Episode 27

795 151 28
                                    


Author's pov

පෙර දින රෑ 1ට විතර jungkook කාමරෙන් එලියට ආවෙ බඩගින්න දරාගෙන ඉන්නම බැරුව එයා හිතුවෙ නෑ තාම y/n දොර ලග බිම ඉදගෙන ඉන්නවා කියලා... ඒත් y/n දොර එහාපැත්තේ බිම ඉදගෙන හිටියා Jungkook ගෙ කෑම එකත් තියාගෙන... Jungkook පහත් වෙලා බලද්දි y/n ට හොදටම නින්ද ගිහින් තිබ්බෙ... Jungkook එයාව ඇහැරෙන්නෙ නැති වෙන්න එයාව bridal style එකට උස්සගෙන පහලට ඇවිත් y/n ව එයාගෙ කාමරේ ඇදෙන් තියලා එයාට bedsheet එක පොරවලා ටික වෙලාවක් y/n නිදාගෙන ඉද්දි එයාගෙ මූණෙ features දිහා බලාගෙ ඉදලා ආයෙම යන්න හදන කොට y/n Jungkook ගෙ අතින් අල්ලලා නවත්ත ගත්තා...

"Jungkook, ඔයා එයාව බදින්න කැමති වෙන්න..."
"Y/n??"
"මම ඇත්තටමයි කියන්නෙ... මේ වෙලාවෙ ඔයාට ගන්න පුලුවන් හොදම තීරණය ඒක..."
"එතකොට ඔයා? මම Rose ව බැන්දම ඔයාට මොකද වෙන්නෙ?"
"මොනාවෙන්නද? මමත් හොද කොල්ලෙක් හොයන් කසාද බදිනවා"

Y/n ඒක කිව්වෙ හයියෙන් බොරුවට හිනාවෙන ගමන්... Y/n තාම ඇදේ හාන්සි වෙලා ඉන්න ගමන් හිටගෙන ඉන්න JK ගෙ අත අල්ලගෙන ඉන්නෙ...

"Y/n මේක හරියට නරක හීනයක් වගේ..."
"නෑ මේක නරක හීනයක් නෙවේ... මේක තමා ඇත්ත... අපි දැකපු හීනෙ තමයි මීට දවස් ගාණකට කලින් පටන් ගත්ත ආදර සම්බන්දෙ... දැන් ඒ හීනෙන් ඇහැරිලා reality එකට මූණ දෙන්න වෙලාව ඇවිත්..."
"ඒත් y/n-"
"shuu... ඉන්න මම කියන එක අහන්න... මොනවා කලත් ඔයාට පුලුවන්ද ඔයා පොඩිකාලෙ ඉදන් එකට හිටපු යාලුවා... කාලයක් තිස්සෙ ආදරේ කරපු කෙනා මෙහෙම ලෙඩකින් අසරණ වෙලා ඉන්න වෙලාවක එයාව අත ඇරලා දාන්න? ඔයාට එච්චර දරුණු හිතක් නම් තියෙන්නෙ... මම ආදරේ කරපු JK ඔයා නෙවෙයි... යන්න Jungkook මේ වෙලාවෙ ඔයා ඉන්න ඕනෙ ඉස්සර ඉදන් ඔයත් එක්ක හිටපු ඔයාගෙ යාලුවත් එක්ක එහෙම නැතුව මේ ලගදි ඔයාගෙ ජීවිතේට ආපු මාත් එක්ක නෙවේ... ඔයා අද එයාව අත ඇරලා මගෙ පැත්ත ගත්තොත් මට ඔයා ගැන තිබ්බ විශ්වාසෙ අඩුවෙයි... මට ඔයාට තියෙන ආදරේ අඩුවෙයි... ඒක නිසා pls ඒක නැති කරන්න එපා..."

Y/n බොහොම අමාරුවෙන් එයාගෙ ඇස් වල කදුලු හිර කරගෙන එහෙම කිව්වා... ඒත් JK ගෙ ඇස් වල කදුලු නම් එයාට control නෑ මේ වෙලාවේ... "Okay Y/n... Lets Breakup..." Jungkook එයාගෙ ඇස් වල කදුලු පිහිදාගන්න ගමන් එහෙම කිව්වම... Y/n ද එයාගෙ කදුලු පිරුණ මූණෙන් බොරු හිනාවක් දාලා "හරි" ලෙසෙ ඔලුව වනලා මෙච්චර වෙලා අල්ලගෙනම හිටපු Jungkook ගෙ අත අත අතඅරිද්දිම JK ආපස්සට y/n ගෙ අත තද කරලා අල්ල ගත්තා...

Maid of the golden prince Where stories live. Discover now