින් අල්ලා මුහුණට ලං වෙලා මගේ දෙතොල් සිපගන්න පටන් ගත්තා. මමත් මගේ ඇස් තද කර පියා ගෙන ආපස්සට JK වද සිපගන්න ගත්තා...

#DingDong

එකපාරටම ගෙදර බෙල් එක වදින සද්දෙට අපි දෙන්නම දෙපැත්තට උනා... ලැජ්ජාවට මම බිම බලාගෙනම හිටියා jungkook "මම බලන්නම් කවුද කියලා" කියාගෙන ගිහින් දොර ඇරියා... මට JK ට වැහිලා නිසා කවුද දොර ලග හිටියෙ කියලා පෙනුනෙ නෑ... ඒත් jungkook ගල් ගැහිලා වගේ හිටියා...

"අ...අම්මා... තා... තාත්තා... "

Jungkook ගොතගහන කටහඩින් එහෙම කියද්දි මට තේරුණා ඇවිත් තියෙන්නෙ Mrs.jeon නුයි Mr.jeon නුයි කියලා... මගේ කට පොල් ගෙඩියක් ඔබන්න පුලුවන් තරම් ලොකුවට ඇරුණෙ මගෙ ඉස්සරහ තියෙන මේසෙ සරසලා තියෙන විදිහ ඒත් ඒක්කම දැක්ක නිසා... දැන් මොකද කරන්නෙ? අනිවාරෙන්ම Mrs.jeon අහයි ඇයි මේ කියලා... Oh shit...

Mrs.jeon: අම්මයි තාත්තයි තමයි... මොකෝ වෙන කවුරුහරි වගේද? මොකෝ මේ මූණත් රතු වෙලා... කෝ අයිනට වෙන්න අපිට ඇතුලට යන්න...
Jungkook: ඒත් ඔයාලා තව මාසෙකින් නේද එනවයි කිව්වෙ?
Mr.jeon: ඔව් ඒත් මේ අපේ business එකේ හදිස්සි වැඩ වගයක් තියෙනවා මෙහෙ ඉදන් කරන්න...
Jungkook: අහ් එහෙමද... කලින් කියන්න එපැයි එනවා කියලා...
Mrs.jeon: කියන්න phone එක on එකේ තියෙන්න එපැයි... කෝ අයිනට වෙන්න ළමයො ඇතුලට යන්න... හරි මහන්සි...

මට jungkook දොර ලගට වෙලා එයාලගෙ අම්මලත් එක්ක එහෙම කතා කර කර හිටපු විනාඩියට මම candles ටික නිමලා මේසෙ උඩ තිබ්බ මල් නුයි ඔක්කොම මේසෙ රෙද්දෙන් වැහිලා තියෙන නිසා මේසෙ යටට එබුවා... Jungkook අයිනට වෙලා එයාලගෙ අම්මලට ඇතුලට එන්න ඉඩ දුන්නම ගේ ඇතුලට ගොඩ උන Mrs.jeon kitchen එක ලග කෑම මේසෙ ඉස්සරහ හිටගෙන හිටපු මාව දැකලා හිනාවෙලා "අහ් කෙල්ල... ගොඩ කාලෙකින්" කියලා කිව්වම මම Mrs.jeon ට bow කලා. Jungkook එකපාරටම සාමන්‍ය විදිහට කෑම මේසෙ තියෙනවා දැකලා පුදුම වෙලා මම දිහා බැලුවා... මම එයාට ඇහැක් ගහලා හිනා උනාම එයාට තේරුණා විනාඩියට දෙකට මම මොකක් හරි ගේමක් ගහලා ඒ ටික හංගලා තමයි කියලා...

" y/n! අපිට මේ බෑග් ටික කාමරෙන් තියන්න උදව් කරන්න"

Jungkook ගෙ තාත්තා මට එහෙම කිව්වම මම දුවලා ගිහින් බෑග් එකක් ගන්න යද්දි jungkook "නෑ තාත්තෙ මම ගෙනල්ලා දෙන්නම්" කියලා මම අත තිබ්බ බෑග එකත් අරගෙන කරේ එල්ලන් තව ගන්න පුලුවන් බෑග් අතට අරගෙන ගියා... Jungkook ගෙ තාත්තත් එයත් එක්කම කාමරේට ගියා Mrs.jeon සාලෙ sofa එක උඩින් ඉදගත්තා මහන්සි අරින්න...

Maid of the golden prince Where stories live. Discover now