Turning Point

By SithuMethsadi85

35.4K 7.1K 1.1K

හිස් වෙලා තියෙන මගෙ ජීවිතේට අලුත් අර්ථයක් දෙන්න උත්සහා කරන ඔයාට හැමදාමත් ආදරෙයි ❤💚 More

Intro
01 👬❤️💚
02 👬💚❤️
03 👬💚❤️
04 👬💚❤️
05 👬 💚❤️
06 👬💚❤️
07 💚❤️
08 💚❤️
09 💚❤️
10👬 💚❤️
11 👬💚❤️
12 👬💚❤️
13 👬💚❤️
14 👬💚❤️ (BONUS)
15 👬💚❤️
16 👬💚❤️
17 👬💚❤️
18 👬💚❤️
19 👬💚❤️
20 👬💚❤️
21 👬💚❤️
22 👬💚💓
23💚❤️
24 💚❤️
25 👬💚❤
26 👬💚❤️
27 👬💚❤️
28 👬💚❤️
29 👬💚❤️
30 👬💚❤️
31 👬💚❤️
32 👬💚❤️
33 👬💚❤️
34 👬💚❤️
35 👬💚❤️
36 👬💚❤️
37 👬💚❤️
38 👬💚❤️
39 👬💚❤️
40 👬💚❤️
41 👬💚❤️
42 👬💚❤️
43 👬💚❤️
44 👬💚❤️
45 👬💚❤️
46 👬💚❤️
47 👬💚❤️
48 👬💚❤️
49 👬💚❤️
50 👬💚❤️
51 👬💚❤️
52 👬💚❤️
53 👬💚❤️
54 👬💚❤️
55 👬💚❤️
56 👬💚❤️
58 👬💚❤
59 👬💚❤
60 👬💚❤
61 👬💚❤
62 👬💚❤
63 👬💚❤
64 👬💚❤
65 👬💚❤
66 👬💚❤
67 👬💚❤
68 👬💚❤
69 👬💚❤
70 👬💚❤️
71 👬💚❤️
72 👬💚❤️
73 👬💚❤️
74 👬💚❤️
75 👬💚❤️
76 👬💚❤️
77 👬💚❤️
78 👬💚❤️
79 👬💚❤️
80 👬💚❤️
81 👬💚❤️
82 👬💚❤️
83 👬💚❤️
84 👬💚❤️

57 👬💚❤️

324 75 18
By SithuMethsadi85

මාව ඇදෙන් තියපු ගමන් එයා බාත්රූම් එකට ගියාම ඇද උඩ තිබුණ සැහැල්ලු ශෝට් එක ඇදගත්ත මුණින් අතට ඇදේ පෙරලුනේ ඇඟට දැණුන මහන්සිය නිසා ඉක්මනට නිදාගන්න...
ටික වෙලාවකින් යිබෝ එන සද්දෙ ඇහුණත් ලාවට නින්ද යන ගමන් හිටපු මම එහෙමම හිටියේ ඇඟට දැනෙන මහන්සිය නිසාම නින්ද නැති කරගන්න ලෝභකමේ...

=============================================

"ගුඩ්මෝනින් මිස්ටර් බින්"

"ගුඩ්මෝනින් යිබෝ...ඔයා වෙලාවටම ඇවිත්"

උදේම ඇහැරුණ මම මිස්ටර් බින් ගෙ ස්ටූඩියෝ එකට ආවේ අද මගෙ පලවෙනි ෆොටෝ ශූට් එක කරන නිසා...ඊයේ රෑ...හ්ම්ම් ඒ ගැන මට දැනෙන්නෙ පසුතැවීමක්...මට තිබුණා ඉවසන්න...ඒත් දැන් හැමදේම වෙලා ඉවරනෙ...

"යිබෝ යමුද...ජෙනී යිබෝව රෙඩි කරන්න අපි ඉක්මනට ශූට් එක පටන් ගන්න ඕන"

"Ok sir"

මිස්ටර් බින්ට හිනාවක් දුන්න මම අර කෙල්ල පස්සෙන් ආවා...මේකප් රූම් එකක් ඇතුලට ආව මම දොර ලග ඉන්නකොට...

"ගුඩ්මෝනින් සර්..ඇතුළට එන්න...මෙතන තියෙන්නෙ සර්ගෙ ඇඳුම්...එහෙනම් අපි වැඩේ පටන් ගමුද සර්"

"හ්ම්"

පොඩි තිගැස්මක් හිතේ තිබුණත් බාරගත්‍ත වැඩේ කරන්නම ඕන නිසා මේකප් ආර්ටිස්ට් කියලා හිතන්න පුලුවන් කෙනෙක් මගෙ අතට ඇදුමක් දීලා ඇදගෙන එන්න කිවුවා...එයාගෙ උදවු ඇතුව ලෑස්ති වුණ මම ශූට් එක කරන තැනට ආවෙ එලියෙ හිටපු අයගෙ අවධානේ මට ලැබෙනකොට දැණුනු ලැජ්ජාවත් එක්කමයි...

"එන්න යිබෝ..."

මිස්ටර් බින් මගෙ ළඟට ඇවිත් හැමදේම පැහැදිලි කරලා වැඩේ පටන් ගන්නකොට මාත් මට පුලුවන් උපරිමෙන් වැඩේ හොදට කරා...ඇඳුම් දෙක තුනක්ම ඇදලා එක එක විදියට ෆොටෝස් අරගෙන වැඩ ඉවර වෙද්දි දවල් වෙලා...

"වැඩේ ගොඩක් හොදට වුණා යිබෝ...ඇත්තටම මට සතුටුයි ඔයාව මේ වැඩේට තෝරගත්ත එකට..."

"මටත් ගොඩක් සතුටුයි සර් එක්ක වැඩ කරන්න ලැබෙන එකට..."

"අද මම ගානේ ලන්ච් එක...යමු යිබෝ"

ඉක්මනට ගෙදර යන්න හිතාගෙන හිටියත් බින් සර්ගෙ වචන අහක දාන්න බැරි වුණ මම එයාගෙ ස්ටාෆ් එකෙ කිහිපදෙනෙකුත් එක්ක ලන්ච් වලට යන්න කැමති වුණා...




"සීන්...සීන්"

හවස තුන වගේ වෙනකොට ගෙදර ආව මම වටපිට බලලා සීන්ට කතා කරේ තාම ගෙදර ජනේලයක්වත් ඇරලා නැති නිසා...සීන් ගෙදර නැද්ද...

"සීන්...මොකද මේ"

ෆ්‍රිජ් එකෙන් වතුර බෝතලයකුත් ගත්ත මම සීන්ගෙ කාමරේට එබිල බලනකොට එයා බෙල්ල ලගටම එනකන් පොරවගෙන නිදි...

"සීන්..ඒයි නැගිටින්න මොකද මේ"

"බොබෝ...ඔයා ආවද"

"ඔයා වැඩට ගියෙ නැද්ද..."

"නැහැ අද මම...නිවාඩුවක් දැම්මා"

"ඇයි...ඔයාට අමාරුයිද"

සීන්ගෙ මූණෙන් මලානික පෙනුමක් තියෙනකොට බෙඩ් සයිඩ් කබඩ් එක උඩ තිබුණ වතුර වීදුරුව එයා අතට දුන්නා...

"තැන්ක්‍යූ..."

"කාලද ඉන්නේ "

"තාම නෑ"

"ඇයි ඒ ආ...දැන් හවස් වෙලානේ"

"දැන් මොනා හරි හදාගන්නම්"

යටිබඩට අත තියාගෙන නැගිටින්න හදපු සීන්ව හරහට ගත්ත මම කුස්සියට එක්කගෙන ඇවිල්ලා පුටුවකින් තියලා නූඩ්ලස් එකක් හදන්න ගත්තේ ඉක්මනට හදාගන්න වෙන දෙයක් නැති නිසා...ඒකටම බිත්තරයක් කඩලා දාලු මම සීන් ලගට ගිහින් දුන්නම එයා සද්ද නැතුව නූඩ්ලස් එකම කන්න ගත්තේ මගෙ දිහා බලන්නෙවත් නැතුව...කිරි එක්කුත් හදලා දිලා එයාගෙ ඉස්සරහින් වාඩිවුණ මම,

"අමාරුවක් තිබුණා නම් මට කතා කරන්න එපැයි සීන්...තමුසෙගෙත් හරියට ලොකුකමනේ...බඩගින්නෙ හිටියේ මුලු දවසම පිස්සෙක්ද තමුන්"

"උදේ අමාරුවක් තිබුණේ නැ යිබෝ මම painkillers  ගත්තා...ඒත් දවල් වෙනකොට තමා පොඩ්ඩක් අමාරු වූණේ...අනික මම ඔයාට කෝල්ස් ගත්තා ඔයාගේ ෆෝන් එක වැඩ කරේ නැ..."

හරිනේ අද උදේ ඕෆ් කරපු පාර මට ෆෝන් එක ඔන් කරන්න අමතක වුණානෙ...

"හ්ම්...දැන් කාමරේට යමු ටික වෙලාවක් නිදාගන්න..."

"යිබෝ"

"ම්"

"අර චිට් එක"

"මොන"

"අර උදේ ඔයා...මේ බෙඩ් සයිඩ් කබඩ් එක උඩ තියලා ගිහින් තිබුනේ"

"ඉතින්"

"ඒක ඇත්තද...ඔයා ඊයේ රෑ ගැන පසුතැවෙනවද"

"ඔව්...මට එහෙම කරන්න ඕන වුණේ නැ...බය වෙන්න එපා ආය කවදාවත් අපි අතරේ එහෙම වෙන්නෙ නෑ"

"මම කැමැත්තෙන් හිටියෙ යිබෝ...ඉතින් ඇයි පසුතැවෙන්නේ"

"කතා ඇති...කාලා ඉවර නම් යමු"

සීන්ව ආයම උස්සගත්ත මම එයාව ඇඳෙන් තියලා යන්න හදනකොට මගෙ අතින් අල්ලගත්ත සීන්..,

"යිබෝ අපි ගමනක් යමුද"

"කොහෙද"

"යමුද කියන්නකෝ...මාව එක්කගෙන යනවද ප්ලීස්"

"හරි ලෑස්ති වෙන්න"

හිනාවෙලා මගෙ අත අත ඇරපු සීන් ඇදෙන් ඇදෙන් නැගිටලා අල්මාරිය ලඟට යනකොට මම එයාගේ කාමරෙන් එලියට ආවා...

"මම ලෑස්ති බෝ"

"යමු..."

සීන් මගෙ පස්සෙන් හෙමීට එනකොට කාර් එකේ දොර ඇරලා දුන්න මම ඩ්‍රයිවින් සීට් එකේ වාඩිවෙලා සීන් දිහා බැලුවේ කොහෙද යන්නෙ කියලා දැනගන්න...

"යමුකො මම කියන්නම්"

එතනින් එහා කිසිම වචනයක් නොකියපු සීන් මට යන්න ඕන පාර විතරක් කියලා නිහඬව හිටියේ මාත් එයා එක්ක කතා කරන්න උත්සහා නොකරනකොට...

"ඔතනින් හරවලා කෙලින්ම යන්න"

"සීන්...අපි මේ යන්නෙ තමුන්ගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඉන්න දිහාට නේද ආ...තමුන් මොන මගුලටද මාව එක්කගෙන යන්නේ"

ඊයෙ ගිය අතුරු පාරට හරවන්න කියනකොට ඩ්‍රයිව් කරන ගමන්ම මම කෑ ගැහුවේ සීන්ව වාහනෙන් එලියට දාන්න තරම් කේන්තියක් ආවත් ඒක පාලනේ කරගෙන...

"කලබල නොකර යමුකො...ඔයා හැම වෙලාවෙම කලබලයි කවුරුත් කියන දෙයක් අහන්න ලෑස්ති නැ"

"දැන් මොනවද තමුන් මට අහන්න කියන්නෙ ආ"

"වාහනේ කොහෙවත් අයින්නෙ නැතුව ඉස්සරහට බලාගෙන යන්නකො බෝ...අහන්න ඕන දේවල් මම ගියාම කියන්නම්"

අමාරුවෙන් උනත් මාව පාලනේ කරගෙන වාහනෙ ඊයෙ සීන් ආව ගෙදර ඉස්සරහින් නවත්තපු මම  සීන් දිහා බැලුවා...මගෙ දිහා බලලා මොකුත්ම නොකියා වාහනෙන් බැහැපු සීන් ගෙදර පැත්තට යනකොට මාත් ඒ පස්සෙන් ගියේ ඊයේ රෑ හරියට බලාගන්න බැරිවුණ වටපිටාවත් බලන ගමන්...

මේන් රෝඩ් එකෙ ඉදන් විනාඩි දහයක විතර දුරින් තිබුණ මේ ගෙදර වටේටම ගස් වලින් වටවෙලා තිබුණා...ඒ වගේම සාමන්‍යයෙන් ලොකු මිදුලකුත් තිබුණා...මිදුලේ අයිනක මල් වලලා...හැබැයි එකම මල් වර්ගයක් විතරයි...වටේ බල බල හිටපු මම අඩියට දෙකට ගේ ඇතුලට ගියේ සීන්ව බලන්න...

"වාඩිවෙන්න යිබෝ..."

සීන් තව ගෑණු කෙනෙක් එක්ක කතා කර කර ඉන්නවා දැකපු මම හෙමීට එතනට එනකොට සීන් මට සෝෆා එක පෙන්නල වාඩිවෙන්න කීවා...

"ඩොක්ටර් එනවා කීවා නම් ශියුන් නිදාගන්නෙ නැතුව බලාගෙනම ඉදි...දැන් පැය බාගෙකට වගේ කලින් තමයි නිදාගන්න ගියේ.."

මල විකාර....

"මේ කවුද ඩොක්ටර්"

එතන හිටපු ගෑණු කෙනා මාත් එක්ක හිනා වෙලා සීන්ගෙන් මම කවුද අහනකොට මම අහක බලාගත්තේ වැඩිය කතා කරන්න අකමැති නිසා...අද නම් වැඩිය තියා කොහොමත් කතා කරන්න ඕන වුණේ නෑ...

"ආ මේ යිබෝ...මම බදින්න ඉන්න කෙනා"

මොකා....ක් මේ මම...මූව බදින්න...කවද්ද ආ...කවද්ද මම එහෙම දෙයක් කිවුවේ....

සීන් දිහා පුදුමෙන් බලනකොට සීන් මගෙ දිහා බලලා හිනාවක් දුන්නෙ අර ගෑනු කෙනත් ආයම මගෙ දිහා බලලා හිනාවෙනකොට...

මේ මොන කෝලමක්ද...අනික තමන්ගෙ කෙල්ලගෙ ගෙදරට ඇවිත් බදින්න ඉන්න එකා කියලා මාව පෙන්නන්න සීන්ට අමු කැවිලද...හෝ...ව් එතකොට මෙ..සීන්ගෙ වෙන්න නැන්දම්මද...වෙන්න බැ...එච්චර වයසක් පේන්නෙ නැනෙ...අනික වෙන්න නැන්දම්මා නම් බදින්න ඉන්නේ මාව කියන්නෙ නැනේ...

"යිබෝ...බෝදි ඒයි"

"ආ ආ ඔව් ඇයි"

ගෑනු කෙනා දිහා බලාගෙන කල්පනා සයුරේ පීනන ගමන් ඉදපු මම සිහියට ආවේ මගෙ කලවයකට සීන්ගෙන් ලැබුණු මනරම් පහරින්...

"මොන සිහියෙන්ද ඉන්නෙ...මේ ඉන්නේ ශුමින්...නර්ස් කෙනෙක්"

"ආ හායි...මම වන්ග් යිබෝ"

කියන්න දෙයක් නැති මම එහෙම කියලා යන්තම් හිනා වෙනකොට මගෙ දිහා බලාගෙන ඉදපු සීන් වගේම අර ගෑණු කෙනත් පුටුවෙන් නැගිට්ටේ සීන් මගෙ අතට  ඇනලා එන්න කියලා කියන ගමන්...

"යිබෝ...අර ඉන්නේ ශියුන්...මම අද ආවේ එයාට ඔයාව අදුන්වලා දෙන්න...අපෙ වෙලාවටම එයා නිදිනේ..."

කාමරේකට ආව සීන් නිදාගෙන හිටපු කෙල්ලව පෙන්නලා කතා කරනකොට මම මොකුත්ම නොකියා අහගෙන හිටියා...

"එයාව මට හම්බවුණේ ගන්සු වලදි...ඔයාගෙන් පුලුවන් තරම් ඈතකට යන්න ඕන කියලා හිතපු මම නැවතුනේ ගන්සු වල...එහෙ ගොඩක් දුෂ්කර පැත්තක් යිබෝ...මම එහෙ මානසික රෝහලක තමයි වැඩ කරේ...රෝහලක් කිවුවට ඒකට රෝහලක් කියන්නත් බෑ...මෙහෙ වගේ සැප පහසුකම් එහෙ තිබුණේ නැහැ...සමහර වෙලාවට අපිට ඕන කරන බෙහෙත් වර්ග පවා ගෙන්නගන්න අපහසුයි...ඒත් මම එතන පුලුවන් උපරිමෙන් වැඩ කරා...එයාලත් මිනිස්සු...මාත් එක්ක තව එක ඩොක්ටර් කෙනයි හිටියේ...අපි දෙන්නා ඒ රෝගින් වෙනුවෙන් අපිට කරන්න පුලුවන් හැමදේම කරා...එහෙම ඉන්නකොට තමයි මට ශියුන්ව හම්බවූණේ..."

ඇදේ වාඩිවෙලා ඒ කෙල්ලගෙ ඔලුව පිරිමදින ගමන් මගෙ දිහා බලපු සීන් ගෙ මූණේ යන්තම් හිනාවක් ඇදිලා තිබුණා...

"මෙයාටත් එතකොට..."

"හ්ම්ම්...මෙයාට දැන් වයස 21ක්...මගෙ පුංචි කෙල්ල"

(පුංචි...යකෝ අපි එක වයස වගේනේ...අනික මගෙ ලු...යැයි යැයි යැයි) හිතුවා විතරයි කියන්න ගියේ නැ...මොකද මෙතන නර්ස් නෝනත් ඉන්නවනෙ...

"එයාට මොකද වුණේ"

"යමු...වාඩිවෙලා කතා කරමු"

ශියුන්ට බෙඩ්සීට් එක හරියට පොරවපු සීන් ඇදෙන් නැගිටිනකොට මම කාමරෙන් එලියට ආවා...

"පුංචි කෙල්ලට ඉරිසියා කරන්න එපා බෝ"

"මේ මම...කොයි වෙලාවෙද...පිස්සුද"

"හහ් හා...මම දැක්කනේ මම ශියුන්ගෙ ඔලුව අතගාන වෙලාවේ මෙයාගෙ මුණ..."

"පිස්සු"

"එයා හරි පව් බෝදි...එයාගෙ අම්මටයි තාත්තයි හිටපු එකම ළමයා තමා ශියුන්...ඉතින් ඒ දෙන්නා මෙයාට ගොඩාක් ආදරේ කරාලු...මෙයාල මහ ගොඩක් සල්ලි තියෙන මිනිස්සු නෙමෙයි බෝ...මෙයාලා විතරක් නෙමෙයි ඒ පැත්තේ ගොඩක් අයට එහෙමයි...කුලී වැඩ ගොවිතැන් වගේ දේවල් කරලා තමයි එයාලා සල්ලි හොයන්නෙ...එයාගෙ තාත්තා නගරෙට ආවේ බිල්ඩින් එකක් හදන්න අත් උදවු දෙන්නලු...ඒ වැඩ කරනකොට වැටිලා ශියුන්ගේ තාත්තා නැතිවෙලා...ඒ අදාල කම්පැනි එකෙන් ශියුන්ගෙ අම්මට වන්දියක් දීලා...ඒ සල්ලිත් තියාගෙන ශියුන්ගෙ අම්මා එයාලට අයිති ඉඩමේ වගාවක් කරගෙන ඉදලා...එහෙම හිටපු අම්මත් පපුවෙ අමාරුවක් ඇවිත් නැතිවෙලා..."

"එහෙ හොස්පිට්ල් එකක් නැද්ද"

"අපි වැඩ කරපු එකේම එහා පැත්තේ පොඩිවට තියෙනවා...ඒත් ඔයා හිතනවද ඒවගෙ ඕන කරන බෙහෙත් තියෙයි කියලා...හරියට ඩොක්ටර් කෙනෙක්වත් නෑ"

"හ්ම්ම්"

"මෙන්න ඩොක්ටර් බොන්න"

මෙච්චර වෙලා හිටපු නැති නර්ස් කෝපි එක්ක බිස්කට් අරගෙන ඇවිත් අපෙ ඉස්සරහින් තියලා යනකොට සීන් මට කෝපි කෝප්පයක් අරන් දුන්නා...

"මෙහෙ ඉතින් ඉතුරු වෙන්නෙ මේ බිස්කට් එක විතරයි...එයා මේ රසට ආස නෑ...නැත්තං ඉතින් අද අපිට කෝපි විතරයි..."

බිස්කට් දිහා බලලා හිනා වුණ සීන් කෝපි එක බොන්න ගත්තේ මම එයා දිහාම බලාගෙන ඉන්නකොට...

"මොකද මම ලස්සනයි ද"

"වෙන නැත්තං"

"ආ ඇයි මොකද...මම නැති ටිකට වෙන කවුරුහරි හොයාගත්තද"

"ඔව්"

"අනේ බොරු නොකියා ඉන්නවා...මම දන්නවා එක්කෙනෙක් හූල්ල හූල්ල හිටපු විදිහ"

"හහ්...උබ ඒ හැමදේම දැනගෙන නේද සීන් මට...නැ නෑ  වැඩක් නැ...ඕවා කියලා වැඩක් නැ...මට තවත් මටම රිද්ද්ගන්න ඕන නැ"

"යිබෝ සොරි මම වි.."

"ඉතුරු ටික කියන්න...මොකද ටිකකින් මම යන්න ඕන"

සීන් හිනා වෙවි කියපු දේට හිත රිදුණේ නෑ කිවුවොත් බොරු...මම විදවන තරම දැනගෙන තමා සීන් ඒ විදියට ඈත් වෙලා හිටියේ...ඒකද තමුන්ගෙ මහ ලොකු ආදරේ සීන්...

"අම්මයි තාත්තයි දෙන්නම නැති වෙනකොට ශියුන්ට අවුරුදු දොලහයිලු...ඊට පස්සෙ එයාව හදාගෙන තියෙන්නෙ එයාගේ ආච්චි සීයයි..අම්මගෙ තාත්තගෙ මරණෙන් පස්සෙ ශියුන් ගොඩක් වෙලාවට තනියම ඉන්න පුරුදු වෙලා...දුක නිසා එහෙම ඉන්නවා ඇති කියලා හිතලා ආච්චි සීයයිත් මොකුත් කියලා නැ...ඒත් ශියුන් දිගටම ඉදලා තියෙන්නේ තනියම...වෙලාවකට ආච්චි එක්ක කතා කරනවලු...ඒ මිනිස්සුන්ට ශියුන්ව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න කියලා දැනුමක් නැහැ යිබෝ...එයාලා කොහෙද මන්දා තැනකට ගිහින් යන්තර මන්තර නම් කරලා...ඒත් වෙනසක් නැති තැන එයාලා ඒවත් නවත්තලා...එහෙම කාලේ ගෙවෙනකොට ශියුන්ට අවුරුදු 17ක් 18ක් විතර උනාම ආච්චිත් නැති වෙලා..ඒ හැමදේකම බලපෑම නිසා අද එයා ඉන්න විදිහ තමයි මෙ...මට එයාව හම්බවෙනකොට එයා ගොඩක් නිහඬයි...හැබැයි සමහර වෙලාවල් තිබුණා එයා අම්මව තාත්තව හොයලා කලබල කරන...ඒ වෙලාවට එයාව පාලනේ කරගන්න අමාරු වෙලා අපි ඉන්ජෙක්ෂන් පවා දුන්නා..."

"හරියට මට කරා වගේ"

"හ්ම්ම්...ශියුන්ට වයස 21ක් උනාට එයා තාම හැසිරෙන්නෙ  අවුරුදු 12ක 13ක ළමයෙක් වගෙ..එයා හොයන්නෙ අම්මගෙ තාත්‍තගෙ ආදරේ...මම ටික ටික එයාට ලං වුණාම මුලදි එයා බය වෙලා කලබල කරා...පස්සෙ පස්සෙ එයා මට හුරු වුණා...එදා ඉදන් එයා මගෙ බබා මම එයාගේ ගාගා...ඔයාගෙ විදියට කියනවා නම්...මගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්"

"දැනගෙන නෙමෙයි කිවේ...එයාව දැක්කම පේන්නෙ සාමන්‍ය කෙනෙක් වගේ"

"ඒක තමා දෙයක් දැනගන්නෙ නැතුව කලබල වෙන්න එපා කියන්නෙ..."

"එයාව මෙහෙ තියලා තියෙන්නෙ ඇයි...හොස්පිට්ල් එකට එක්කගෙන යන්න පුලුවන් නේ"

"එයාව මම එක්කගෙන ආවේ සනීප කරන්න...ඉතින් මට බැ එයාට කරදරයක් වෙන්න දෙන්න...ශියුන් ගොඩක් ලස්සන ළමයෙක්...ඒ නිසා මට බය හිතුනෑ එයාව හොස්පිට්ල් එකේ තියන්න...ගමේදිත් ශියුන්ගෙ තත්ත්වේ දැනගෙන නරුමයෙක් ශියුන්ට කරදර කරන්න ගිහින් තිබුණා...ගමේ කොල්ලෙක්මයි එයාව බේරගෙන තිබුණේ...මෙහෙදිත් එහෙම දෙයක් වෙයි කියලා මට බයයි බෝ"

"හ්ම්ම්"

"අපි ශියුන්ව බලන්න වෙන දවසක එමු...එයා කොහොමත් බෙහෙත් සැරට ගොඩ වෙලාවක් නිදාගන්නවා...මම කොහොමත් දවසකට එක පාරක් මෙහෙ එනවා...ශියුන් මාව දැක්කෙ නැත්තං කලබල කරනවා..ඊයේ උනෙත් එහෙම දෙයක්..."

"එයාලට මෙහෙ ආරක්ශාව හොදයිද"

"ඔව් අනිවාර්යයෙන්ම...සීක්‍රට් ගේ ගෝලයෝ මම මෙහෙටත් දාලා තියෙන්නෙ...ආරක්ශාව ගැන බය වෙන්න දෙයක් නැ...ඔහොම ඉන්න මම ශියුන්ව ටිකක් බලලා ශුමින්ට අපි යනවා කියලා කියලා එන්නම්.."

කෝපි කෝප්පත් අරගෙන යන සීන් දිහා බලාගෙන හිටපු මම සෝෆ එකෙන් නැගිටලා එලියට ආවේ හිතට අමුතු නොතේරෙන හැඟීමක් දැනෙන නිසා...

මට දුකයිද...පසුතෑවිමක්ද..තේරුම් ගන්න බැරි හැගීම් ගොඩක් මගෙ හිතේ තියෙනවා...

"මොනාද හිතන්නෙ..."

පිටිපස්සෙන් ආව සීන් මගෙ අතේ එල්ලෙනකොට එයා දිහ බලපු මම ආයෙමත් ඉස්සරහා බලාගත්තේ මොනා කියන්නද කියලා හිතාගන්න බැරුව...

"මම හිතුවෙ මමයි ශියුන් ගැනයි"

"ඇයි මොකද...ශියුන්ව බදින්නවත් හිතුවද...ඒවා නම් හීන තමයි බෝදි..ඔයා වගේ යකෙක්ට මම මගෙ බබාව දෙන්නෙ නැ...ඕවට නම් එන්න එපා හරිත"

"ඒ මගුලක් නෙමෙයි...මම දෙමාපියන්ගේ ආදරේ නැතුව හිරිහැර දරාගන්න බැරුව පිස්සෙක් වෙනකොට ශියුන්...අම්මගෙ තාත්තගෙ ආදරේ දරාගන්න බැරුව ඒ ආදරේ නැති තැන පිස්සෙක් වෙලා...එයා පවු"

"හිතන්න එපා..එයාට දැන් ගොඩක් දුරට හොදයි...ඔයාව සනීප කරා වගේම මම එයාවත් සනීප කරනවා"

"ඔව් මට විශ්වාසයි ඔයා ඒක කරනවා කියලා"

සීන් දිහා බලල යන්තම් හිනාවක් දුන්න මම එයා එක්කම ඇවිත් වාහනේට නැග්ගා...

====================================

°°°ආයම ඊළඟ කොටසින් එන්නම් 💚❤️👉👈😚

🌼සිතු🌼

Continue Reading

You'll Also Like

64.8K 3.6K 57
ထုံးစံတိုင်းပါဘဲ 18+ပါ ကြိုက်မှလာဖတ်ကြပါရှင်။
96.8K 22.3K 57
සීත සුළඟට නටන අකීකරු කෙස් රොදක්.... දගකාර ඇස් දෙකක නොහික්මුණු හිනාවක්... ගල් හිතක් දිය කෙරූ කටකාර පෙම් කවක්..... තණබිමේ කුමරුගේ අහිංසක කතාවක්...
114K 22.6K 50
නුඹ සාමාන්‍ය ඇතුන් අතරේ සිටින දළ ඇතෙක්... ඔව් නුඹ දළ ඇතෙක්.... වර්ණ ගන්වා ආටෝප කරන්නට අවැසි නැති පරිපූර්ණ මිනිසෙක් .... පියවරක් ඔසවා තබන් පියවරක් පාස...
55.3K 14.1K 50
ලෝකයෙන්ම සැඟව ගිය පාරාදීසයක්....... නොවේ...... රාජධානියෙන් වෙන්ව පවත්නා රහසිගත සුව අරනක්..... අහෝ....... ඉදින් එවන්නක් දකින්නට කෙදිනක උදාවේවිද වාසනා...