01📌

1.7K 129 36
                                    


" ඇ මන්දෝදරි, මන් රාවණා
ඇ කාමිණි මමයි වත්ස්‍යායණ
වෙනසක් නෑ මධ්‍යම රාත්‍රි , මධ්‍යහන
මේ හෝරාවයි සංවාස අධ්‍යාපන..

" වෝහ් නංගේ මොනා බලන්නේ.. අයියලගේ වොයිස් එකට හිත කීරී ගැහුනවත්ද "

Ayy කාලගුණේ සීතලයි , අපි දෙන්නා මීදුමයි..
එක පාර ඇවිත් ගිම්හානෙයි ශ්‍රීත සෘතුවයි.. උශ්නත්ව මාපකේ අංශක බිංදුවයි. රතු වෙලා! වගෙයි, ඈ පුපුරන්න මිනිත්තුවයි"
තව මදියි ඇගේ කාමුක දෑස් අයදි
ඈ ලගදි " රති" මාර දූත් පරදි
ඈ කොදුරයි මගේ කණට උරහිසට බරවී.. "මා සනසන්න හැකි නුඹට ප...ම...ණී..."

" ඕක නවත්තපල්ලා යකුනේ.. අපි මේ ඉන්නේ මහ පාරේ.. අනික බලපන් ඔය සිංදුව කොච්චර අප්‍රසන්නද කියලා මේ ගෑනු ලමයිනුත් ඉන්නවා.. ශික් තොපි නම්"

කිරි අප්පට බල්ලෝ පැනපි කිව්වලු මුගේ ගෑස් යකෝ.. අපරාදේ පොත්වල සල්ලි උක්කන්න පෙලට නොහොත් අපොස උ/පෙල සාපේ සුභ මොහොර්තෙන් අවසන් කොරලා ආතල් එකේ බාලිකාවේ කෙල්ලො රොත්තකට ලයින් පාරක් දාගෙන ඉද්දි මේ කොහෙවත් යන බේසමා නංගිලා ටිකකේ දුක අහන අයියා වෙන්න ගියානේ.. ඕකව නම් අම්මපා ඊළග පාර හොර චන්ද දාලා හරි කාන්තා කටයතු ඇමති කොරලා දාන්න ඕන උගෙත් පුදුම ඇම්මක්නේ කොහෙදවත් යන රේන්ද කෑලි වලට තියෙන්නේ..

" ඕයි ඕයි හිරිකිතයා ඔහොම හිටු යකෝ.. තෝ ඔය භූමි නමස්කාරයක්ද සුනඛයෝ කරන්නේ.. අපි එනකන් .."

අපේ සෙට් එකේ අතිඋත්තම බෝධිසත්වයා නොහොත් අනුත්තරයා අපි කිය කිය හිටපු කවිපද ටික දිරෝගන්නද බැරුවද කොහෙද කෙල්ලෝ ටික ඉස්සරහ ඉදන් හෙන ටෝකක් දීගෙන පාර පයින්න හැදුවා විතරයි.. චොක්!! මිනිහා ගෙම්බා පොලේ ගැහුවා වගේ මහපාර මැද බිම.. ඕකට හොද වැඩේ බාලිකාවේ ගෑනු ටිකගේ දුක අහන අයියා වෙන්න ගියා.. උගේ නම අනුත්තර උනාට උගේ කාඩ් එක මිස්ටර් හිරිකිත,

ඔය අනුත්තරයා කියන එකා සෑහෙන සීලවන්තයා මන් හිතන විදිහට මූ හතර පෝයටම සිල්ගන්නවා ඇති.. උගේ වැඩේම අපි මොන මගුල කරන්න හැදුවත් - එපා බන් ඕවා කරන්න අප්‍රසන්නයිනේ, ඕම කන්න එපා බන් අප්‍රසන්නයිනේ, ඕම කෑගහන්න එපා බන් අප්‍රසන්නයිනේ see more... අපි ලැට් එකට ගිහින් චූ කරත් ඒකත් උට අප්‍රසන්නයී.. ඕං ඕක නිසාම ඕකාගේ කාඩ් එක හිරිකිතයා

DEFAULT TITLE 📌 (non fic) ✅Where stories live. Discover now