16📌

571 85 8
                                    

" දැන් කියනවා බලන්න තමුසෙට මන් මෙච්චර වෙලාවක් මොනවද කිව්වේ කියලා"

" ගියාට කමක් නෑ රණ්ඩු වෙන්න බෑ.."

"ඊලග"

බිව්වට කමක් නෑ එක එකාගේ කරේ එන්න බෑ..

"ඊලග"

" අඩේ මගේ කකුලේ ගල් ඇනෙනවා ඕයී..  මට යන්ඩ දීපන්කෝ බකට්..දැන් පැය බාගෙකටත් වැඩිනේ බන්."

"මන් කිව්වේ ඊලග"

කෙල්ලෝ පස්සේ ගියාට කමක් නෑ උන්ට නම්බර් දෙන්න බෑ

"ඊලග "

"මොන මගුලේ ගියත් කමක් නෑ පහ වෙද්දි ගේට්ටුව ලගට වරෙන්.."

"  good boy.. මන් හිතනවා තමුසේ මන් කියපු හැම වචනයක්ම පිලිපදියි කියලා.. හැබැයි තමුසේ මන් එපා කියපු එක දෙයක් හරි කරලා තිබ්බොත් ඉස්කෝලේ ඇතුලේ කියලා බලන්නෙ නෑ මන්  උබගේ අඩු කඩනවා දැනගනින්"

ඉස්කෝලෙ ඇතුලේ කියලා බලඥ්ඥෑ මන් උබගේ අඩු කඩනවා දැඤගනිම්..යැයි යැයි තමා.. උබ මට කොරයි කියලා තමා බය..

" මොනවද තමුසෙ කුටු කුටු ගාන්නේ"

" මොකුත් නෑ වදේ.. දැන්වත් මට යන්ඩ දීපන්කෝ "

" ශයාන් එනවා කිව්වෙ නමයටනේ ඌ එනකම් ඔහොම්මම හිටපන්"

"උබගෙ අ$&&* ##$#$%  යකොව් ඌ එන්ඩ තව පැය කාලක්ම තියේ.. තවුසෙ හදන්නේ මගේ දණහිස් දෙකේ බොරලු වලින් සෙල්ලිපි ගහන්ඩද ඕයි"

" කුනුහරප කියන්න ගිහින් මට කියලා තොගේ කට කඩා ගන්නේ නැතුව ඔතන දණ ගහගෙන උබ කරපු වැරද්ද ගැන හිතපන්.."

දහසක් මල් විකසිත වන මේ හිමිදිරි උදෑසනේ බලන්ඩකෝ අනේ ඔයැයිලගේ සයෝනර කොල්ලා මිදුල මැද්දේ දණ ගහගෙන.. ආන්න අර ඈතින් පුපත් වන වන යන බකට් කියන මූසලයා උගේ මහා ලොකු උපදෙස් මාලාව දෙන්ඩ මාව මිදුල මැද්දේ දණ ගැස්සුවා කියපන්කෝ..

යකෝව් අද මට මැච් එක බලන්ඩ යන්න කියලා මන් මේ මිනිහව ගබඩා කාමරේ අස්සට දාලා ලොක් කරපු බව ඇත්ත ආය මේකා ඒකේ පිටිපස්සේ ජනේලෙන් පැනලා ගේ ඇතුලට ආපු බවත් ඇත්ත..සැක්!! ගබඩා කාමරේ පිටිපස්සේ ජනේලය තියෙනවා කියලා කලින් දන්නවනම් මන් ඇණ ගහනවනේ සාන්ත. කොහෙද  බොටත් කලබලේනේ සයෝනරෝ....

DEFAULT TITLE 📌 (non fic) ✅Where stories live. Discover now