2📌

835 111 9
                                    


ඔය කරුම කියලා ජාතියක් තියෙන්නේ අන්න ඒවා දැන් නම් මට පන්න පන්න පටිසන් දෙන සීන් එකක් තියෙන්නේ.. මිස්ටර් බකට් අද අපේ දිහා ඇවිත් මොන ජවුසමක් නටයිද දන්නේ නෑ.. ගිය සැරේ ආපු වෙලේ අපේ සෝමපාලයා පොඩ්ඩක් ඇවිත් කකුලේ ඇතිල්ලුනා කියලත් මූ මුලු ගේම හෙල්ලිලා යන්න කෑගැහුවෙ නැතැයි.. ඒ අහිංසකයා දන්නවද උට පූසෝ විතරක් නෙමෙයි මිනිස්සුත් ඇලර්ජික් කියලා.. අපේ අම්මටත් පිස්සුද මන්දා ඒ වසංගතේ මගේ ඇගේ ගහන්න හදන්නේ..

බස් එකෙන් බැස්ස ගමන් හම්බුන අගලක් දිග අගල් එක හමාරක් පලල තිරිවාන ගලක් කකුලෙන් තල්ලු කර කර මන් ආවේ අර ටොන් ගානක චූ බරකුත් ලෝඩ් වෙලා තියෙද්දි..ගෙදරට හැරෙන පාර ලගට වෙනකම්ම මාත් එක්ක තනියට ආපු ගලට ටොයිං! ගාලා පයින් පාරක් දීලා යන්න ගියත් ආයෙමත් හැරිලා ගල අරන් කලිසමේ සාක්කුවට දාගන්න ගමන් මන් ගේට්ටුව ඇරියා..

" ඔන්න සගෝලා මන් ඔයාලට මල්ලි බබෙක් ගෙනාවා "

මිදුලේ අයිනට වෙන්න තිබ්බ මගේ තිරිවානා ගල් එකතුවට සාක්කුවේ තිබ්බ ගලත් විසික් කරන ගමන් මන් ගේ ඇතුලට දිව්වා..  දාර සයිස් චූ බර නිදහස් කරගන්ඩත් එපැයි..

" කොහෙද චීස් බබා ඔය දුවන්නේ.. කෝ මන් ගේන්න කිව්ව පොත් ගෙනාවද ".

" බෑග් එක ඇතුලේ ඇති මැණිකේ.. මන් ටාර් ගාලා සූ පාරක් දාලා එන්නම් "

අම්මාගේ කම්මුලට කිස් එකක් දෙන ගමන් මන් ගේ පිටිපස්සට දිව්වේ ටොයිලට්  එක හොයාගෙන.. අපිට කොයින්ද ඔය ලොකු ලොකු සල්ලිකාරයින්ට වගේ බාත් රූම්.. කෙලින්ම ගේ පිටිපස්සෙ තියෙන ලැට් එකයි , ඊට ටිකක් මෙහායින් තිබුන ලිදයි තමා ඉතින් මගේ බාත්රූම් එක... 

කුස්සියයි, කෑම කාමරෙයි තව කාමර දෙකකිනුයි විතරක් වෙන් වෙලා තිබ්බ අපේ පුංචි ගෙදර අම්මටයි මටයි නම් දිව්‍යලෝකෙකටත් එහා.. අම්මා ටවුන් එකට කිට්ටුව තිබ්බ පොඩි ඉස්කෝලෙක ගුරුවරියක්..අපිට මහලොකු සල්ලියක් නොතිබුනත් එදා වෙලා පිරිමහගෙන කන්න තරම් වත්කමක් තිබුනා.. තාත්තා නම් ඇක්සිඩන්ට් එකකින් නැති වුනා මන් පොඩි කාලෙම.. ෆොටෝ එකකින් දැක්කම ඇරෙන්න අඩුම එයාගේ මූනවත් මට මතක නෑ.. තාත්තා නැති වෙනකොට මන් අවුරුදු හතරක පොඩි එකෙක්..

DEFAULT TITLE 📌 (non fic) ✅Unde poveștirile trăiesc. Descoperă acum