22📌

560 77 4
                                    


විසිල් සද්දයක්.. ඔව් ඒ ඇහුනේ කවුරුමහරි විසිල් ගහන සද්දයක්..

ෆෝන් එකත් එක අතකින් අල්ල ගන්න ගමන් මන් මල් පොකුරත් තුරුල් කරගෙන පිටිපස්සෙන් පිටිපස්සට ගියා.

මුලු පලාතම කට්ට කලුවරයි.. ෆෝන් එකේ බැටරි අඩු නිසා ෆ්ලෑෂර් එකේ  එලිය පවා මේ කලුවරේ ඉන්න තරම් සෑහෙන්න එලිය අඩුයි..

" කවුද ඩෝ මේ මහ රෑ බය කරන්නේ..
ඉන්න එකෙක් එලියට වරෙන් යකො පො## වැඩ කරන්නේ නැතුව "

ආයමත් ඒ විසිල් සද්දෙ ඇහෙනවා.. මහ අමූතුම ගැඹුරු හඩකින්..

" අඩේ ඉන්න එකෙක් වරෙන්කෝ බන්.. මාව බයකරන්න එපා ඕයි "

මූ එන්න එන්නම මාව බය කරනවා අප්පා..මේ යකා ඉන්නේ කොහෙද කියලවත් හොයාගන්න බැරි තරමටම

" මහසෝන් යකා.. මේ තවුසේ නේද ඕයි.. අඩේ මට පාඩුවේ ඉන්න දීලා පලයන්කෝ "

"ආහ්!! මාව අතෑරපන් මිනිහෝ.. අඩේ බේරගන්නෝ.. අම්මා මෙ බ් ම්ම්ම්ම්ප්හ්"

මගෙ පිටිපස්සෙන් ආපු කෙනා එක පාරටම මොකක්හරි දේකින් මන් හිතන්නේ ඒක රෙදි පටියක්.. ඒ රෙදි පටියෙන් පිටි පස්සේ ඉදන් මගේ ඇස් තද කරලා බැන්දා.. මන් එතනින් පැන ගන්න හැදුවත් මාව බිත්තියට තල්ලු කරන ගමන් ඒ කෙනා මගේ තොල් අල්ල ගත්තේ වියරුවෙන් වගේ..

ම්ම්හ්ප්ප්ප්ප්... මන් කොච්චර කැගහන්න හැදුවත් කොච්චර ඒ කෙනාව මගේ ඇගෙන් තල්ලු කරන්න හැදුවත් එයා මාව තව තවත් බිත්තියට තද කරගත්තා.. මගේ වචන පවා උගුර ඇතුලේ හිර වෙද්දි එයා එන්න එන්නම එයාගේ සිප ගැනීම ගැඹුරු කලා..

ඒ තොල් වල රස මට හොදටම මතකයි... මේ අනිවාරෙන්ම එදා රෑ මන් ලගට ආව කෙනාම තමයි.. ඒත් ඇයි මනුස්සය මෙහෙම කරන්නේ.. මොනවද මෙයා මගෙන් බලාපොරොත්තු වෙන්නේ..

ආර්හ්...අම්මා.. එයා පාරටම මගේ තොල් හැපුවේ මගේ තොල් වල රේ රහ මටම දැනෙන්න තරම්.. මගේ තොල් අස්සෙන් එයාගේ ඇගිල්ලක් මගේ කට ඇතුලට දාන ගමන් ඒ කෙනා ටිකෙන් ටික මගේ මූන පුරාම තොල් යවන්න ගත්තා.. නලල කම්මුල් නිකට මේ හැම තැනකම එයාගේ තොල් යැව්වා..

මට ඒ කෙනාව කවුද කියන්නවත් පේන්නේ නෑ.. මේ මිනිහා මගේ ඇස් ඉස්සරහට ඇත්ත රූපෙන් එන්න කැමති නෑ වගේ.. එදා රෑ ආවෙත් මන් කලුවරේ ඉද්දි මේ දැන් පවා ඇවිත් ඉන්නේ කලුවරේ.. ඊටත් වඩා මගේ ඇස් පවා තදින් ගැට ගහලා.

DEFAULT TITLE 📌 (non fic) ✅Where stories live. Discover now