Episode 12

811 172 19
                                    



JK's pov

මගෙ නැන්දයි මාමයි එනවා කියපු වෙලේ ඉදන් මගෙ ඔලුව රත් වෙලා තියෙන්නෙ... මොකද ඇත්තටම එයාලා මහ ඇණයක්... හිතුවා වගේම මට වඩා y/n ට වදයක් වෙන සීන් එකක් තියෙන්නෙ... පව් ඒ ළමයට රෑට කන්නත් නෑ... මම ඒක නිසා ඉක්මනට කුස්සිය අස් කරන්න එයාට උදවු කරලා එයා කෑම එකත් අරන් කාමරේට ගියාම මමත් ගියා මගේ වැඩ කරගන්න කියලා අර studio එකට... මම මගෙ මේ සැරේ mixtape එකේ title track එකට ලියපු සින්දුවෙ music track එක මම දැන් සති දෙක තුනකට කලින්මයි හදලා ඉවර උනේ ඒත් මට ඒක දැන් අහන්න හිතෙන්නෙ නෑ... ඒකට ලොකුම හේතුව Rose! මගේ ඒ සින්දුවෙ මම ලිව්වෙ මට Rose එක්ක යාලුවෙලා ඉද්දි දැනුන හැගීම් මම ඒක නිසා ඒකට නම දැම්මෙත් "Beautiful Love" කියලා ඒත් දැන්? Aish මම දන්නෙ නෑ මම දැන් කොහොමද මේක මගෙ mixtape එකට දාන්නෙ කියලා ඒකට දාන්න තියා මටම අහන්නවත් හිතෙන්නෙ නෑ... ම්ම්ම්... එහෙම උනොත් music track එක ආයෙම අහලා ඒක ගැලපෙන්න පරණ lyrics සින්දුවෙ වෙනස් කරන්න ඕනෙ... මම එහෙම හිතලා music track එක play කරලා ඒක අහ අහ ඉන්න ගමන් මම මේසෙට ඔලුව තියාගත්තම පොඩ්ඩක් නින්ද ගියා... එකපාරටම මාව ඇහැරිලා ඔලුව උස්සලා බලද්දි y/n එහාපැත්තේ හිටගෙන හිටියා...

"oh මට පොඩ්ඩක් නින්ද ගියා... ඔයා කොයිවෙලේද මේ කාමරේට ආවෙ?"
"අහ් මම මේ... දැන් ආවෙ... මේ... Music එක ලස්සනයි ඒකයි..."
"ඒත් මම මේ track එක මගෙ mixtape එකට දානවද නැද්ද කියලා කල්පනා කලේ... මම දැන් මේකට කැමති නෑ..."
"ඇයි ඒ? මේක ලස්සනයි නෙ... දාන්න අනිවාරෙන්..."

"ඒත්...."
"ඇයි ඒත් කියන්නෙ?"
" ඔය සින්දුව ලියද්දි මම ඒක ලිව්වෙ rose ට... ඒත් දැන් එයත් එක්ක මට කිසිම සම්බන්දයක් නෑනෙ... මේක අහද්දි මට ආයෙම ආයෙම එයාව මතක් වෙනවා..."
"ම්ම්ම්... ඒත් ඕකට ARMY ලා ගොඩක් කැමති වෙයි..."
"ඔව් ඔයා කියන එක ඇත්ත.... එහෙනම් මම මේ සින්දුවෙ lyrics ARMY ලට කියන විදිහට වෙනස් කරනවා..."
"woahhhh ඇත්තටම ඒක තමා හොදම... ඔයාව තේරුම් ගන්න බැරුව දාලාගිය අයට වඩා ඉස්සර ඉදන් ඔයත් එක්ක එකටම හිටපු fans ලා වෙනුවෙන් ඒක කියන්න එතකොට ඒකෙ වටිනාකමත් වැඩිවෙයි"
"ඔයා කියන එක ඇත්ත... මට තාම හිතාගන්න බෑ y/n, rose මට මෙහෙම කලා කියලා... තරහ උන එක කමක් නෑ කියමුකො... ඊට පස්සෙ දවසෙම වෙන කොල්ලෙක් එක්ක යනවා කියන්නෙ? එයා මුල ඉදන්ම මට කරලා තියෙන්නෙ බොරුවක්ද?"
"ඔයා එදා ඒ දෙන්නව දැක්කද?"
"Hmm ඔව්..."
"ඔයා දැන් ඒක ගැන දුක් වෙන්න එපා... Sir ඔයා දන්නවද කෙනෙක්ට ඔයාව දාලා යන්න ඕනෙ නම් රැදෙන්න හේතු දහසක් අතරෙ ඔයාව දාලා යන්න එක හේතුවක් හරි හොයා ගන්නවා... ඒ වගේම ඔයත් එක්ක රැදිලා ඉන්න කෙනා හැරයන්න හේතු දහසක් තිබ්බත් ඔයත් එක්ක රැදිලා ඉන්න එක හේතුවක් හරි හොයා ගන්නවා... ඒකයි ඇත්ත..."
"ඔව් ඒක හරි... Thank you so much Y/n"
"අහ්??"
"මගෙ හිත හැදුවට... ඔයා ඇත්තටම දැන් නම් මට මේ ගෙදර වැඩට ආපු නිකන්ම නිකන් maid කෙනෙක් නෙවේ y/n"

Maid of the golden prince Where stories live. Discover now