35📌

746 76 28
                                    


" උබ මාව ආයමත් රවට්ටනවද වස්තු "

"අශ්වින්... මන් කියන දේ අහපන් බන් උබ හිතනවා වගේ දෙයක් මෙතන නෑ"

මන් හිතුවේ බකට් වෙනස් වෙලා කියලා.. මට ඇත්තටම ආදරේ කරන්න අරන් ඇති කියලා..ඒත් ආයමත් සැරයක් මන් රැවටුනා..මේ මිනිහා මගේ ආදරේ ආයමත් උගේ සෙල්ලමකට අරගත්තා..
ඒ යෂීර් එක්ක කතා කලේ අරාෂී.. මේ වෙනකම් මාව නැත්තටම නැති කරලා දාපු බකට්ගේ හොදම යාලුවා කියන එකී..

මුන් දෙන්නා තාමත් එකට ඉන්නවා කියන්නේ.. බකට් මාව... නෑ ඒක වෙන්න බෑ.. එයා කිව්වා එයා හැමදේම අමතක කලා කියලා.. එහෙනම් ඇයි බකට් ඒකිත් එක්ක කෝල් ගන්නේ.. ඒකත් මාවම රවට්ටලා..

" එහෙනම් ඒකි ඇයි තවුසෙට කතා කරන්නේ..මෙතන ෆොටෝ ගහනවා කියලා මාව රවට්ටලා තවුසෙ ඒකි එක්ක කෝල් වල ඉදන් මොන මගුලක්ද කරන්නේ "

බකට්ගේ ෂර්ට් එකේ එල්ලෙන ගමන් මන් කෑගැහුවේ තිබ්බ කේන්තියටමයි..මන් මුට මුල ඉදලම කිව්වා මාව රවට්ටන්න එපා කියලා.. ඒත් මේ මිනිහා කරන්නෙම අමු අමුවේ මාව පුච්චන එකමයි..

" අශ්වින්... පොඩ්ඩක් ඔය කට වහගෙන හිටපන් බන්.. ඉස්සෙල්ලා මනුස්සයෙක්ට චෝදනා කරන්න කලින් ඇත්ත මොකක්ද කියලා දැනගෙන හිටපන් "

බකට් එයාගේ අත් වලින් මාව පිටිපස්සට තල්ලු කලේ කේන්තියෙන් පුපුරු ගහන් ඇස් වලින් මන් දිහා බලාගෙනම..

" මෙන්න මේක හොදට අහගනින් උබට මාව විශ්වාස නැත්නම් මොන හු### ඕයී ආදරෙයි කිය කිය වැලලෙන්නේ.. ඒකි හෙට රට යනවා.. ඒක කියන්නයි මට කතා කලේ.. අනික මන් උබට රැවැට්ටුවේ නෑ බන්.. ඒකී මගෙන් ඉල්ලුවේ උබ මන් ලග ඉන්නවා කිව්වම උබව පෙන්නපන් කියලා..නැතුව මට ඇති අමාරුවක් නෑ ඒකි එක්ක කෝල් වල නැලවෙන්න "

ඒ කියන ගමන් බකට් අහස දිහා බලාගෙන එයාගේ ඇස් තදින් පියා ගත්තේ හරියට එයාවම සන්සුන් කරගන්න වගේ.. එයාගේ පපුව වේගෙන් උස් පහත් වෙන්නේ එයාගේ හිතේ තියන කේන්තිය නිසාමයි කියලා දන්නවා.

. ඒත් මන් over thinking කරන එකෙක්.. ඉතින් පොඩි දේ ගැනත් මහ ලොකුවට හිතන එක මගේ වැරද්දක්ද දෙයියනේ.. over thinking කරන එකෙක්ට පාරේ ඉන්න බල්ලෙක් රවලා බැලුවත් සෑහෙන්ඩ ලොකු දෙයක්.උට ඒකම ඇති දවස් ගානක් හිත හිත දුක් වෙන්න.. මාත් එහෙම එකෙක් වෙච්චකොට මන් කොහොමද බකට් වෙන එකියක් එක්ක ඉන්නවා කියන එක දරාගන්නේ...

DEFAULT TITLE 📌 (non fic) ✅Where stories live. Discover now