27📌

369 61 6
                                    


" වැස්ස අඩු කලා වගේ නේ "

" හ්ම්.. ඒ වගේ තමා "

" මන් උබව ගෙදරින් දාන්නද "

" ඕන් නෑ බන්.. උබ යන දිහාක පලයන් "

තිබ්බ තරහ මරහ ඔක්කොම අමතක කරලා තාවකාලික සාම ගිවිසුමක් ගහන ගමන් තිවංකයා උගේ බයික් එකත් අරන් යන්න ගියා.. ලාවට වගේ වැහි කුඩු පොදක් තිබ්බ නිසාම මන් එලියට බැස්සේ ගෙදරවත් යන්න කියලා හිතාගෙන..දැන් නම් සමහරවිට දහයටවත් විතර ඇති..

අත්දෙකත් සාක්කු දෙක අස්සට දාගෙන පාර දිගේ එන්න ආවට මට මතක් උනේම බකට් මූසලයා මට කරපු කැත වැඩේ..

මේ බකට් කියන මිනිහා මාව නැත්තටම නැති කරලා අප්පා..සැක්!! අපරාදේ මන් උට ලව් කියලා කියන්න ගියේ.. මන් ඒක නොකිව්වනම් අඩුම ඌ ඉස්සරහා ගැම්මටවත් ඉන්ඩ තිබ්බා...

බකට්ගෙ හතුමුතු පරම්පරාවටම හෙන ඉල්ල ඉල්ල  ගෙදර එන්න ආවත් , ටික වෙලාවක් යන්නත් කලින් ඒ ඔක්කොම අමතක වෙලා පාරේ තිබ්බ වැහි වතුර දැක්ක ගමන් මාව පුරුදු විදිහටම මනෝපාරකට සෙට් වුනේ මන් මේ කොහෙද ඉන්නෙ කියන එකත් අමතකවෙන තරමටම.. සිරාවටම කිව්වොත් මන් අහුවෙන ඕනම දෙයක් ගැන සෑහෙන්ඩ over thinking  කරන එකෙක්..

වැහැලා ඉවර වුනාට පස්සේ ඒ එන්නේ හරි අමුතුම නිහඩ ගතියක්.. ඇගට දැනෙන සීතලත් එක්ක දැනෙන හැගීම හිතට හරි නිදහස් වගේ.. පාරේ තැනින් තැන ගලාගෙන යන වතුර පාරවල්.. ගස් වල කොල අස්සෙන් හෙමිහිට බිමට බේරි බේරි වැටෙන වතුර බිංදු හරි අමුතුම සංගීතයක් වගේ

 ගස් වල කොල අස්සෙන් හෙමිහිට බිමට බේරි බේරි වැටෙන වතුර බිංදු හරි අමුතුම සංගීතයක් වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඒ අශ්වින් අයියේ ඔහොම ඉන්නෝ "

"අශ්වින් අයියේඒඒඒ "

මෙච්චර වෙලා ආතල් එකේ ගහගෙන හිටපු මනෝපාර සනිකව දිය වෙලා ගහගෙනම යන්ඩ ගියේ මගේ පිටි පස්සෙන් ඇහුන පොඩි එකෙක්ගේ කටහඩකින්..බොරු කියන්ඩ ඕන නෑනේ ඒකටනම් මට සෑහෙන්ඩ මල පැන්නා..

DEFAULT TITLE 📌 (non fic) ✅Where stories live. Discover now