Fly to air ✈️ [Zhanyi Complet...

By HashiHiru

192K 27.7K 5.1K

අහස් කුස පවා සවන් දෙන ආදරයක්...✈ More

Handsome Pilot ✈
His ' patiee ☘️' ✈
Flying 03✈
Flying 04✈
Flying 05✈
Flying 06✈
Flying 07✈
Flying 08✈
Flying 09✈
Flying 10✈
Flying 11✈
Flying 12✈
Flying 13✈
Flying 14✈
Flying 15✈
Flying 16✈
Flying 18
Flying 19✈
Flying 20✈
Flying 21
Flying 22✈
Flying 23✈
Flying 24✈
Flying 25✈
Flying 26✈
Flying 27✈
Flying 28✈
Flying 29✈
Flying 30✈
Flying 31✈
Flying 32✈
Flying 33✈
Flying 34✈
Flying 35✈
Flying 36✈
Flying 37✈
Flying 38✈
Flying 39✈
Flying 40✈
Flying 41✈
Flying 42✈
Flying 43✈
Flying 44✈
Flying 45✈
Flying 46✈
Flying 47✈
Flying 48✈
Flying 49✈
Flying 50✈
Flying 51✈
Flying 52✈
Flying 53✈
Flying 54✈
Flying 55✈
Flying 56✈
Flying 57✈
Flying 58✈
Flying Windy Willows ☘️
Our Life " Windy Willows ☘️✈"
Our holiday ✈🥀
✈ stars 🌟

Flying 17✈

3.3K 476 60
By HashiHiru

මම උදේ නැගිටිද්දිත් මහන්සිය නිසාම නවය කිට්ටු උනා..... කොහොමහරි යාන්තමට බඩ පිරෙන දෙයක් උදේට හදාගත්ත මම ඒකත් කාලා ලැප් එක ඔන් කරන් ඇදට ආවෙ ෆිල්ම් එකක් බලන්න කියල ...අද ඉතිං මගෙ නිවාඩු දවසනේ.......

ෆිල්ම් එකක් හොය හොය යද්දිම දොරේ බෙල් එක වදින සද්දෙ ඇහුනා.....සමහර විට එයා ඇවිත් ඇති ....අද උදෙත් මැසේජ් එකක් දාලා තිබ්බා දවල් වෙලා එන්නම් කියල ......

මම උඩට එකක් ඇදන් ඉදියෙත් නෑ..... අව්ලක් නෑ ඔන්නෝහෙ....මම ගිහින් දොර ඇරියා....හිතුවා හරි එයා තමයි ඇවිත් ඉදියේ.....

" බබා..... "

" එන්න අයියේ......"

" කෑවද බබා....."

එයා ඇවිත් ආව ගමන්ම පුරුදුකාරයෙක් වගේ සෝපා එකේ ඉදපු මගේ කුකූවත් එළවල දාලා සෝපා ඒකේ දිගාඋනා...පව් අර සතා.....ඌ දැන් අන්ද මන්ද දූපතෙන් බැස්ස මොකෙද්ද එකෙක් වගේ ඇස් පොඩි කර කර වට පිට බලනව.....

" හ්ම්ම්....අයියා කාලද ආවෙ...."

මම ගිහින් කුකූව උස්සල පුටුවක් උඩින් තිබ්බා.....

" කන්නෙ කොහෙද බන් දැනුයි නැගිට්ටේ......නැගිට්ට ගමන් දුවන් ආවා ඔන්න සුදු මැණික බලන්න...."

"කලින් කිව්ව නම් ඔයාටත් එක්ක උයනවනේ......"

" බඩගිනි නෑ සුදු මැණික ....මම පාන් පෙත්තක් හප හප ආවෙ..... මැණික කෑවනේ...."

" හ්ම්ම්..... මොනවහරි බොන්න හදන්නද ......"

" ඔක්කොටම කලින් ගිහින් ශර්ට් එකක් දාන් එනව.....ඔය රෝස පෙති දැක්කහම මගේ තමයි සිල් බිදෙන්නේ ඔන්න ....."

මෝඩයා.....ඒක කියපු කැත.....මම එයාට රැව්වා...

" ඔයා මහ වල් අයියේ ....හුහ්......"

" ඉතිං යකෝ පේන දේනේ කිව්වේ....."

" කලබලේට දුවන් ආවෙ......අමතකුනා ලෝක ඇම්ඩා ඇවිත් ඉන්නේ කියල ...."

මම එහෙම කියල ඉක්මනට අඩි තිය තිය කාමරේට දිව්වා....

" මැණිකෝ...... උඹ මට අහුවෙයන්කො හරියට......"

මම රූම් එකට ගිහින් ටී ශර්ට් එකක් දාගෙන ආයේ ආවා......

" හෙට ගමන රෙඩීද....."

" තාම මුකුත් ලෑස්ති කලේ නෑ ඉතිං ....."

" එන්න මෙතනට...."

එයා මට එයා ළගට කතා කළාම මම ගිහින් එතනින් වාඩි උනා....එයා එයාගෙ ඔලුව මගේ උකුළෙන් තියාගත්තා....

" බබී......"

" ම්ම්......"

" මට හරියට වචනයක් දෙනවකෝ...."

" ඇයි හලෝ මම වචනයක් දීලා ආදරෙයි කියලත් කිව්වේ...."

" මැට්ටා........."

එයා මගේ නහය කෙනිත්තුවා .....

" එනව නේද.....අපේ ගෙදර යන්න...."

එයා මගේ අත අරන් එයාගෙ කම්මුලකින් තියාගත්තා...

" ම්ම්ම්.......කියන්නකෝ......මට ආසයි ඔයාව අපේ ගෙදර හැමෝටමයි නෑදෑයො ඔක්කොටමයි පෙන්වන්න....මේ ඉන්නෙ මගේ boyfriend කියල ...."

" අනේ මන්දා අයියේ.... මට බයයි වගේ....."

" ඇයි බය.....මන් ඉන්නවනේ....."

" ඒ උනාට ඉතිං ......"

" මේ අහන්න සුදු මැණික .....මම ඔයාට ආදරේ කරන්නේ ඇත්තටමයි.... ඒ නිසා කවදාවත් මම ඔයාව රවට්ටයි කියල තුන් හිතක වත් කහටක් තියාගන්න එපා වස්තුව....."

" අනේ එහෙම දෙයක් නෙමෙයි අයියේ.....මට නිකන් බයයි වගේ....ලැජ්ජයි ......."

" මාත් එක්කනේ මැණික එන්නේ....මොකටද බය වෙන්නේ......"

" ඒත්....මම දුප්ප......"

" ෂ්........ ඇති ඇති .....ඔච්චර කියවන්නේ...... දෙතැහැයි හොම්බට දෙකක් ඉතිං ......."

එයාගෙ අත තාමත් මගේ තොල් මිරිකල .....මම එයාගෙ අත අයින් කලේ බලෙන්....

" ම්හ්ම්.....කියන්න දුන්නෙත් නෑ....."

" කියන්න ඕනේත් නෑ ..... ඔවට තමයි මගේ යකා ඇවිස්සෙන්නේ......"

මහ නරකයි.....බැනපු කැත....මගේ ගෙදරම මගේ ඔඩොක්ක්කුවේම ඉදන් හොම්බට අනිනවලු....

මං සද්දෙ වහල හොර පූසා වගේ එයාගෙ ඔලුව අතගෑවා....එයා මගේ අත අරන් අතට හාදුවක් තිබ්බා....

" බොන්න මොනාහරි හදන්නද අයියේ..."

" හ්ම්ම්.....මේ වෙලාවට නම් කොෆී බොන්න බෑ..... කූල් මොනාහරි හදන්න...."

" හ්ම්ම්.....නැගිටින්න ඉතිං ......"

" අම්මල කතා කරාද බබා....."

" හ්ම්ම් අද උදෙත් කතා කලා.... "

" අම්මලට කිව්වද හෙට මාත් එක්ක යනව කියල ....."

" නෑ......."

" ඇයි ඒ....."

" පස්සෙ කියනව ඉතිං ......"

" අම්මට කියල permission ගන්න සුදු මැණික ......"

එයා අත උස්සල මගේ කම්මුල පිරිමැද්දා ......මම එයාගෙ අතට මගේ කම්මුල හේත්තු කරගත්තා...

" සුදු මහත්තයා අම්මගෙන් අවසර ගත්තද......"

මම එයාට අලුත් නමකින් කතා කරද්දි එයා ඉස්සිලා මගේ තොල් වලට සමනල හාදුවක් දුන්නා......

" නැහැ බබී...එයාට කියල ගමන් යනවට වඩා හොදයි මම නොයා ඉන්නව......මම එයාට update එක දෙන්නේ ගමන ගිහින් ආවම....."

" ඔයා නම් මහ කපටී අයියේ...... "

" හරි හරි ගිහින් මට බොන්න මොනාහරි හදන්නකෝ......"

එයා මගේ ඔඩොක්කුවෙන් නැගිටිද්දි මම නැගිටල කිචන් එකට යන්න හැදුවත් එයා මාව ඇදල සෝපා එකට පෙරළගෙන මගේ ඇග උඩට ආවා.....

" අයියේ.........!!"

" පොඩ්ඩක් ඉන්න ඉතිං ...අද දවසෙම එකක් වත් නෑනේ...හුම්....."

එයා මූණක් මොකද්ද කරන් මගේ තොල් වලට බර උනා.... සියුම් හාදුවක්....එයා හැමදාමත් මාව සිපගත්තෙ කිසිම කලබලයක් නැතුව...සෙල්ලමට වගේ පොඩ්ඩක් හැපුවට එයා හරිම මෘදුව දෙතොල් සිපගත්තා....

විනාඩි ගානක්ම එයාගෙ අණසකට යටත් උන මන් එයාගෙ බෙල්ල වටේ අත් දෙක දාගෙන මගේ තොල් අතරමැද තිබ්බ එයාගෙ යටිතොල හීනියට උරවන්න ගත්තා.... මම ඒක කරපු විදියට එයාට දැනුනේ නෑද කොහෙද .....
මම ටිකක් වේගෙන් එයා කරනව වගේ සිපගන්න ගත්තා....මම හිතුවා හරි..එයාට දැනුයි දැනුනේ...එයා ක්ෂණිකව මගෙන් ඈත් වෙලා මූණ දිහා බැලුවා....මගේ මූණ රතු උනා.....

" සුදු මැණික .......මමයි කිස් කරන්නේ....okay.... "

" එහෙම බෑහ්....."

" ඒ මොකෝ බැරි ......"

" එහෙම තමයි ....හුම්ම්......"

එයා කට කොනින් හිනාවෙන ගමන් ආයෙත් දෙතොල් වලට බර උනා.....මහ නෝටි.....මට එයාව කිස් කරන්න දුන්නෑ... පිස්සු කැප්ටන් කියන්නේ නිකන්ද.....

" මොකද.....මූණ නිකන් හත්තිලව්වට ගහපු මොකද්ද එක වගේ..."

" හුහ්.....ඔයා මට කිස් කරන්න දුන්නෑනේ....."

" ඕහෝ....ඒකද මේ..... මෙහෙමයි baby... මම කිස් කරද්දි මට ඕනෙ නිවාඩු පාඩුවේ කිසිම බාධාවක් නැතුව හැමදේම අගලෙන් අගල රසවිදින්න...ඉතිං ඔයා මාව කිස් කරද්දි ඒක මගේ රසවිදීමට බාධාවක්නේ......"

" විකාර අප්පා ඔයාගෙත්....."

මම එයාගෙ කොණ්ඩෙ අස්සෙන් මගේ අත ගෙනියල හෙමීට පිරිමැද්දා....

එයා එක පාරටම මගේ ඉනෙන් අල්ලලා මාව උස්සල අරන් එයාගෙ උකුළ උඩින් එයාට මුහුණලා වාඩි කරවගත්තා....

" කොනිත්තන්න එපා.....රිදෙනවා ....."

එයා මගේ ටී ෂර්ට් එක යටින් අත දාලා මගේ ඉන ඇගිලිතුඩු වලින් අතගාන ගමන් හෙමීට කෙනිත්තුවා .....මහ වල්....ලෝක ඇම්ඩා.....ඒත් ඉතිං මන් එයාගෙනේ.....

" ශෝක් බබා.... මාස්මිලෝස් වගේ...."

ඒ පාර ඇගිලි වලින් මිරිකනව....පිස්සු විකාරයක් මෙයා නම්......

මම එයාගේ කම්මුලකට හාද්දක් තිබ්බා....

" මම ඔයාට හුගාක් ආදරෙයි කැප්ටන් ...."

" මාත් ආදරෙයි පැටියෝ... හුගාක්.... හරියටම කිව්වොත් මම දැන් උබට හුගාක් ඇබ්බැහි වෙලා.....උබව නොදැක පැයක් වත් ඉන්න බෑ වගේ.... හැමවෙලාවකම මතක් වෙන්නේ මෙන්න මේ බෝල කම්මුල්......"

එයා මගේ කම්මුල් දත් වලින් හැපුවා....

" මගේ පැටියනේ ඉතිං ..... මාව දාලා යන්න නම් හිතන්න වත් එපා පැටී.... මම උබට උඹ හිතනවටත් වඩා හුගාක් ආදරෙයි ..... ඒ වගේම තමයි පැටියා අනික් පැත්තත්.... මට හුගක් කේන්ති යනව...."

" හරි ඉතිං ....දැන් ඔය මට බයිනවද තර්ජනය කරනවද.....ආ......"

" තාම එක දවසක් වත් බැනල වත් තර්ජනය කරල වත් නෑ පණ......."

" ඇයි එදා බැන්නේ..... කෝල් එක කට් කළා කියල ....."

මම ඔරවගෙන වගෙ කියද්දි එයා හිනාවෙන ගමන් එයාගෙ නහය මගේ නහයෙ ඇතිල්ලුවා.....

" මට ලේසියෙන් කේන්ති යන්නෑ හැබැයි ......ගියොත් ලේසිය්ක් වෙන්නෙත් නෑ බබී..... පරිස්සමෙන් ඔන්න......"

" කේන්ති ගියොත්......මටත් ගහනවද අයියේ..... කවදහරි ......."

මම එයාගෙ බෙල්ල බදාගෙන බෙල්ල අස්සෙ මූණ හිර කරගත්තා....මම දැනන් ඉදියා එයා නපුරුයි කියල ....ඒත් නපුරුකමට වඩා ආදරේ වැඩි නැද්ද.... එයාට කේන්ති යන වෙලාවට මම එයාගෙ කවුද කියලත් අමතක වෙයිද.. මට බයයි ..... එයා කවදහරි මට අත ඉස්සුව දාක මම හුගක් අසරණ වෙයි....මොකද මම මගේ පණටත් වඩා එයාව විශ්වාස කරන නිසා ..... ඊටත් වඩා මම එයාට ආදරෙයි .....

" සුදු මැණික ......ඇයි මේ.....අඩනවද......."

" ම්හ්ම්ම්......"

" මම මැණිකට කිව්වෙ මාව ........ "

" එපා ඇති අයියේ.... මට තේරුණා.... මම ඇඩුවෙ නෑ......"

මම මූණ කෙලින් කරල එයාගෙ නළලට තොල් තද කළා.....

" නපුරා මගේ......ආදරෙයි ....හ්ම්ම්....."

එයා ආයෙත් මොනාහරි කියන්න කට ඇරියත් එයාගෙ පෝන් එකට කෝල් එකක් ආවා... මම එයාගෙ ඇගෙන් බහින්න හදද්දි එයා මගේ ටී ෂර්ට් එක යටින් අත දාලා ඉන වටේ අත යවල ඇගට තද කරන් යන්න එපා කියල ඔලුව වනල කිව්වා....

එයා පෝන් එක ආන්ස්වර් කරල ඈතට කරල අල්ලගත්තා.....ඒ කියන්නේ ඒක විඩියෝ කෝල් එකක්.....

" මමී..... මොකද කරන්නේ......."

මොකක්.....අම්මද ඒ..දෙයියනේ .....මම දගලලා දගලලා බහින්න හැදුවත් එයා මට බහින්න දුන්නෑ......

" අයියේ......!!"

මම එයාට රහසින් කෙදුරුවත් එයා රැව්වා.....

" - චූටි බබා ...... ඔයා කොහෙද ඉන්නේ.....ගෙදර නෙමේද...."

මරු බබා.....අම්මපා මේකට චූටි බබා කියනවට වඩා හොදයි හරක් පැටියෙක්ට i love you කියනව...

" නෑ මමී.... මම අරයගෙ ගෙදර ආවා....

හපූ.......ලැජ්ජ නැතුව කියන ලස්සන....

- අරය කිව්වේ.....අර ඔයාගෙ සුදු මැණිකද.........

ඔව් මමී..... මගේ සුදු මැණිකව බලන්න ආවා.....මමීටත් පෙන්නන්නද.....මගෙ ඔඩොක්කුවේ දැන් ඉන්නේ......."

දෙයියනේ කැප්ටන් .....ඇත්තටම ඔයාට පිස්සුද ආ...........

මම එයාගෙ ඔඩොක්කුවෙ ඉදන් දැගලුවෙ බිමට බහින්න....ඒත් එයා මට බහින්න දුන්නෑ.....දැන් මාව පෙන්නයිද....අනේ.....

" - චූටි බබා.....ඔයා මට බොරු කියනවද ඈ........

ඇත්ත මමා....ඔන්න ඔයාම බලාගන්නකෝ..... "

එයා පෝන් එක මගේ පැත්තට හරවද්දි මට හිතුනා පොළව පළාගෙන යන්න තිබ්බ නම් කියල ....විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ යකෝ....ඉන්නෙත් එයාගෙ ඔඩොක්කුවෙ.....සැක්.....

මම පෝන් එක දිහා නොබලම නෙ වෙලාවෙ හැංගෙන්න තිබ්බ එකම තැන ටාං ගාලා ඔලුව ගහගත්තා.... කැප්ටනුයි අම්මයි දෙන්නම බලන් ඉද්දි මම කැප්ටන්ගේ බෙල්ල අස්සෙ මූණ හංගගත්තා....ලැජ්ජයි යකෝ....මන් කොහොමද ඒ අම්මට මූණ දෙන්නේ.... මේ මනුස්සයට පිස්සු...

" කෝ මෙහ්....බලන්නකො සුදු මැණික ....."

එයා හිනාවෙන ගමන් කතා කර කර පෝන් එකෙන් එයාගෙ බෙල්ල අස්සෙ ඉන්න මාව හොදට විඩියෝ කරල අම්මට පෙන්නුවා....අව්ලක් නැහ්...මූණ පෙව්න් නෑ.....එහෙම හරි හිතමුකො...

" සුදු බබා....මේ බලන්නකො අනේ.......මමීට මූණ පෙන්නනකො....

- සුදු බබා....මේ පැත්ත බලන්නකො පුතේ.....කෝ මමීට මූණ පෙන්නන....."

ආයිශ්...... අම්මත් මට සුදු බබා කියනව යකෝ......

" අ....නේ.....අයියේ....."

මම එයාගෙ කනට කෙදිරුවා .....එයා හක හක ගගා හිනාවෙනව....මහ පිස්සෙක්....

" හරි හරි මමී......මම එයාව මමීට පස්සෙ live පෙනන්නම්.....හරි දැන් කියන්නකො මමි ඇයි ගත්තේ කියල ......."

මම මූණ වහගෙනම එයාගෙන් ඈත් වෙන්න හැදුවත් එයා මාව තද කරගෙන ඉදියා...අයියෝහ්...විඩියෝ කෝල් එකෙන් දැන් ඔක්කොම පේනව...ඒ මදිවට එයා මගෙ පිටත් අතගානව... අම්මා මේ ඔක්කොම දකිනව ඇති ....

" - සුදු බබාව එක්කගෙන එන්නකො පුතා.....මාත් ආසයි මගේ බෑණා පොඩ්ඩව බලන්න.......

ඇහුනද සුදු මැණික ....දැක්කනේ අම්මා කතා කරනව....ඔයා එනවද යන්න.....ම්ම්....."

මම ඇස් තද කරල පියාගෙන තව තවත් එයාගෙ බෙල්ල අස්සෙ හැංගෙන්න තැනක් හෙව්වා.......

" මම පස්සෙ එයා එක්ක කතා කරනන්ම් මමා....... කෝ පපා......

- අන්න සාලෙ ටිවී බලනව..... ලොකු අක්කත් අද ආවා....

අක්කා ආවද...... අයියා කිව්වා එයා මේ පාර christmas එකට එනව කියල ......

- ම්ම්ම්...... ඔව් චූටි බබා....අයියත් එයි මේ පාර.... සුදු බබාවත් එක්කන් එන්න ඔයා එද්දි  ......

හරි මමා .....කොහොමත් එක්ක එන්න තමයි ඉදියේ..... ආවෙ නැත්තන් උස්සගෙන හරි එනව... "

ආයිශ් .....මේ මෝඩය නම්.... උස්සගෙන හරි එනව කියල මගේ කන දත් වලින් හැපුවා......අම්මා ඔක්කොම බලන්නේ ඉන්නේ දෙයියනේ.....

" - චූටි බබා මේ...... මමී අද කේක් එකක් අයිසින් දැම්මා...බලන්නකො......"

අනේ එයාලගෙ අම්මා හරිම lovely ....එයා වගේමයි...... හදපු කේක් එකත් එයාට පෙන්නුවා....එයාලාගෙ ෆැමිලි එක හරිම වෙනස්....අපේ ගෙදර කේක් එකක් ගේන්නේ කලාතුරකින් .....ගෙදර කේක් එකක් අයිසින් කරන එක නම් වෙන්නෙම නැති දෙයක්....

" ආවුශ්......ලස්සනයි මමා...... අක්කියා කෝ .......

- බාතෲම් එකේ ......

හුම් හුම්.....මම තියනව හොදේ... මට මගේ බබා එක්ක කරන්න ලොකූ වැඩක් තීනව.....

- චූටි බබා ලොකු වැඩ නම් කරන්නෙපා ඔන්න........ පව් ඒ පොඩි කොල්ලා..... ඒ අහිංසකයට රිද්දනව එහෙම නෙමෙයි."

යකොහ්........... ඇයි දෙයියනේ මෙව්ව අහන්න මම තාමත් ඇහැරිලා ඉන්නේ....මට නම් දැන් නිකන් කෝමා වෙන්න වගේ...... කනේ ඉදන් රතු වෙලා.... මේ මමීයි සනුයි නිසා කොයි වෙලේ හරි මම මැරෙන්නේ හාට් ඇටෑක් හැදිලා .....

" අනේ මමීහ්.....එහෙම දෙයක් නෙමේ.....

- හරි හරි චූටි බබා..... දෙන්නම පරිස්සමෙන් ......දෙන්නටම ජේසු පිහිටයි..... සුදු බබාට කියන්න මම මේ හැනදෙයක්ම විහිළුවට කියනව නෙමෙයි කියල ......චූටි බබාගෙ සතුට තමයි අපි හැමොගෙම සතුට...චූටි බබා සතුටින් ඉන්නේ සුදු බබා ළග නම් අපිට ඕනෙ එච්චරයි ...."

එයාගෙ අම්මා එහෙම කියද්දි කැප්ටන් මට අතින් තට්ටු කරල පෝන් එක දිහා බලන්න කිව්වා....

මම එයාගෙ බෙල්ලෙන් මූණ අර එක දශමෙකට වත් පෝන් එක දිහා නොබල බිම බලාගෙනම එයාට මූණ පෙන්නුවා....

" - චූටි බබා කලින් කෙල්ලෙක්ටත් ආදරේ කරා සුදු පුතේ....අන්තිමට ඔක්කොම නැති කරගෙන පස්සත් බිම ඇනගත්තා.... ඒ කාලෙ මෙයාගේ පපා කිව්වා ඕක හරියන එකක් නෙමෙයි කියල ....අපේ චුටි බබාගෙ තීන හිතුවක්කාරකමට කීසි දෙයක් ඇහුවෙ නෑ..... ඒකි මහ සංකර කෙල්ලෙක්....ඒත් සුදු බබා ඔයා නම් පුදුම අහිංසක කොල්ලෙක් පුතේ..... චූටි බබා දැන් හුග දවසක ඉදන් කියන්නේ ඔයා ගැනමයි.... අන්තිමට චූටි බබාට ගැළපෙනම කෙනා හම්බ උනා... අපේ චූටි බබාට ගැළපෙන්නේ ඔයා වගේ අහිංසක කෙනෙක් සුදු බබා..... හැබැයි කවදාවත් මගෙ පුතාව රවට්ටන්න එපා... මොකද මට දැනෙනව මගෙ පුතා පණ තරමට  ඔයාට ආදරෙයි කියල .....මොකද ඔයා ගැන පොතක් ලියන්න තරම් දේවල් දැන් මම දන්නව..... "

මට ලැජ්ජයිත් වගේ......මම ඔලුව වනල ශේප් එකේ බෙල්ල උස්සල අම්මා දිහා බැලුවා.....

Woow.....එයා හරිම ලස්සනයිනේ.... අම්මද අක්කද.....දෙයියනේ කෙල්ලෙක් වගේ......එයා ඇදන් ඉදියේ රතු පාට ගව්මක් ද කොහෙද ..... එයාගෙ තොල් පට වල රතු පාට ලිප්ස්ටික් ගාලා තිබ්බා.... ඇස් පිහාටු වර්ණ කරල තිබ්බා.... එයා ලස්සනයි.... කැප්ටන් වගේම ලස්සනයි .....

" - මමා.......ඈ...... මේ අපේ හාමු මහත්තයා නේද........???"

කොණ්ඩෙ තඹ කරපු ලස්සන අක්කා කෙනෙක්.....මන් හිතන්නේ එයාගෙ අයියගේ වයිෆ්ද කොහෙද .....

" හායි අක්කා.....

- හෑ.......කවුද මමා මේ..... ඕහෝ මේ අර අපේ මල්ලිගෙ සුදු බබා නේද........"

විනාසයි.........

" මම තිබ්බා ඈ.......අපිට වෙන වැඩ තීනව...... "

එයා පෝන් එක කට් කරල මන් දිහා බැලුවා.......මම රැව්වා.......

" අම්මා මොන  හිතුවද දන්නෑ..... ලැජ්ජාවෙ බෑ අයියේ......."

" එයා මුකුත් හිතන්නෑ පැටියා..... "

" ඒ උනාට....හුම්..... මට ලැජ්ජයි....."

" දැන් යන්නකෝ......ගිහින් මට මොනාහරි හදන් එන්න....."

එයා මාව නැගිට්ටවල කුස්සියට තල්ලු කළා......මෝඩ අයියා......මෝඩයියා..... මහ මෝඩ යකෙක්..... ලැජ්ජයිනේ ඉතිං ......

මම ෆ්‍රිජ් එකේ තිබ්බ කෝඩියල් එකක් අරන් කලවම් කරල එයාට mango juice  එකක් හදල දුන්නා....

" ම්ම්...."

" හ්ම්ම්...... රසයි සුදූ...."

එයා පෝන් එකේ මොනාද මන්දා english letter එකක් කියවද්දි මම ගිහින් එයාගෙ උරහිසට හේත්තු උනා...

එයා මගේ නළලට හාද්දක් දීලා මගේ ඔලුව එයාගෙ උරහිසට තද කරගත්තා....

" හෙට බීච් එකේ නාන්න යන නිසා මටත් එක්ක ට්‍ර්වල් එකක් ගන්න... වතුර බෝතල් එතකොට ප්ලාස්ටර් එකක් දෙකක් එහෙමත් දාගන්න බබා..... උදේට මොනාද කාලා යන්නේ.....??"

" ම්ම්.... බත් හදන්නද....."

" සැන්ඩ්විච් දෙකක් හදන්න බබා.... කන්න බෑ උදේ පාන්දර...."

" හ්න්ම්......"

" යන් ඇදට......"

" ඈහ්......??"

"මං හිතුවෙ ඒකටත් හ්ම්ම් කියයි කියල ......."

" යන් ඉතිං ..... "

" හා හැබැයි ඔන්න ඔන්න වෙන දේවල් වලට මම වග කියනු නොලැබේ....."

" ඔයා මහ වල් අයියේ......"

මම එහෙම කිව්වහම එයා හිනාඋනා..

" පිස්සු කොල්ලා.... මගේ මැණිකනේ ඉතිං .......එහෙම රිද්ද්නවද මන්....."

" මට ඔයාව විශ්වාසයි ....."

" දන්නව සුදු මැණික ..... "

එයා පෝන් එක පැත්තකට දාලා මගේ මූණ දිහා බැලුවා......

" දවල්ට කන්න restaurant  එකකට යන්.....ම්ම්......."

" හ්ම්ම්.....ඔයාගෙ කැමැත්තක්....."

" sea food හොදයි ද....."

" හ්ම්ම්......කැමති ......"

එයා හිනාවෙලා මගේ බෙල්ලට හාදුවක් තිබ්බා....

" අයියේ......."

" ම්ම්......"

" ඇයි හැමතිස්සෙම බෙල්ල කිස් කරන්නේ.......??"

" ම්ම්......??"

" ඔයා නළලට දෙන්න ඕනේ කිස් එක බෙල්ලට දෙනව......"

" ඇයි කියලද සුදු මැණික අහන්නේ...."

" හ්ම්ම්......"

" මෙන්න මේකයි හේතුව....."

එයා අත් දෙකෙන් මගේ බෙල්ල අල්ලගෙන පොඩ්ඩක් හෙමීට මිරිකුවා....

" අහ් අනේ මරන්නද හදන්නේ...."

" දැක්කනේ.....තදට මිරිකුවොත් මැරෙනව නේද......"

" හුම්ම්....ඉතිං ......"

" ඉතිං මම ආස දැනෙන්න කිස් කරන්න ....."

මොන විකාරයක්ද ඒ කිව්වේ...

" යමු........යමු.....නැගිටින්න...."

" හ්ම්ම්..........."

.
.
.
.
.
.

මිල මුදල් තිබුණාට නුඹගාව කොයිතරම්..,
ආදරේ විතරක්ම
දෙන්න මහමෙර තරම්.,
පියෙකු සේ ළඟ රැදී
රකිද්දී නුඹ මාව..,
මොහොතකටවත් නුඹෙන්
වෙන්වෙන්නෙ මම කොහොම..?
සදාකල් ළඟ රැදී
ඉන්න ඔය පපුවමත..,
අයිතියක් දෙනවාද
මා නුඹේ හින්දාම.....❤️❤️❤️💚💚💚

බෝ පැටීගෙන් කැප්ටන් අයියාට....

BHMI90 ලස්සනයි අක්කියෝ.......අක්කිට කමෙන්ට් එකක් දාන් යන්න බබීලා.......


✈  Mekala2002ලස්සනයි බබී....මේ බබීටත් ලමෙන්ට් එකක් දාන්න බබාලා....

Continue Reading

You'll Also Like

2.5M 177K 35
Myanmar×OC အချစ်ဦး၊အချစ်ဆုံး၊လက်တွဲ​ဖော်ဟာ တစ်ထပ်တည်းကျ​သောအခါဝယ် 8.2.2023 ___ 8.4.2023
151K 25.9K 114
နဂါးကျွန်း ဆိုတဲ့ app ကို ဒေါင်းလုခ် လုပ်ပြီး သားပေါက်လေးတွေကို အရူးအမူး ပျိုးထောင် ပေးပြီးတဲ့နောက် ထိုဂိမ်းထဲက သားပေါက်လေးတွေ ဆီ ကူးပြောင်းရောက်ရှိသ...
89.2K 5.1K 200
Đệ tử đời thứ 13 của Đại Hoa Sơn Phái, Mai Hoa Kiếm Tôn - Chong Myung, người đã liều mình cùng chết với Thiên Ma, kết thúc một thời đại đen tối của v...
604K 46.8K 61
ကျုပ်က လူတစ်ယောက်ကို သတ်ပစ်ချင်လောက်အောင် ချစ်တယ်...။ သိပ်ပြီး အရာရာပြည့်စုံတဲ့ ကျောင်းသားခေါင်းဆောင် ခင်ဗျားကိုပေါ့။ School / unilife/Age gap/countr...