Turning Point

Bởi SithuMethsadi85

35.7K 7.1K 1.1K

හිස් වෙලා තියෙන මගෙ ජීවිතේට අලුත් අර්ථයක් දෙන්න උත්සහා කරන ඔයාට හැමදාමත් ආදරෙයි ❤💚 Xem Thêm

Intro
01 👬❤️💚
02 👬💚❤️
03 👬💚❤️
04 👬💚❤️
05 👬 💚❤️
06 👬💚❤️
07 💚❤️
08 💚❤️
09 💚❤️
10👬 💚❤️
11 👬💚❤️
12 👬💚❤️
13 👬💚❤️
14 👬💚❤️ (BONUS)
15 👬💚❤️
16 👬💚❤️
17 👬💚❤️
18 👬💚❤️
19 👬💚❤️
20 👬💚❤️
21 👬💚❤️
22 👬💚💓
23💚❤️
24 💚❤️
25 👬💚❤
26 👬💚❤️
27 👬💚❤️
28 👬💚❤️
29 👬💚❤️
30 👬💚❤️
31 👬💚❤️
32 👬💚❤️
33 👬💚❤️
34 👬💚❤️
35 👬💚❤️
36 👬💚❤️
37 👬💚❤️
38 👬💚❤️
39 👬💚❤️
40 👬💚❤️
41 👬💚❤️
42 👬💚❤️
43 👬💚❤️
44 👬💚❤️
45 👬💚❤️
46 👬💚❤️
47 👬💚❤️
48 👬💚❤️
49 👬💚❤️
50 👬💚❤️
51 👬💚❤️
52 👬💚❤️
53 👬💚❤️
54 👬💚❤️
55 👬💚❤️
56 👬💚❤️
57 👬💚❤️
58 👬💚❤
59 👬💚❤
60 👬💚❤
61 👬💚❤
62 👬💚❤
63 👬💚❤
64 👬💚❤
65 👬💚❤
66 👬💚❤
67 👬💚❤
68 👬💚❤
69 👬💚❤
70 👬💚❤️
71 👬💚❤️
72 👬💚❤️
73 👬💚❤️
74 👬💚❤️
75 👬💚❤️
76 👬💚❤️
77 👬💚❤️
78 👬💚❤️
79 👬💚❤️
80 👬💚❤️
81 👬💚❤️
82 👬💚❤️
84 👬💚❤️

83 👬💚❤️

336 71 15
Bởi SithuMethsadi85

"යිබෝ පිස්සුද...ඔයා මොනවද මේ කියවන්නෙ...අනේ ප්ලීස් මෙහෙම කරන්න එපා"

"අවසාන වශයෙන් මේ වෙනකන් අපි එක්ක හිටපු වගේම ගරහපු අපිව අත ඇරපු හැමෝටමත් ස්තුතියි..."

==================================

"යිබෝ...යිබෝ නවතින්න...මේ හැමදේම බොරු කියලා කියන්න...මම කියන දේ අහනවා බෝ මේ දේවල් ඇත්ත නෙමෙයි කියලා එයාලට කියනවා...තමුසෙ හදන්නේ මේ හැමදේම නැති කරගන්නද"

"ඔව්...ඔව්...ඔව් ඔව් ඔව්...
මොකද මට මේ හැමදේටම වඩා වටින්නෙ උබව සීන්...පිස්සෙක් වුණ මාව හොද කරලා මට හොඳ ජිවිතයක් දීලා මගෙ බලාපොරොත්තු ඉශ්ඨ කරගන්න ඔයා හයියක් නොවුනා නම් අද වෙනකොට සමහරවිට මම පිස්සෙක් වෙලාම අර හොස්පිට්ල් එක ඇතුලේ හරි එහෙමත් නැත්තං මගෙ තාත්තා අතින් හරි මැරිලා යන්න තිබුණා...

අහන්න සීන්...මේ කිසිම දෙයක් ඔයා නිසා වෙන්නෙ කියලා හිතන්න එපා...මම ආදරේ කරන්නෙ ඔයාට...ඉතින් මට පුලුවන්ද ඔයාව නැති කරගෙන මේ රටේ අයට ඕන විදියට ජීවත් වෙන්න...මට හැංගි හැංගි ආදරේ කරන්න බැ සීන්...කවදා වෙනකන් හැංගෙන්නද...

මම මේ ගත්ත තීරණේ හරි...මට ඕන උනේ සින්දු කියන්න...මම ඒක කරා...මිනිස්සු මට ආදරේ කරා...හැබැයි ගොඩක් දෙනෙක් ආදරේ කරේ මටම නෙමෙයි මගෙ පෙනුමට...එහෙමත් නැත්තං මම කියපු සින්දු වලට...එහෙමත් නැත්තං මම රඟපාපු චරිත ඇතුලේ හිටපු මට...එයාල ඇත්තටම මට ආදරේ කරා නම් අද මෙහෙම ඒ අයගෙන් ගොඩක් මාව පිලිකුල් කරන්නෙවත් මාව අයින් කරන්නෙත් නැනෙ නේද...

මේක මම හොඳට හිතලා ගත්ත තීරණයක් ඒක වෙනස් වෙන්නෙ නැ"

සීන්වත් එක්කගෙන වාහනේට නැගපු මම කෙලින්ම ගෙදර යමු කිවුවේ රටේ ආයෙමත් නිව්ස් එකක් වෙන්න ඕන නැති නිසා...

සීන් බලාගත්ත බලාගෙන ඉන්නකොට මගෙන් කිසිම දෙයක් අහපු නැති සීක්‍රට් සීන් ලගින්ම වාඩිවෙලා හිටියා...

ඒ දෙන්නා දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු මම...

"මට කියන්න දෙයක් තියෙනවා..."

ඒ දෙන්නම එකවැරම මගෙ දිහා බලනකොට මම ඒ දෙන්නා ඉස්සරහින් වාඩිවුණා...

"අපි මෙහෙන් යනවා"

"මෙහෙන් කිවුවේ...කොහෙද බොස් කොහෙද යන්නේ"

"අපි මෙහෙ ඉදලා තේරුමක් නෑ සීක්‍රට්...සීන් ඔයා හොස්පිට්ල් එක මේ ගැන දැනුවත් කරන්න...

අපි switzerland යනවා"

"මොකක්..ඔයා කොහොමද තනියම ඔහොම තීරණ ගත්තේ යිබෝ..."

"සොරි සීන් ඒත් ඔයාට කීවා නම් ඔයා අකමැති වෙයි කියලා හිතුවා...ප්ලීස් මාව තේරුම් ගන්න සීන්...මට ඕන මෙහෙම හිර වෙලා ජීවිතයක් නෙමෙයි...අපි මෙහෙන් යමු"

"ඔව් සීන් බොස්...හොඳම දේ මෙහෙන් යන එක...
දැනටම යිබෝ හැමදේම ලෑස්ති කරලා මම හිතන්නේ"

"ඔව් සීක්‍රට් අපිට අනිද්දා යන්න තියෙන්නේ"

මම කියන ඒවා අහගෙන හිටපු සීන් එතනින් නැගිටලා යනකොට මම ඒ පස්සෙන් යන්න හැදුවත් සීක්‍රට් මාව නවත්තගත්තා...

"ටිකක් තනියම ඉන්න දෙන්න යිබෝ...මේ හැමදේම එකවැර වෙන නිසා එයාට දරාගන්න කාලයක් ඕන ඇති"

"හ්ම්ම්"

"යන්න ඕන හැමදේම ලෑස්ති කරන්න"

"ඇඳුම් විතරයි නෙ තියෙන්නෙ...ඔයයි සෝහි මෙහෙ ඇවිත් ඉන්න...හෙට සීන් සන්ජින් හම්බවෙන්න යන්න ඕන කීවොත් එක්කන් යන්න"

"ඇයි ඔයා කොහෙද යන්නෙ"

"මම යනවා පපා හම්බවෙන්න"

ටික වෙලාවක් ඉදලා සීක්‍රට් යන්න යනකොට මම කාමරේට ආවේ සීන්ව බලන්න...ඇඳට වෙලා ලැප් එක අරගෙන මොනවද කර කර ඉන්න එයා ලගට ගිය මම එයාගෙ ඔලුව අතගානකොට එයා ලැප් එක පැත්තකින් තියලා මගෙ ඉණ වටේ අත යවලා මගෙ බඩට මූණ හේත්තු කරගත්තා...

"මම හොස්පිට්ල් එකට මේල් එකක් දැම්මා..."

"හ්ම්...හෙට මම පපා බලන්න යනවා"

"මාත් එන්නම්"

"කැමති නම් යමු...ඔයාට සන්ජින්ලව හම්බවෙන්න ඕන නැද්ද"

"ඕන...පපා බලලා එන ගමන් එහෙ යමු"

"හ්ම්...දැන් නිදාගන්න සීන්..."

එයාව ඇඳෙන් හාන්සි කරපු මම ලැප් එකත් පැත්තකින් තියලා එයා ලඟින්ම හාන්සි වුණේ අපෙ ජීවිත මොන වගේ වෙයිද කියලා හිතන ගමන්...



හිතන්න දේවල් ඕන තරම් තිබුණ නිසා නින්දක් ආවෙ නැති නින්ද ගියේ කීයටද දන්නෙ නැතු උනත් උදේ ඇහැරෙනකොට නම් 10 වෙලා තිබුණා...
සීන් වෙනදා වගේම කෑම හදලා ලෑස්ති වෙලා ඉන්නකොට ඇඟට දැණුන මත් ගතිය එක්ක බාත්රූම් එකට ඇවිත් සීතල වතුරෙන්ම නාගත්තා...උදේට කෑමත් කාලා සීන් එක්කම පපාගෙ ගෙදර යන්න ආව මම මගදි මාසෙකට වගේ කෑම බීමත් ගත්තේ මට ආය සල්ලි එවන්න කොච්චර කල් යයිද කියලා ශුවර් එකක් තිබුණෙ නැති නිසා...

"මිස්ටර් යිබෝ එන්න ඇතුලට"

"පපා රූම් එකේද"

"ඔව් සර්...දැන් වැඩිය රූම් එකෙන් එලියට එන්නෙම නැ...බෙහෙත් බීලා ඇඳට වෙලාම ඉන්න තමා බලන්නේ"

"එහෙම ඉන්න දෙන්නත් එපා...පුලුවන් නම් උදේටවත් ගාර්ඩ්න් එකේවත් ටික වෙලාවක් ඇවිදින්න එක්කන් යන්න..."

"හොඳයි සර්"

"ඔයා එහෙම කිවුවට පපා කැමති නැතුව ඇති සීන්...ඔයා කැමති නම් එන්න මම පපාගෙ රූම් එකට යනවා"

සීන් පපාව බලාගන්න කෙනාට උපදෙස් දෙනකොට මම අර බෑග්ස් ඔක්කොම පුටුවක් උඩින් තියලා පපාගෙ කාමරේට ආවා...

"පපා..."

"යිබෝ"

"හ්ම්...මම මෙහෙන් යනවා කියන්න ආවේ"

"කොහෙද"

"මම මේ රටෙන් යනවා පපා...ඔයා පරිස්සමෙන් ඉන්න...මම ඔයාට ඕන වියදම් ඔක්කොම එවන්නම්"

"ඔයාට වුණ ප්‍රශ්න මම දැනගත්තා..."

"සතුටුද"

"මම පිලිගන්නවා පුතා මම ඔයාට සලකපු විදිහ වැරදී කියලා...මම පසුතැවෙනවා මට සමාවෙන්න"

"දැන් වැඩක් නෑ පපා හැමදේම වෙලා ඉවරනෙ...මට ඔයා එක්ක තරහක් නැ..ඒ වගේම මට කිසිම හැඟීමකුත් නැ"

"යිබෝ..."

"මේ සීන්"

"මගෙ බෝයිෆ්‍රෙන්ඩ් පපා...ඔයා ඒක දැනගෙන ගොඩක් කල් නේ..."

"ඔව්...සීන් ඉස්සරහටත් මගෙ දරුවව බලාගන්න...මට බැරි වුණා එයාට හොඳ තාත්තෙක් වෙන්න ඒත් මට සතුටුයි එයාට හොඳ ආදරවන්තයෙක් ඉන්න එකට"

පපා සීන් එක්ක අද හොදින් කතා කරනකොට සීන් පපා දිහා බලන් හිටියේ මොනා කියන්නද කියලා හිතාගන්න බැරුව වගේ...ඔව් ඉතින් මෙච්චර කාලයක් එයාටත් හරියට කතා කරේවත් නැති මනුස්සයෙක් එකපාරටම මෙහෙම වෙනස් වුණාම එයාටත් හිතාගන්න බැරුව ඇති...

"එහෙනම් අපි යන්නම් පපා"

පපා දිහා ටික වෙලාවක් බලාගෙන හිටිය මම කාමරෙන් එලියට එනකොට සීන්ත් මගෙ පස්සෙන් ආවා...පපාව බලාගන්න දෙන්නටත් කතා කරලා මාසෙන් මාසෙට වියදම් එවන්නම් කියලා එහෙන් පිටත් වුණ අපි ඊලගට සන්ජින් ගෙ ගෙදර ආවේ සීන්ට ඉන්න එකම පවුල එයාලා නිසා...

සීන් කතා කරලා එනකන් වාහනේ හිටපු මම සීක්‍රට්ට කෝල් කරේ අද රෑ අපිත් එක්ක ඉමු කියන්න...මට දාලා යන්න බැරි දේවල් වලට හිටියේ සීක්‍රට් විතරයි...ඒත් මොනවා කරන්නද...

එන ගමන් රෑ කෑමත් අරගෙන ගෙදර ආව අපි සෝහි සීක්‍රට් එක්ක එනවා කිවුව නිසා ගෙදරත් අස් කරලා අපි දෙන්නගෙ ඇඳුම් බෑග්ස් ලෑස්ති කරන්න ගත්තා...හෙට උදේ ෆ්ලයිට් එක...

වෙනදා විහිලු කරන හිනාවෙන සීක්‍රට් අද වැඩිය කතාබහක් නැතුව ඉන්නකොට අද හැමෝටම වඩා මම කතා කරා...මේ අයගෙ වෙනස්වීම් මට දරාගන්න බැරුව හිටියේ...

"සීක්‍රට් මම උබට පුඩින් එකක් ගෙනත් ෆ්‍රිජ් එකට දැම්මා අරන් කනවා"

"එපා යිබෝ...මේ සීන් බොස්ට දෙන්න

"එයාට නෙමෙයි උබටනෙ ගෙනාවෙ කාපන්"

"ඔයාලා ගියාම මට කවුද යිබෝ මේවා ගෙනත් දෙන්නේ...මට කියලා සහෝදරයෙක්ට කියලා හිටියේ උබලා දෙන්නා විතරයි මල්ලී...මට ආයෙමත් තනිවෙන්න වෙනවද බන්"

"අපි ගියාට කතාබහ කරනවනෙ බන්...පුලුවන් නම් මම උබව දාලා යන්නේ සීක්‍රට්"

"ඒක මම දන්නවා...හැම වෙලාවෙම බොස් බොස් කිය කිය උබලා දෙන්නගෙ පස්සෙන් ආව මට මේක දරාගන්න අමාරුයි...මට දුකයි බන්...සීන් බොස් අනේ මට අඩන්න ඕනනේ"

"උබ ඇඩුවොත් මම උබට ගහනවා සීක්‍රට්"

"එතකොට තව ඇඩෙනවනේ....අනේ බොස්....මට දුකයිනෙ අප්පා"

සීක්‍රට් අවසානෙට අඩන්න ගන්නකොට සීන් ඇවිත් සීක්‍රට්ව බදාගත්තා....මට වඩා සීන්ට සීක්‍රට්ව දාලා යන්න බැරුව ඇති...

ඇඬිලි වැලපිලි ඔක්කොම ඉවර වෙලා නිදාගත්ත අපි උදේ 6ට වැදුණු එලාම් එකට නැගිට්ටේ එයාපෝට් එකට යන්න ගෙදරින් 7.30ට යන්න ඕන නිසා...

සීක්‍රට් උදේ ඉදන් සීන් පස්සෙ වැටිලා ඉන්නකොට නාගෙන ඇඳුමක් දාගත්ත මම හැමදේම චෙක් කරලා බෑග්ස් වාහනේට ගිහින් දැම්මා...සීන් තාමත් සීක්‍රට් ගෙ දුක අහනවා...

"සීන් අපි යන්න ඕන"

7.15ට ඒ දෙන්නා ලගට ගිය  මම යන්න ඕන කියනකොට ඔලුව වනපු සීන් සීක්‍රට් අත ඇරලා මගෙ ලඟට ආවා...

"සීක්‍රට් මෙන්න යතුරු...සෝහිත් එක්ක මෙහෙ ඉන්න...සමාවෙන්න මෙහෙම යන්න වෙනවට....ඒ වගේම මම වෙනුවෙන් සීන් වෙනුවෙන් කරපු හැමදේටම ගොඩක් ස්තුතියි...ආයෙමත් පුලුවන් දවසක අනිවාරෙන් අපි දෙන්නම එනවා ඔයාලව බලන්න...එතකන් පරිස්සමෙන් සතුටින් ඉන්න"

ඇස් වල පොරකන කඳුලු පාලනේ කරගෙන සීක්‍රට් අතට ගෙදර යතුරු දුන්න මම එක පාරක් එයාව බදාගෙන එහෙමම පහලට ආවේ තවත් එතන හිටියොත් මට ඇඩෙන නිසා...එයාලා ඉස්සරලා අඩන්න බැරිකමක් නැ ඒත් ඒකේන් වෙන්නේ ඊයෙ ඉදන්ම අඩන එයාලට තව දුක හිතෙන එක...


සීක්‍රට් අපෙ වාහනේ ඩ්‍රයිව් කරගෙන යනකොට අපි තුන් දෙනාගෙන් කවුරුත් කතා කරේ නැහැ...පහුවෙලා යන හැමදේම දිහා බලන් ආව මම එයාපෝට් එක ලගට ඇවිත් සීන්ගෙ අතින් අල්ලගෙන වාහනෙන් බහිනකොට සීක්‍රට් අපෙ පස්සෙන් පුලුවන් උපරිම දුර ආවා...නොහිතපු විදියට එයාපෝට් එකට සන්ජින් ඇවිල්ලා ඉන්නකොට එයාටත් කතා කරපු අපි ඒ හැමෝටම සමුදීලා එයාපෝට් එක ඇතුලට ආවේ අලුත් ජීවිතයක් පටන් ගන්න පලවෙනි පියවර තියන ගමන්...


වලාකුලු අතරින් අලුත් ලෝකෙකට යන අපි දෙන්නගෙ පැටලිලා තිබුණ අත් දිහා බලාගෙන හිටපු මම නින්ද ගිහින් ඉන්න සීන්ව මගෙ උරහිසට හේත්තු කරගත්තා...

"මම ඔයාව ඇහැරෙවුවද"

"නැහැ...තව කොච්චර වෙලා තියෙනවද ලෑන්ඩ් කරන්න"

"තව පැය 6ක් තියෙනවා සීන්...ඔයාට ආයෙම නිදාගන්න පුලුවන්"

"මට ඕන ඇහැරලා ඉන්න"

"හ්ම්...ඔයාට දුකයිද ඔයාගෙ ජොබ් එක නැති වුණ එකට"

"ම්හ්ක්...මට හොස්පිට්ල් එකක ජොබ් එක කරන්න පුලුවන්නෙ...තැන වෙනස් වෙන එක විතරයි වෙන්නේ"

"මමත් කරන්න ඕන දේ හිතලා ඉවරයි..."

"ඒ මොකක්ද"

සීන් මගෙ ලග ආයෙමත් කලින් වගේම ඉන්න එක මගෙ හිතට සහනයක් වෙනකොට එයා එක්ක පැය ගානක් කතා කරපු මට එහෙමම නින්ද ගිහින් තියෙනකොට සීන් මාව ඇහැරෙවුවේ තව පැයකින් අපි ස්විට්සර්ලන්තයේ කියලා...




එයාපෝට් එකෙන් එලියට ඇවිත් මම එතන තිබුණ වාහනේකට නැගලා යන්න ඕන තැන කිවුවම වාහනේ ඉස්සරහට ඇඳිලා යනකොට සීන් වීදුරුවෙන් එළිය බලාගෙන හිටියා...වෙනස්ම ලස්සන පරිසරයක් අපි වටේ තියෙනකොට හිතට දැනෙන සැහැල්ලුව විදින ගමන් මමත් අපෙ නවාතැනට යනකන් පහුවෙන දේවල් දිහා බල බල හිටියේ හරිම ආසාවෙන්...

මේ විදියට එන්න නොහිතුවත් කවදාහරි රටකට යනවා නම් ඒ එන්නෙ මෙහෙට කියලා මට ආසාවක් තිබුණා...මේ පරිසරයට මේ සුන්දරත්වයට පිස්සුවෙන් වගේ කැමති වුණ ආදරේ කරපු කෙනෙක් තමයි මම...

අපි යන්නෙ switzerland වල lucerne කියන සිටි එකට...මධ්‍යතන යුගයේ ගෘහ නිර්මාණ ශිල්පය වගේම හිම වලින් වැහුණු කඳු වලින් ලස්සන වුණ මේ සිටි එක සංචාරක ආකර්ශනය දිනාගත්ත තැනක්...

"Sir we are here"

"Oh...Thank you"

🚕 අදාල ගාන ගෙවපු මම බෑග් දෙකත් අත් දෙකෙන් අල්ලගෙන වටපිට බලන සීන් ලඟට ගිහින් හිටගත්තම එයා මගෙ දිහා බැලුවේ පුදුමෙන් වගේ...

"බෝ මෙහෙද අපි ඉන්නේ"

"ඔව්...මේක අපෙ ගෙදර...ඔයා කැමතිද සීන්"

"අනිවාරෙන් බොබෝ අනේ මම කැමති...
ඇත්තටම යිබෝ මෙහෙට එනකන් මගෙ හිතය හොඳ හැගීමක් තිබුණේ නැ ඒත් දැන්...අනේ මම මෙහෙට ආසයි"

"මගෙ කෝලම...යමු ඇතුලට ඔයාට මහන්සි ඇති"

උඩ පැන පැන මාව බදාගත්ත සීන්ව එක්කගෙන දොර ලගට ආව මම යතුර සීන්ට දීලා අඩියක් පස්සට වුණේ සීන්ට දොර අරින්න කියලා ඇස් වලින් ඉඟි කරන ගමන්...

සීන් දොර ඇරලා ඇතුලට ගිහින් වටපිට බලනකොට මමත් බෑග් දෙක උස්සන් ඇතුලට ආවා...

තනි තට්ටුවේ ගෙයක් උන මේක බොහොම සරල විදියට තිබුණත් කිසිම අඩුපාඩුවක් නැතුව තියෙන්න ඕනම කරන දේවල් හැමදේම තිබුණා...කාමර දෙකක් කිචන් එක බාත්රූම් එකක් කාමර දෙකේම ඩබල් සයිස් ඇඳවල් දෙකක් පොඩි මේසයක් එක්ක පුටුවක් අල්මාරි දෙකක් තියෙනකොට කෑම කාමරේ හය දෙනෙක්ට වාඩිවෙන්න පුලුවන් තරම් ප්‍රමාණේ එකක් වුණා...

සීන් වටේම බලනකොට සීන්ට කැමති කාමරයක් තෝරගන්න කියලා මම කිචන් එකට ගියේ දැනටවත් කන්නවත් දෙයක් තියෙනවද බලන්න...එන ගමන්වත් කන්න දෙයක් ගේන්න බැරි වුණානේ...

"සීන්....සීන් ඔයා කෝ"

"මම කාමරේ ඉන්නේ බෝ ඇයි"

"අපි මොනාද කන්නේ...මට මොකුත් ගේන්නවත් බැරි වුණානේ"

"ඔයාට බඩගිනිද...අපි මොකද කරන්නේ අපි මෙහෙ දන්නෙත් නැහැනේ"

"එළියට බැහැලා බලමු..."

සීන් බෑග්ස් ඔක්කොම කාමරේ තියලා ඒවා අස් කරන ගමන් ඉන්නකොට ලොකු බඩගින්නක හිටපු මට ඒ හැමදේටම වඩා ලොකු වුණේ කෑම කන එක...සීන්ගෙත් අතින් අල්ලගෙන දොර ලොක් කරගෙනම එලියට ආව මම පාර දිගේ ඇවිදගෙන ඇවිත් හම්බුණ අයගෙන් විස්තර අහගෙන පයින්ම ආවේ පොඩි සුපමාර්කට් එකකට...පොඩි කිවුවට පොඩි නැ හැමදේම වගේ තියෙනවා...

දැනට දවස් දෙක තුනකට බඩු වගේම සිම් දෙකකුත් අරගෙන ආව අපි කන්න දෙයක් හදාගෙන කාලා නාගෙන ඇදට වැටුනේ ඇඟේ මහන්සියට....



පහුවදා උදෙන්ම ඇහැරුණ මම සීන්ව හොයාගෙන එනකොට එයා කොහෙද යන්න ලෑස්ති වෙලා ෆෝන් එක ඔබ ඔබ ඉන්නකොට මම ගිහින් එයාගෙ උකුලෙන් ඔලුව තියාගත්තා...

"ඔයා කොහෙද යන්නෙ උදෙන්ම"

"ඔයාට මතකද මම චීනේ වැඩ කරපු හොස්පිට්ල් එකේ මගෙ සීනියර් ඩොක්ටර්...එයා කෝල් කරා...අදම මට හොස්පිට්ල් එකට යන්න කිවුවා...මම ගිහින් බලලා එන්නම් යීබෝ...ඉක්මනට ජොබ් එක හදාගන්න පුලුවන් උනොත් හොදයිනේ නේද"

"ඔයා තනියමද යන්නේ මමත් එන්නද"

"මට පුලුවන් බෝ...ඊයේ හම්බුන අන්කල් කිවුව විදියට මම බස් එකේ යන්නම්"

"එහෙනම් මාත් එන්නම්...මමත් වැඩ පටන් ගන්නම් අද ඉදන්ම"

"ඔයා මොකද කරන්නෙ බෝ"

"ඩාන්සින් උගන්වනවා...ඒ එක්කම මියුසික්"

"............"

"මොකද සීන්...මට ඕන වුණේ සින්දු කියන්න...ඉතින් මේකෙනුත් මට සින්දු කියන්න පුලුවන්...ඒ වගේම මම කැමති උගන්වන්න...මම දන්න දේ...අද මම ගිහින් එහෙදි තෝරලා බලපු කොලේජ් වලට ගිහින් බලනවා"

මම දන්නවා මේ දේවල් කරන්න ගොඩක් අමාරුයි කියලා ඒත්...කරන්නම වෙනවා....

=====================================

°°° අවසාන කොටස කිවුවට දිග වැඩිවෙන නිසා මම කොටස් දෙකකට කැඩුවා 🤗😌

තව ටිකකින් අනික් කොටසින් එන්නම් 💚❤️

🌼සිතූ🌼

Đọc tiếp

Bạn Cũng Sẽ Thích

29.1K 5.3K 42
දෛවය නම් වූ කරුමයට වෛර කරන මැරුනු පපුවක අයිතිකාරයෙක් , මැරුණු පපුවකට නැවත ගැහෙන්නට පණ දෙන දේව දූතයෙක් , මේ ඔබේ නොවූ ඔවුන්ගේ කතාව ඔබේ කරවන්නට දරන වෑය...
74.8K 18.9K 62
💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥
124K 21.8K 47
ඉරිතැලුනු මේ පොළොව මතට නොවී රුදු මේගයක්.... නිවා සනසාලන්න වන්න දිය බින්දුවක්
8.7K 1.4K 30
"ම-" "තමුසෙට එක පාර කතා කරන්න බැරි නම් මෙතනින් යනවා..මොන කරුමයක්ද යකෝ මේ??බොරුවෙන්ම ජීවත් වෙලා තමුසෙට එපා වෙන්නෙ නැද්ද ආහ්?" . . . තරහවත්,ආදරයත් මැ...