Episode 23

819 143 15
                                    



Jungkook හිමීට මගෙ කනට ලං වෙලා "ඇත්තටම y/n, ඔයා කැමති මටද නැත්තන් Jimin ටද?" කියලා ඇහුවා...

Y/n: ඔයාට ඊරිසියයයි නේද?
Jungkook: මොකටද?
Y/n:  මම jimin එක්ක නිතරම කතා කරනවට.... එයා මට baby කියලා කතා කරනවට එතකොට මගෙ wallpaper එකෙත් එයාගෙ photo එකක් නෙ තියෙන්නෙ...
Jungkook: දැන් මම ඇයි ඒකට ඊරිසියා කරන්නෙ? මම මේ ගේට්ටුවෙන් ඉස්සරහට අඩියක් තිබ්බොත් කෙල්ලො සීයක් විතර ඇවිත් මාව වට කර ගන්නවා... මොකද මට කෙල්ලොන්ගෙන් අඩුවක්ද? ඉතින් ඇයි මම ඔයාට ඊරිසියා කරන්නෙ?
Y/n: ඉතින් ගිහින් ඕන තරම් කෙල්ලො වට කරගෙන ඉන්න එකනෙ ඇත්තෙ... මොකද මට පාන්ද?

මම එහෙම කියලා බංකුවෙන් නැගිටලා ගස්සගෙන ඇතුලට ආවා... තරහට නෙවේ ඇත්තටම මට ඊරිසියා හිතුණා... මට ඇහුණා jungkook හයියෙන් හිනා වෙනවා මමත් ඇත්තටම ඇතුලට ඇවිත් හිනා උනා... ඊරිසියාවට වඩා මම එහෙම කලේ එතනින් එන්න ඕනෙ නිසා මොකද මේ මහ රෑ සීතලේ එලිය වෙලා එක එක ඒවා කතා කර කර ඉන්න ගිහින් ඕක අන්තිමට කොහෙන් කෙලවර වෙයිද කියලා කවුද දන්නෙ... මම මගෙ කාමරේට ඇවිත් jungkook ට good night කියලා msg එකක් දාලා නිදාගත්තා.

JK's pov

Y/n  හංගන් ඉන්න පොතක 90% ක්ම වගේ මට තියෙන love එක ගැන ලියලා තිබ්බට wallpaper එකේ ඉන්නෙ jimin... හැමතිස්සෙම call එන්නෙ jimin ගෙන්... අනික jimin කතා කරන්නෙ baby කියලා... මෙයා නිකමට කියන්නෙ නෑ එහෙම කතා කරන්න එපා කියලා... ඒකට යාලුවෙලා ඉන්න මට sweetie කියලා වත් එයාට කතා කරන්න එපාලු... ඊරිසියා හිතෙන්නෙ නැද්ද ඉතින්? මම දන්නවා මේකට වැරදි y/n නෙවේ jimin කොහොමත් y/n ට ගොඩක් nicely කතා කලානේ ආපු දවසෙ ඉදන්ම... අහ් ඒක නෙවේ මේ විකාර නිසා මට අහන්නත් බැරි උනා y/n ගෙන් අර jimin මොකටද හෙට එයා එක්කන් යන්න එනවා ලෑස්ති වෙලා ඉන්න කිව්වෙ කියලා... මට හරියට ඇහුනෙ නෑ ඊට කලින් jimin කියපු දේවල් මට ඇහුනෙ "හෙට හවස 2ට විතර ලෑස්ති වෙලා ඉන්න මම එන්නම් එක්කන් යන්න..." කියන ටික විතරයි... Jimin hyung ගෙන් අහන්න ඕනෙ... ඒවගේම hyung ලට කියන්නත් ඕනෙ අද උන දේවල්... මම එහෙම හිතලා phone එක අතට ගත්තා...

Author's pov

Jungkook Jimin ට call කරලා උන දේවල් කිව්වා jimin ට පොඩ්ඩක් හිත රිදුනත් එයාට සතුටු හිතුණා අන්තිමට y/n ට එයා කැමති කෙනාගෙ කැමැත්ත ලැබිලා තියෙන එක ගැන... අනිත් එක jungkook කියන්නෙ y/n ට එයාට වඩා ගැලපෙන කෙනා කියලා jimin ටත් හිතුනා... Jimin අර පත්තරේ ගියපු article එකට විරුද්ධව නඩුවක් දැම්මා කියලා jungkook එක්ක කිව්වා... ඒත් jimin කියපු නිසා jungkook ඒ වැඩ්ඩෙට සම්බන්ද වෙන්න ගියෙ නෑ... මොකද එයා නිසානෙ ප්‍රශ්නෙ ඇති උනේ තව එයා මේ නඩුවටත් අත දැම්මොත් ප්‍රශ්නයක් වෙන නිසා... ඉතින් ඊට පස්සෙ දවසෙ jimin කතා කරගත්ත විදිහට ඇවිත් y/n ව එක්කන් ගියා lawyer ව හම්බෙන්න... එදා උදේ y/n ඕන කෙනෙක් ඕන දෙයක් කියපුදෙන් කියලා university ගියා... ඒක නිසා උදේ ඉදන් jungkook ව දකින්න අවස්තාවක් හම්බුනේ නෑ... Jungkook  y/n ට කරදර වෙයි කියලා call කරන්න ගියෙත් නෑ... මොකද එයා දැනගෙන හිටියනෙ හවස jimin එක්ක lawyer ව හම්බෙන්නත් යනවා කියලා... Jimin y/n ගෙන් අහන්නෙ නැතුව lawyer ව හම්බවෙලා එනකන්ම බලන් හිටියා jungkook එයාට කැමතී කිව්ව එක දැන් කියයි දැන් කියයි කියලා ඒත් y/n ඒක කියන පාටක් තිබ්බෙ නෑ... ඒකට ඇත්තම හේතුව y/n ට ලැජ්ජයි වගේ jimin ගෙ මූණ බලන් එහෙම දෙයක් කියන්න... JK ගෙ ගෙවල් ලගට  ලං වෙද්දි jiminට බලන් ඉදලා බලන් ඉදලා ඇති වෙලා ඒක ගැන අහන්න ගත්තා...

Maid of the golden prince Where stories live. Discover now