Episode 26

727 145 8
                                    


Y/n's pov

මට jungkook ව kiss කර කර ඉද්දි තේරුණා එයාගෙ ඇස් වලින් කදුලු වැටෙනවා වගේ කියලා... මම kiss කරන එක නවත්තලා එයා දිහා බැලුවා... එයාගෙ ඇස් හොදටම රතු වෙලා...
"Jungkook ඇයිමේ? මොකද්ද ප්‍රශ්නෙ? මම ඇත්තටම ඔයත් එක්ක තරහ නෑ..."

මම එහෙම කියලා ඉවර වෙද්දි එයා මගෙ උරහිසට ඔලුව තියන් අඩන්න පටන් ගත්තා...

"y/n... Rose කියනවා... එයා මේ පපුවෙ අමාරුව නිසා ඉක්මනට මැරෙයිලු... එයාට ඊට කලින් මාව බදින්න ඕනෙලු... මම මොකද්ද කරන්න ඕනෙ y/n? මට තේරෙන්නෙ නෑ..."

"ahh?"

#dingdong

මට jungkook කියපු එක ගැන විස්තර අහන්න ඕන උනත් ගෙදර බෙල් එක වැදුන නිසා මම එයාගෙන් ඉක්මනට අයින් උනා... එයත් කදුලු පිහිදාගෙන mood එක හදාගෙන ගිහින් සාමන්‍ය විදිහට දොර ඇරියා... මමත් මුකුත් උනේ නෑ වගේ මගේ වැඩ කර කර හිටියා... මම දැක්කා JK ගෙ අම්මලා ඇතුලට එනවා හැබැයි JK ගෙ අම්මලා විතරක් නෙවේ... Rose ගෙ අම්මලත් එනවා මම දැක්කා... එයාලා සාලෙ වාඩි වෙලා කතා කරන්න ගත්තා... මම කුස්සියට වෙලා වැඩ කර කර හිටියෙ එයාලගෙ කතාවත් අහගෙන...

Jungkook: aunty ලා ඇයි මෙහෙ ආවෙ?
Rose's mom: පුතේ අපිට ඔයත් එක්ක වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා...
Jungkook: කියන්න aunty...
Mr Jae: පුතේ pls ඉක්මනට අපේ දුවව කසාද බදින්න... එයා මේක ගැන ගොඩක් හිතනවා... එයා ගොඩක් දුකින් ඉන්නෙ මේක ගැන... Pls පුතේ... ඔයාට විතරයි මේ වෙලාවෙ අපේ දුවව සතුටින් තියන්න පුලුවන්...
Mrs.jeon: අපේ පුතා මේ වෙලාවෙ ඔයාලට අනිවාරෙන් උදව් කරනවා මම ඒක දන්නවනෙ...

මම හොරෙන් Jungkook දිහා බලද්දි එයා මුකුත් නොකියා බිම බලාගෙන ඉදලා එකපාරටම ඔලුව උස්සලා මම දිහා බැලුවා... මම එයත් එක්ක හිනා වෙලා ආයෙම මගේ වැඩේ කරන්න ගත්තා...

Mr.jeon: ඇයි පුතේ මුකුත් කියන්නෙ නැත්තෙ?
Jungkook: මට පොඩ්ඩක් හිතන්න ඕනෙ තාත්තෙ...
Mrs.jeon: මොනවා හිතන්නද? ඒ ඔයාගෙ girlfriend... ඉතින් බදින එක ගැන මොනවා හිතන්නද? Mr.jae අපි මේක පුලුවන් තරම් ඉක්මනට කරමු... ලබ මාසෙ හරි කමක් නෑ...
Jungkook: මොකක්??
Mr.jeon: පුතේ අර ළමයගෙ තත්වෙ ගැන හිතන්න...
Jungkook: ඒ ළමයගෙ තත්වෙ ගැන විතරද කිතන්න ඕනෙ??? මම?? එතකොට මම ගැන ඇයි ඔය කවුරුත් හිතන්නෙ නැත්තෙ???

Maid of the golden prince Dove le storie prendono vita. Scoprilo ora