33📌

400 53 6
                                    

" බ්..බකට් "

"අශ්වින්.. අශ්වින් අන්තිමේදි මන් තමුසෙව හොයාගත්තා "

"ඒ.. ඒ තිවංකයෝ මාව බේරගනින්කෝ..මූ මාව මරණ්ඩ යකොව් ඇවිත් ඉන්නේ "

"මගේ යකා අවුස්සන්නේ නැතුව ඇවිත් කාර් එකට නැගපන් අශ්වින්"

"අනේ තිවංකයෝ"

අත් දෙකත් බැදගෙන මන් ඉස්සරහ හිටගෙන හිටපු බකට් උතුමාණන් කාර් එකට ඇවිත් නැගපන් කියලා මෙතන මැරෙණ්ඩ හැදුවා.. ඒත් අනේ මේ මිනිහා හදන්නේ මාව ආයෙත් උගේ ගුහාව අස්සට රිංගවන්ඩනේ අප්පා.. අනේ මන් කොහොමද මූ එක්ක යන්නේ..

තිවංකයගේ ඇගේ එල්ලීගෙන මාව මෙතන කෑලි කෑලි වලට කැපුවත් ඌ එක්ක නම් එන්ඩ බෑ කියලා මන් මෙතන දෙවනක් වෙන්ඩ කෑ ගැහුවා.. ඒත් කොහෙද මේ ප# තිවංකයා මගේ සහයට එනවා වෙනුවට මුලු සටනම පාවලා දීලා බකටාගේ පැත්ත ගත්තා කියාම්කෝ..

"සයෝනරා කියන දේ අහලා ඌත් එක්ක පලයන් බන්.. "

"අඩේ මට බෑ ඕයී..මූ මාව මරයි"

"අශ්වින්"

" හරි හරි වදේ මන් එන්නම් "

අන්තිමේදි මුගෙන් බේරුමක් වෙන්ඩ බැරි තැනම මන් කටත් මොකාද වගේ හදාගෙන කාර් එක ඇතුලට නැග්ගා.. ඒ එක්කම වගේ බකට් උත්තමයානෝත් දඩාං!! ගාලා කාර් එක ඇතුලට ඇවිත් දොර වැහුවේ මගෙ බොක්කත් එක්ක රත් වෙලා යද්දි.. අඩේ මූ මාව මරණ්ඩවත් එක්කගෙන යනවද..

අනේ මන්දා මට ඒ දවස් වල ඉදලමා මේ මිනිහව පේන්නේ serial killer කෙනෙක් වගේමයි..ඒක ඉතින් ඔය හීනියට වගේ තිබ්බ එව්වා මෙව්වා එකක් විතරයි..හැබැයි කෝකටත් කියලා serial killer මෑන්ස්ලා ගැන සර්ච් පාරක් දාලා බලන්ඩ ඕන..කවුද දන්නේ බකටා මාව මරලා හංගන්ඩවත් ප්ලෑන් කරන් ඉන්නවද කියලා.

ෆෝන් එක ෂේප් එකේ අරන් google සර්ච් පාරක් දාන ගමන් මන් බකට් උතුමාණන් දිහා බැලුවා..ම්හුක් මූ වගේ වගක් නෑ වගේ මූනත් පුම්බගෙන හෙන මනෝපාරක.. මේකා මොනා හිතනවද මන්දා අනේ..

serial killer

දාම ඝාතකයින් නැතිනම් serial killer.. ඔවුන් සාමාන්‍ය ලෝකයේ සිටින මිනිසුන්ට වඩා විකෘති ආශාවන්ගෙන් පෙලෙන්නන් වේ.. ඔවුන් තුල ඇති විෂේශත්වය වනුයේ ඔවුන් සිදුකරන සියලුම ඝාතන එක පෙලට එකමාකාර ලෙස සිදු කිරිමයි..බොහෝ දාමඝාතකයින් සුදු වර්ණය සදහා ප්‍රියකරයි මන්ද ඔවුන්ගේ මහත් ලෙස ගිජු කරන රුධිරය මනා ලෙස දැකිය හැක්කේ ඒ මත බැවිනි. ඇතැමුන් තම විකෘති ආශාවන් ඉටු කර ගැනීමට ඔවුන් විසින්ම තෝරාගත් මිනිසුන් ඝාතනයේ යෙදෙන අතර තවත් ඇතැමුන් ආහාර දාමයේ ඉහලටම ගමන් කිරීමේ නොසංසිදෙන ආශාවෙන් පෙලෙයි.. එනම් දාමඝාතයකුගේ මට්ටමේ දරුණුම අධියර වන මිනී මස් කෑමට පවා පෙලඹෙනු ලබයි..

DEFAULT TITLE 📌 (non fic) ✅Where stories live. Discover now