Episode 32

869 172 47
                                    



Y/n ඇස් දෙකේ කදුලුත් පුරෝගෙන හතිදාගෙන hospital එකට දුවගෙන ඇවිත් reception එකෙන් ඇහුවම එයාලා කිව්වා බබා Surgery room එකේ කියලා y/n මෙලෝ සිහියක් නැතුව surgery room එක ලගට දුවගෙන යද්දි Jimin සහ Youngmi ත් එතන ඉස්සරහට වෙලා ඉන්නවා දැක්කා...

"Jimin... කොහොමද... කොහොමද මගෙ දරුවට??? ඇයි එයාව surgery එකකට ගත්තෙ????"

Y/n ඇස් දෙකේ කදුලු පුරෝගෙන හති ද දා එහෙම අහපුවම jimin ඉක්මනට y/n ළගට ඇවිත් එයාව බදාගත්තෙ "හරි හරි ඔක්කොම හොදින් වෙයි කලබල වෙන්න එපා..." කියන ගමන්... Y/n ආපස්සට jimin ව තදින් බදාගෙන හොදටම අඩන්න ගත්තා... එතකොටම surgery room එකේ දොර ඇරගෙන Doctor එලියට එන සද්දෙ ඇහුන නිසා y/n jimin ව එහාට කරලා ඉක්මනට doctor ළගට දුවගෙන ගියා...

"Doctor කොහොමද මගෙ බබාට? එයා හොදින් නේද??? අහ්හ්???"

Y/n එහෙම අහපුවම doctor y/n ගෙ උරහිසට අත තියලා "Bone marrow transplant එක නම් හොදින් උනා... ඒත් අම්මෙ ඒ දරුවගෙ වයසයි හිටපු තත්වෙයි එක්ක ඒක සාර්ථක වෙන්න තියෙන ඉඩ කඩ 10%ක් වගේ තමයි තියෙන්නෙ... අපි pary කරමු හැමදේම හොදට වෙන්න කියලා" එහෙම කිව්වම y/n එකපාරටම අඩිය අඩිය තියලා පස්සෙන් පස්සට යන්න ගත්තෙ doctor කියපු එක දරාගන්න බැරි උන නිසා... Y/n ගෙ අතපයත් වෙව්ලන්න ගත්තා... එයාගෙ අතේ තිබ්බ බෑග් එක බිම වැටුණා... (මේ අවස්තාවෙ ඒක ඇතුලෙ තිබිලා JK y/n ඉස්සර දවසක තෑගි දුන්න camera වත් බිම වැටී කැඩෙයි.) අම්මා කෙනෙක් කොහොමද දරාගන්නෙ තමන් ගෙ පුතා ජීවත් වෙන්න තියෙන ඉඩකඩ 10%ක් වගේ කිව්වම... එකපාරටම y/n ව කලන්තෙ දාලා ඇදගෙන වැටුණා... ඒත් jimin ක්ෂණිකයෙන් එයාව බිම වැටෙන්න නොදී අල්ල ගත්තා... Doctor ඉක්මනට nurse ලට කතා කරලා ට්‍රොලියක දාලා y/n ව අරන් ගියා... "ඔයා යන්න y/n එක්ක... මම මෙතන ඉන්නම්..."  jimin එහෙම කියලා y/n ගෙ පස්සෙන් youngmi ව පිටත් කරයි. ඊට පස්සෙ Jimin Doctor  ගෙන් විස්තර අහ ගනී.

Jimin: මොකද doctor තත්වෙ?
Doctor: අපි බලමු... Bone marrow donate කරපු එක්කෙනාව තව ටිකකින් අපි room එකකට දානවා... එයාට නම් සිහිය එන්න බෙහෙත් දීලා තියෙන්නෙ... දරුවට සිහිය එනකන් තමයි දැන් බලන් ඉන්න තියෙන්නෙ... ඔයාලා පොඩ්ඩක් දරුවගෙ අම්මගෙ හිත හදන්න බලන්න...
Jimin: ඇයි doctor මේ ළමයට හදිස්සියෙ මෙහෙම අමාරු උනේ?
Doctor: හදිස්සියෙ නෙවේ... ඔය ළමයා මාස 6 ඉදන් blood cancer එකකින් දුක් විදින්නෙ... මේ වගේ ලොකු treatments වලට වයස මදි නිසා බෙහෙත් වලින් තමයි මෙච්චර කල් ඒක spread වෙන එක නවත්තන් හිටියෙ... එයාට ඉදලා හිටලා ඔහොම අමාරු වෙලා මේ hospital එකට ගෙනෙල්ලා තියෙනවා... ඒත් අද තත්වෙ වෙනස්... දැන් තව දුරටත් එයාගෙ ලෙඩේ spread වෙන එක බෙහෙත් වලට control නෑ... ඒක නිසා තමයි අපිට මේක කරන්න උනේ...

Maid of the golden prince Onde as histórias ganham vida. Descobre agora