Episode 34

886 171 21
                                    


කවුරුහරි ඇවිත් දොරට තට්ටු කරන සද්දෙ ඇහිලා මම ඒ පැත්ත බලපුවම දොරේ තියෙන වීදුරු කවුලුවෙන් මම දැක්කෙ ඒ jimin කියලා... මම ඔලුවෙන් එයාට ඇතුලට එන්න කියලා ඉගි කලා... එයා ඇවිත් තිබ්බෙ හිස් අතින් නෙවේ එයාගෙ අතේ ලස්සන මල් පිරුණු bouquet එකක් තිබ්බා... ඒවගේම එයා ඇවිත් තිබ්බෙ තනියමත් නෙවේ... කොහෙගියත් එයාගෙ පස්සෙන් එන Youngmi ත් එක්ක... Jimin ඇවිත් අර මල් bouquet එක බබාගෙ එහාපැත්තෙ cupboard එකෙන් තියලා මගෙ එහාපැත්තෙන් හිට ගත්තා...

Jimin: මම doctor එක්ක කතා කරලා ආවෙ... තව දවස් දෙක තුනකින් ටිකට් කපයි...
Y/n: hmm...
Jimin: Y/n... මට තව දෙයක් කියන්න තියෙනවා... මේ... මාත් එක්ක තරහ වෙන්න එපා... එදා ඇත්තටම බබාව බලාගත්තෙ මම නෙවේ... Jungkook...
Y/n: මොකක්??
Jimin: y/n තරහ ගන්න දෙයක් නෑ... හොද වෙලාවට බබා එයා එක්ක හිටියෙ... නැත්තන් බබාට ගැලපෙන bone marrow හම්බෙන්නෙත් නෑනෙ... Jungkook එක්ක හිටපු නිසා තමා මෙයා මෙහෙම බේරුනේ ඇත්තටම බැලුවොත්...

Jimin එහෙම කියවගෙන යද්දි wtf look එකක් දීලා මම එයා දිහා බලන් හිටියා... මට පොඩ්ඩක් එයත් එක්ක තරහ ගියා... ඒත් ඉතින් කරපු වැරැද්දයි ඒකෙන් උන හොදයි ඔක්කොම එයාම කියලා එයාගෙ අර cutie sexy lovely smile එක දාපුවම මගෙ තරහ වාෂ්ප වෙලා ගියා... ඇත්තටම Jungkook ට ස්තූති වෙන්න තමයි මගෙ බබා අද ජීවත් වෙන්නෙ... ඒත් එහෙමයි කියලා මගෙ හිතේ නම් එයාට ආයෙ chance එකක් නෑ... මම හිතන්නෙ තාම jimin දන්නෙ නෑ... Jungkook ගෙයි මගෙයි අතර ඊයෙ රෑ උන ප්‍රශ්නෙ ගැන... පුදුමයි Jungkook කියලා නෑ තාම... ටික වෙලාවකින් Jiminනුයි youngmi දෙන්නා එතනින් ගියා... ඊට පස්සෙ මම room එකෙන් එලියට ගියෙ බබාගෙ වතුර බෝතලේට වතුට එකක් පුරවන් එන්න කියලා... මම එහෙම ගිහින් එද්දි දැක්කා hat එකකුයි මාස්ක් එකකුයි දාගෙන අතේ teddy bear කෙනෙක් තියාගත්ත මනුස්සයෙක් බබාගෙ කාමරේ දොර අරින්න යනවා... ඔව් ඒ වෙන කවුරුත් නෙවේ මට හොදටම අදුරගන්න පුලුවන් ඒ Jungkook කියලා...

"ඔයා කොහෙද ඔය යන්න හදන්නෙ?"

මම එහෙම අහපුවම එයා හැරිලා මගෙ පැත්ත බලලා "මම ආවෙ මගෙ පුතාව බලන්න" කියලා කිව්වම මගෙ ඇගේ මාලු නටන්න ගත්තා ආපු තරහට...

"ලේ වල අයිතිය විතරක් තිබ්බ පලියට එයා ඔයාගෙ පුතා වෙන්නෙ නෑ... Pls මෙතනින් යන්න මට වදයක් වෙන්නෙ නැතුව... මම security එකට කතා කරලා එලිය ඇදලා දාන්න කලින් යන්න..."

Maid of the golden prince Dove le storie prendono vita. Scoprilo ora