11📌

446 64 10
                                    


ටහිකේ!!  මන් මේ කොහෙද ඉන්නේ.. ඒ අස්සේ පුටුවකට මාව ගැටත් ගහලා.. මන් හිටියේ සෝෆා එකේ නිදාගෙනනේ දැන් කොහොමද කාමරයක් ඇතුලේ ඉන්නේ..

කාමරේ පුරාම ලේ ගදයිත් එක්ක සාන්ත ඒ අස්සේ ලයිට් එකක්වත් දාලා නෑ කලුවරම කලුවරයි එක්කෝ මන් මේ හීනෙකවත්ද ඉන්නේ කොහෙද අත කොනිත්ත ගන්ඩවත් විදිහක් නෑනේ ඒකත් පුටුව පිටිපස්සට දාලා බැදලනේ... පොඩ්ඩක් stop පොඩ්ඩක් stop කවුරුමහරි එනවා වගේ..

කිරිඅප්පට අහවල් එකා පැනපි කිව්වලු බකට් උත්තමයානෝ.. එතකොට මේ යකාද මාව මේ කලුවර කාමරයක් අස්සට ගෙනාවේ..

" Oh chinese baby, you are awake "

" මිනිහෝ... මොකක්ද අයිසේ මේ කරන්නේ.. මාව ලිහපන් "

" ම්ම්.. ඒක කරන්න බෑ බබා.. අපි පොඩ්ඩක් enjoy  කරමු "

මට එපාම කරපු උගේ කට කොනින් එන හිනාව දාලා බකට්  උගේ අතේ තිබ්බ ඉටිපන්දමක් පත්තු කලා..

උබ හිතුවා හරි සයෝනරෝ බකට් කියන්නේ දාම ඝාතක පොරක් තමා.. බලපන් උගේ ෂර්ට් එක පුරාම ලේ පාරවල්.. අද නම් උබ ඉවරයි පුතෝ..මූ උබව කෑලි කෑලි කරයි.. මන් අපේ ගෙදර උන්දැට කිව්වා කට කැඩෙනකම්ම කිව්වා එයාගේ මහලොකු නරිබෑනා සයිකෝ ඩයල් එකක් කියලා.. දැන් හරිනේ ඉතින් අමාරුව ඉන්ෂුවරන්ස් එකක්වත් දාලා නෑ ජෙයියනේ.. අපේ මැණිකෙට මගේ මලබත දෙන්ඩත් ලෝන් එකක් ගන්ඩ වෙයි..

" ඒ ඒ බකට්.. තවුසෙ මේ විහිලුවක් නේද කරන්න හදන්නේ "

" තාමත් මේක විහිලුවක් වගේ පේනවද බබා ම්ම්.."

" තවුසෙ මාව මේ මරණ්ඩද හදන්නේ "

"නෑ "

හම්මේ දැනුයි ඇගට ලේ ටිකක් ඉනුවේ.. අනේ මන්දා මේ කොල්ලත් නිකා....ම් බොරුවට සයෝනර කොල්ලගේ ලේ පුච්චෝනවනේ..

" මන් තමුසෙව කෑලි කෑලි වලට කපන්න යන්නේ "

"  මිනිහෝ !!  තවුසෙට පිස්සුද ඕයි "

" මොකද බබා බය වෙලා ම්ම්"

" හු## ඔය ගස් කපන මැෂින් එකක් ඕයි.. තවුසෙ මේ හදන්නේ ඕකෙන් මාව කපලා දාන්ඩද.. අම්මේ මෙන්න බේරගනියෝ මූ මාව මරන්ඩ හදනෝ කවුරුත් නැද්දෝ "

DEFAULT TITLE 📌 (non fic) ✅Where stories live. Discover now