26📌

365 59 7
                                    


මාසයකට පෙර :

" ආ... මේක ගන්නවා "

" මේ මොකක්ද බකට් "

" ඇයි තමුසෙගෙ ඇස් පේන්නේ නැද්ද "

" ආහ්!! හරි හරි වදේ මේක මලක්.. ඉතින් තවුසෙ දැන්  මේ මොකක්ද  කියන්න හදන්නේ "

පාර්ක් එකෙන් එලියට ආපු ගමන් මට කාර් එක ඇතුලට වෙලා ඉන්න කියලා බකට් උතුමාණන් කොහෙදෝ මන්දා යන්න ගියා.. ගිහින් විනාඩි දහයක් යන්ඩත් කලින් බකට් ආවේ එයාගේ අතේ රෝස මලක් තියාගෙන.. කාර් එක ඇතුලට ගොඩ වෙන ගමන් බකට් ඒ මල මන් දිහාට දික් කලා..

" තමුසෙ දැන් ටිකකට කලින් මට ආදරෙයි කියලා කිව්වා නේද "

මන් එයාගේ අතේ තිබ්බ මල ගත්තේ නැති තැන බකට් රෝස මල එයාගේ නහය ලගට ලං කරගන්න ගමන් මන් දිහා බැලුවා.

" කිව්වා තමයි වදේ.. ඉතින් මන් තවුසෙට බොක්කෙන්ම ලව් නේ "

" එහෙනම් ඉතින් ඒක ඔප්පු කරපන්"

" හෑහ්!! මොන මගුලක්ද ඕයි තවුසෙ කියන්නේ "

මන් කටත් මොකාගෙද වගේ හදාගෙන බලාගෙන ඉද්දි බකට් රෝස මල මගේ උකුල උඩින් තියන ගමන් එයාගේ ෆෝන් එක අරගත්තා..

" ම්ම්.. අද 12 වෙනිදා එතකොට තව දවස් හතකින් 19 වෙනිදා.. තමුසේ හරියටම දවස් හතක් යනකම් මේ මල පරිස්සමින් බලාගන්න ඕන.. ඒත් එක පෙත්තක් තරමවත් වැටිලා තියෙන්න බෑ.. තමුසෙට ඒක කරගන්න පුළුවන් වුනොත් මන් තමුසෙගේ ආදරේ ඇත්තක් කියලා විශ්වාස කරන්නම් "

අඩේ මේ යකා මොන හුයන්නක්ද මේ කියවන්නේ..මන් කොහොමද මලක් බලාගන්නේ දවස් හතක් යනකම්.. ඒකත් එක පෙත්තක්වත් පරවෙන්නේ නැති විදිහට...

" බකට් තවුසේ මේ විහිලුවක් නේද කරන්නේ "

" ම්න්හ් "
" උබ මට ආදරෙයි නම් ඒක ඔප්පු කරපන් අශ්වින්.. නැත්තම් ඔය කෙහෙල්මල් ආදරේ උබගේ හිතින් අතෑරගනින් "

බකට් කිව්වේ එයා මගේ උකුල උඩ තිබ්බ රෝස මල අරගෙන එයාගේ ෆෝන් එකෙන් ෆොටෝ එකක් ගහගන්න ගමන්..

" හරි බොසා එහෙනම් දවස් හතකින් හම්බෙමු.. තවුසෙ තාම දන්නේ නෑ ඕයි මේ සයෝනරා කියන්නේ කවුද කියලා..."

DEFAULT TITLE 📌 (non fic) ✅Tahanan ng mga kuwento. Tumuklas ngayon