20📌

418 62 17
                                    


" මේ බකට් "

" ම්ම් "

" අපි කීයට වගේද ඕයි ගෙදර යන්නේ"

" හවසට මන් ගිහින් දාන්නම්.. "

"මේ බකට්"

"කන එකවත් පාඩුවෙ කටපියාගෙන කාපන්කෝ බන්"

" එහෙම එකක් නෙමෙයි ඒයි.. මන් බැලුවේ බෙලෙක්කයටවත් එන්ඩ කියන්න මාව එක්කගෙන යන්ඩ "

"අශ්වින්...."

" හරි හරි වදේ මන් තවුසෙත් එක්කම යන්නම් "

උදේ පාන්දර ගේ දෙවනක් වෙන්ඩ කෑ ගහගෙන  බකට් උතුමාණන්ගෙන් ගේම ඉල්ලපු සයෝනර කොල්ලා ආය විනාඩි දහයක් යන්ඩත් කලින් බකට් එක්ක කෙටි කාලීන සාම ගිවිසුමකට එලඹුනා.. මන් නම් සාම ගිවිසුම් ගහන්ඩ බෑම කිව්වා.. කොහෙද මූ ගත් කටටම කිව්වා කියාම්කෝ එදා ඌ ගෙනත් දුන්න  වීඩීයෝ ගේම් එක තියාගනිම් කියලා.. ආය ඉතින් ජෝන් සීනාවගේ ගේමට එන්ටර් වෙලා හිටපු සයෝනර උතුමාණන්  වීඩීයෝ ගේම් එකක් නිසා මුලු සටනම පාවලා දුන්නා..

" ම්ම්..නායිස්... ඒ නම් සයෝනර කොල්ලෝ ගැම්මෙන්ම බකට්ගේ වත්ත හාන්ඩ පටන් ගම්මු "

JBL එකේ සවුන්ඩ් කන පැලෙන්ඩ තරම් වැඩි කරලා මන් උදැල්ල අතට ගත්තා..

"බර වැඩි වෙන්න
මං කෑවේ පරාට
ඒත් ඇගනම් හැදෙන් නෑ
මේ කපේම
මං තම්බන් කෑවේ
හැටි ගම් බිත්තරම
මගේ පඩියත් කෙල වුනා
සතියකින්ම

" අශ්වින් ඔය මගුල වහලා දාපන්කෝ බන්"

"ආ.. ඔය ගානට පත්තු වුනේ.. තව කෑගහපන් මයෙ එකා.."

උස්සලා යකඩ තට්ටු
මං වෙලා තවත් කෙට්ටු
දෙයියනේ ඇයි අනේ
හැදෙන්නට තාමත් මගේ ඇග පරක්කු

" අශ්වින්... උබගේ කන් ඇහෙන්නේ නැද්ද ඕයි"

ඒ පාර නම් මූ ලගටම ඇවිත් වගේ.. තව සවුන්ඩ් එක පෝඩ්ඩක් වැඩි කරපන් සයෝනරෝ..

පුම්බං මගේ අත් දෙක බැලුවා
නෑනේ තාමත් සයිස් වෙලා
දැන්නේ මන් දැක්කේ එතකොට
මල්ලත් මගේ පාත් වෙලා

" මට කියලා ඔතෙන්ට ඇවිත් තොගෙ මල්ල පාත් කරගන්නෙ නැතුව ඔය මගුල වහලා දාපන් අශ්වින්... මන් උබට මේ අන්තිම වතාවට කියන්නේ"

DEFAULT TITLE 📌 (non fic) ✅Where stories live. Discover now