6📌

468 65 3
                                    

" අඩෝ මට හරි වේදනයි බන්.. බලපන් අර පාහරයා මට රැවුල නැති එකා කිව්වා ඕයී "

" ඇයි සමනලයා කියලත් කිව්වේ"

" කට වහපිය හිරිකිතයා "

බෙලෙක්කයගේ බයික් එක ගත්ත සනික ටකරමාටත් පාට් එකක් දාන ගමන් අපි හතර පස් දෙනා ටවුන් එක මැද්දට වෙන්ඩ තිබ්බ හිච්චි පාර්ක් එකට රිංගුවා..රේස් එක දිනපු එකේ සතුටට අපේ එවුන් ටික බියර් පාටියක් දාද්දි මන් බෙලෙක්කයාගේ බෙල්ල හපාගෙන විකාගෙන මැරෙන්ඩ හැදුවා.. යකෝ රැවුල නෑ කියලා මං මක්කොරන්ඩද.. මට හරි දුකයි අප්පා අර ටකරමා කරපු දේට..

" උබ ඕක අවුල් ගන්න එපා බන්.. අපි ඉන්නවනේ ඕන රෙද්දකට උබත් එක්ක "

බෙලෙක්කයා මගේ ඔලුවත් අතගාන ගමන් කිව්වේ පට්ට....ම lovely විදිහට..

" මට තොපි kellek නැති එකා කියපන් ඕන් මන් සීයට දාස් වතාවක් ඉවසනවා....
ඒත් රැවුලක් නැති එකා කියද්දි ඉවසන්ඩ බෑ ඕයී අනික අරූ මට සමනලයා කියලත් කිව්වා අඩේ මන් පව් බන් "

හූස් හූස් ගගා නහයත් උඩට ඇද ඇද මන් බෙලෙක්කයගේ ෂර්ට් එක පුරාම හොටුත් පිස්සා.. ඒ විතරක් නම් මදෑ කෙලත් පිස්සා ආය එද්දි මගේ සෙරප්පුවට පෑගුන බලු බෙට්ටත් පිස්සා.. ඒත් මේකා වගේ වගක් නැතුව බියර් ටින් එකකුත් කටේ ගහගෙන මගේ අදෝනාව අහගෙන ඉන්නවා.. අන්න බලපන් යාලුවෝ.. ඕකනේ කියන්නේ කොන නැති වුනත් මුස්ලිම් එවුන්ගේ බොක්ක හොදයි කියලා..

" මේ උබට ඔච්චරටම රැවුලක් ඕනනම් ගොඩ වෙදකමකටවත් බහිමුද.. මන් අහලා තියෙනෝ කිතුල් ඇට තලලා වරුවක් පෙගෙන්න තියලා නෑවම රැවුල වැවේනෝ කියලා ඕක අපේ සීයගේ පුස් කොල පොතක තිබ්බේ"

" ඔය ඇත්තමද සුද්දෝ "

මෙච්චර වෙලා මගේ දුක අහන අයිය වෙලා ඉදපු බෙලෙක්කයට පයින් පාරක් දෙන ගමන් මන් රවිදුවගේ කරේ එල්ලුනා.. රවිදුවා හොද එකා ඒ අහිංසකයා විතරයි ඕං මන් ගැන හිතන්නේ.. හෙටම මූ කියපු ගොඩ වෙදකම කරලා බලන්ඩ ඕන..

" සයෝනරෝ තෝ හරකෙක් කියලා මන් දැනන් උන්නට මේ තරම් මීහරකෙක් කියල නම් දැනන් හිටියේ නෑ බන්.. ඔය ඕකා තෝව අන්දනවා මීමෝ"

DEFAULT TITLE 📌 (non fic) ✅Where stories live. Discover now