8📌

684 98 9
                                    


නිකා..ම් බොරුවට කාලකණියා වගේ තෝ අවුරුදු දහනමයක්ම කාලා දැම්මනේ සයෝනරෝ.. බලපන් තාම ෆෝන් එකට කාඩ් එකක් දාගෙන්නෙත් අම්මගෙන් හිගාකාලානේ.. තවුසෙ කොල්ලෙක් නේද ඕයී ශික්!! පොඩ්ඩක් ගේමක් ගහලා තැනකට වරෙන්කෝ..

ඒත් අනේ එහෙමයි කියලා ජොබ් කට්ටකට යට වෙලා මැරෙන්ඩ පුළුවන්ද .. එක්කෝ කුඩු විකුණන්ඩ ඕන නැත්තම් සුගර් මමියෙක් හරි ඩැඩියෙක් හරි කසාද බැදගන්න ඕන.. කුඩු සීන් එක අමතකම කරලා දාමුකෝ.. සුගර් ඩැඩියෙකුත් එපා ඌත් එක්ක හිටියොත් උබේ පුප ගන්ඩ දෙයක් නැතිවෙයි.. උබ සුගර් මමියෙක් හොයාගනින් සයෝනරෝ ඒ ගෑනි ඉදලා ඉදලා වලකජ්ජ ගැහුවම  කෝමත් දේපල ඔක්කොම උබටනේ අයිති වෙන්නේ.. ඊට පස්සේ අක්කා බබෙක් බැදගෙන පුතු පැටව් ටිකකුත් හදාගෙන සතුටින් ඉන්ඩ බැරියෑ..

වෙනදා වගේම මගේ යටි හිතයි උඩු හිතයි දෙපැත්තකට බෙදිලා විවාද තරගෙක. එකෙක් හා කියද්දි අනිත් එකා බෑ කියනවා ආය අනිකා කරමු කියද්දි අනිත් එකා බලමු කියනවා.. ඉතින් කෝමද ජෙයියනේ කොල්ලා  තැනකට එන්නේ. තොපි දෙන්නම කටවහපියව් කාලකන්නි උඩු හිතයි යටි හිතයි මේ පාර කොල්ලා ගේම දෙන්ඩ යන්නේ තනිකරම මොලෙන් ඕ යෑස්!! පොඩ්ඩක් බලාගෙන හිටපල්ලකෝ..

" චීස් බබා මොන මගුලක්ද බන්  උබ කරන්නේ කණ්නාඩිය ඉස්සරහට වෙලා තනියම කියෝ කියෝ.. අම්මපා වෙන මිනිහෙක් දැක්කනම් හිතනවා උබට පිස්සු කියලා මෙන්න මෙහෙ වරෙන් ඕක දාලා මාත් එක්ක මිදුලවත් සුද්ද කරලා දාන්න"

eww මේ අම්මා නම් මෝටීන් වෙනවා කියන වචනෙවත් දන්නේ නැද්ද මන්දා.. කණ්ණාඩිය ඉස්සරහට වෙලා කියෙව්වම එන මානසික තෘප්තිය ගැන හතලිහත් පැනපු මෙයා දන්න දෙයක් තියනවායෑ..ඔක්කොටම හපන් මෙයා ලෑස්ති වෙන්නේ උදේ පාන්දරම මට කියලා වල් පැල නෙලවගන්න හනේ.. මන් නම් කොරයි ඕවා..

"මේ මේ මැණිකේ මාවනම් ඔය පරිසරය විනාස කරන වැඩ වලට ගාව ගන්ඩ හදන්න එපා.. එකෙන්ම මන් දේශප්‍රේමී පරිසර ලෝලියෙක් . මේ කොල්ලා ලවා ස්වභාවික පරිසරය කපා කොටා ගන්ඩ හදන එක නම් ආය ලොවෙත් වෙන්නේ නෑ "

" මගේ යකා අවුස්සගන්නේ නැතුව මෙන්න මෙහෙ වර චීස් බබා.. උබට 500ක් ඕන නම් ඇවිත් මිදුල සුද්ද කරපන්

DEFAULT TITLE 📌 (non fic) ✅Место, где живут истории. Откройте их для себя