15📌

433 64 17
                                    


" ඔයා මට බයයි ද..?"

" ඔයා දන්නවා මම හොල්මන් වලට බයයි කියලා..
ඒත් ඔයා දන්නවද මම වැඩිපුරම බය මොකටද කියලා... ඒ ඔයා නැතුව ජීවත් වෙන්න.."

" මේ බකට් අනේ පොඩ්ඩක් මේක බලනවකෝ.. මට ඇඩෙනවා ඕයි මේ සීන් එකට..."

" ඕක බලනව නම් කට පියාගෙන බලනවා අශ්වින්..නැත්තම් ඔන්න ඕක වහලා දාලා තමුසෙගේ කාමරේට යනවා.."

බකට් උතුමාණන් එයාගේ පොත් මේසෙට වෙලා එයාගේ පොල් අඩි කුට්ටමත් දාගෙන මොනාහරි ලියනවා.. මන් එයාගේ ලැප් එකත් අරන් ඇද උඩට වෙලා දාගෙන ෆිල්ම් එකක් බලනවා.. ෆිල්ම් එකෙ නම pee mark.. තායි නිසා ඉතින් subtitles වලින් තමා බලන්ඩ වෙන්නේ.ම් දවසක් හිරිකිතය තමා කිව්වේ ඔය ෆිල්ම් එක බලපන් කියලා.. ඌ නම් කිව්වේ හොල්මන් වුනාට කොමඩි ෆිල්ම් එකක් කියලා.. ඌ කිව්ව එකහරි තමා ෆිල්ම් එකේ මුල ඉදල අගටම හිනා කාලා මැරෙනවා..

ඒත් අනේ මාක් එයාගේ බිරිද නක් හොල්මනක් කියලා දැන ගන්න සීන් එකට නම් සෑහෙන්න දුක හිතුනා.. අනික අර එයා කියන වචන ටික " ඔයා දන්නවද මං වැඩි පුරම බය මොකටද කියලා.. ඒ ඔයා නැතුව ජීවත් වෙන්න..!!"  ඒ සීන් එකට නම් සෑහෙන්න දුක හිතුනා.. මාක් මුල ඉදලම එයාගේ බිරිද මැරිලා කියලා දැනන් හිටියත් එයා මැරුණා කියන එක එක දශමයක්වත් පිලිගන්න කැමති උනෙ නෑ.. ඒක ෆැන්ටසියක් උනත් අනේ ඒ ආදරේ දැක්කමත් ලෝභ හිතෙනවා අප්පා.. මටත් මාක්ගේ වගේ ආදරයක් තිබ්බනම්.."

" බේ බකට් "

ෆිල්ම් එකේ අන්තිම කොටස වෙනකම්ම බලලා ලැප් එකත් ඕෆ් කරලා මන් බකට් ලගට ගියා.. ලගට ගියා කිව්වෙ එයා ලගට වෙන්ඩ තිබ්බ පුටුවක් අරන් ඉදගත්තා..

" ඒ පොඩ්ඩක් බලපන්කෝ බන් "

" කියනවා "

බකට් එයා ලිය ලිය හිටපු පොතත් වහලා දාන ගමන් මන් ඉන්න පැත්තට හැරුනා..

" ඔයා හිතනවද බකට් අපි එහෙම දේකට ගැලපෙනවා කියලා "

" කොහොම දේකටද?.."

එයා ඇහුවේ මෙච්චර වෙලා දාන් හිටපු පොල් අඩි දෙකත් ගලෝලා මේසේ උඩින් තියන ගමන්..

" මන් කිව්වෙ අපේ මැරේජ් එක ගැන බකට්.. අපි පොඩි කාලේ ඉදන්ම එකට හැදුන එක ඇත්ත.. ඒත් ආදරයක් අඩුම තේරුම් ගැනීමක්වත් නැතුව කොහොමද අපි ඉස්සරහට ජීවත් වෙන්නේ.."

DEFAULT TITLE 📌 (non fic) ✅Where stories live. Discover now