19📌

543 84 10
                                    


බුදාම්මෝ!! මේ යකාගේ බර.. අලිමස් වත් ගිලිනවද මන්දා.. බොට හොද..ම වැඩේ බකට් පණ්ඩිත ගෙම්බා වගේ බෝතල් පිටින් ගහන්ඩ යනවට..

මෙච්චර වෙලා මාත් එක්ක නටන්න පුළුවන් දහ අට සන්නියම නටලා.. දෙන්ඩ පුළුවන් වද ඔක්කොම මට දිලා දැන් යස අගේට හොර පූස් තඩියා වගේ නිදාගෙන ඉන්න බකට් උතුමාණනුත් අරගෙන මන් එයාගේ ගුහාව අස්සට ගියා..

මේ මිනිහා දැන ගන්ඩ ඕන බැරි මගුල් නොකර ඉන්ඩ.. මෙතන ගියා අලි ඔලුවා වගේ මට පාට් දාන්න.. දැන් වෙරි මතේ නිදාගෙන ඉන්න හැටි විතරක්.. අනික ඔච්චරටම කේන්ති ගන්ඩ මන් මහලොකු දෙයක් කලා යෑ.. කලිසම විතරයිනේ ගැලෙව්වේ ඒකත් ඉතින් පොඩීම පොඩි එව්වා මෙව්වා එකක් වෙලානේ ගැලවුනේ අප්පා...

සැක්!! අපරාදේ මූ මට බීපන් කියපු වෙලේ බෝතලේ පිටින්ම බොන්ඩ තිබ්බේ... නිකාම් අපරාදේ මූ බෝතලයක් පිටින්ම පොලවේ ගැහුවනේ.. බකට්ට නම් මොකෝ කජු ඇටද කොස් ඇටද ඉතින්.. හැම මගුලටම උගේ මහා ලොකු අයියණ්ඩිලා ටික ඉන්නවනේ මුට දාගෙන වියදම් කරන්ඩ..

" My flower... my flower belongs to me"

" I... I need y... you "

"D..don't leave me a...alone "

බකට්ව බෙඩ් ෂීට් එකෙන් හොදට පොරෝලා එලියට යන්ඩ හැදුවා විතරයි මේන් මේ මිනිහා මගේ ඉන වටේ උගේ අත් දෙක යවලා බදා ගත්තා කියපන්කෝ.. ඒ අස්සේ මොන මොනවදෝ මගේ බඩට මූන තදකරගෙන මුමුණනවත් එක්ක..

බකට් ගාව හරි සුවදයි.. මෙච්චර කාලෙකට එයා මේ මට ලං වුනාමයි.. ඒත් ඒ එයා අද බීලා ඉන්න නිසා විතරමයිනේ.. එතකොටනම් යාන්තමට වගේ දුකත් හිතෙනවා..

ඇත්තටම බකට් ඇයි මේ විදිහට හැසිරෙන්නේ වෙන වෙලාවට මාව මරාගෙන කන්න තරම් කේන්තියෙන් දගලන එයා දැන් හරියට පොඩි දරුවෙක් වගේ මාව තුරුලු කරන් ඉන්නවා.. ඔයාගේ නපුරුකම අස්සේ තියෙන ඇත්තම රූපේ මේකද බකට්.. මොනවද ඔයා මේ තරම් හිතේ තියාගෙන විදවන්නේ..

එයාව හෙමිහිට ඇද උඩින් තියන ගමන් මම බෙඩ් ෂීට් එකෙන් එයාව සම්පූර්ණම වැහුවා..

ඒත් අනේ මට හරි කුතුහලේ අප්පා.. මේ මිනිහා මට මේ මොනවද මන්දා හංගන්නේ..

DEFAULT TITLE 📌 (non fic) ✅Where stories live. Discover now