Episode 08

839 182 34
                                    


Y/n's pov

"ahhh මගෙ ඔලුව" තද ඔලුවෙ කැක්කුමත් එක්ක මම හිමින් හිමින් ඇස් ඇරල බලපු ගමන් මට තේරුනෙ මම ඉන්නෙ hospital එකක කියලා... මට ක්ෂණිකයෙන් කලන්තෙ දැමීමට කලින් උන දේ මතක් වෙයි... Jungkook ද මාව hospital එකකට ගෙනාවෙ? මම එහෙම හිතනවත් එක්කම jungkook මම ඉන්න කාමරේ දොර ඇරගෙන ඇතුලට එයි. ඇත්තටම එයාගෙ මූණෙ තිබ්බෙ ලොකු ප්‍රශ්නෙකින් පිරිණු පාටක්...

Jungkook: ඔයා ඇහැරුනාද??
Y/n: ඔව්... ඇයි අනේ මාව hospital එකකට එක්කන් ආවෙ මේ වගේ පොඩි දේකට... මට මෙහෙම වෙන එක සාමන්‍ය දෙයක්...
Jungkook: ඒ කියන්නෙ ඔයා කලින් ඉදලා දැනන් හිටියද?
Y/n: ඔව්... මම කොහොමද නොදැන ඉන්නෙ මගෙ ඇගේ තියෙන වෙනස් වීම් ගැන...
Jungkook: එහෙනම් ඇයි මට කිව්වෙ නැත්තෙ?
Y/n: මේක ඉතින් කියන්න තරම් දෙයක් නෙවේ නෙ...
Jungkook: කියන්න තරම් දෙයක් නෙවේ?

Jungkook එසේ අසන විටම room එකේ දොර ඇරන් nurse කෙනෙක් ඇතුලට එයි.

Nurse: sir මෙයාව discharge කලා ඔයාට එක්කන් යන්න පුලුවන්...
Jungkook: හරි Thank you.... එහෙනම් අපි යමු...

Jungkook එසේ පවසා මගෙ උරහිසින් අල්ලා මාව ඇදෙන් නැගිට්ටවයි.

Y/n: අල්ලන්න ඕනෙ නෑ... මට තනියම යත හැකි...
මම jungkook ට එසේ පැවසුවේ ඔහු මගේ කරට අත දමා ඇවිදගෙන යාමටත් උදව් කරන්න ගිය නිසයි.

Jungkook: හරි... පරිස්සමෙන්...

අපි දෙන්නත් එක්ක car එකට නැග ගෙදරට පැමිනේ. Car එකෙන් බැහැලා මම ගේ ඇතුලට යන්න හදන කොට එකපාරටම එහා ගෙදර බල්ලා මගේ පැත්තට වේගයෙන් දුවගෙන ඇවිත් ඇගට පනින්නේ මාව පිලිගන්න වගේ... මොකද පහුගිය දවස් වල මම තනියම හිටපු නිසා හරියට ඉතුරු උන කෑම මම එයාට දුන්නා නේ...

Jungkook: yahhh chuppp!!!!
ඔහු බිම තිබූ කෝට්ටක් අරන් බල්ලට ගහයි.

Y/n: ayyo කමක් නෑ jungkook... පව් ගහන්න එපා ඒ සතාට...
Jungkook: ඒත් ඔයාගෙ ඇගට පනින්නෙ... ඔයාට හොද නෑනෙ...
Y/n: මට දැන් අවුලක් නෑ අනේ...
Jungkook: අවුලක් නැත්තෙ මොකද... යන්න යන්න පරිස්සමට ගේ ඇතුලට...

Jungkook එහෙම කිව්වම හිමින් හිමින් ගේ ඇතුලට ගිය මම මේ කල්පනා කරන්නෙ මට allergic එක ආපු එක ගැන ඇයි මෙයා මෙච්චර worry වෙන්නෙ කියලා... සමහර විට එයා හදපු කෑම නිසා ඒක උන නිසාද දන්නෙ නෑ... එයා මෙහෙම මම ගැන caring විදිහට ඉද්දි මොනා උනත් මට පොඩ්ඩක් දරාගන්න අමාරුයි ඉතින්...

Maid of the golden prince Waar verhalen tot leven komen. Ontdek het nu