28📌

387 63 9
                                    

වර්ථමානය..

බකට් කිව්වා වගේම අම්මා හවස් වෙද්දි අපේ ගෙදර ආවා.. අම්මට කිසිම වෙනසක් පෙන්නන්නේ නැතුව ඉන්න හැදුවත් එයාට සැකහිතිලදෝ මන්දා මාවයි බකට්වයි එයාගේ ඉස්සරහ තියාගෙන ලෝකේ නැති ප්‍රශ්න අහන්න ගත්තා..ඒත් අනේ මන් කොහොමද අප්පා එයාට කටක් ඇරලා කියන්නේ මන් මෙහෙ හිරකරලා ඉන්නෙ කියලා..

" චීස් බබා උබ මෙහෙ සතුටින් ඉන්නවා නේද "

" ඔව් අම්මා..  අශ්වින් මෙහෙ සතුටින් ඉන්නෙ "

මන් උත්තර දෙන්නත් කලින් බකට් කිව්වේ මගේ කරට අතකුත් දාගන්න ගමන්.

" මන් ආවේ යෂීර් පුතා ඔයාලා දෙන්නට දෙයක් කියලා යන්න "

" ඒ මොකක්ද අම්මා "

අම්මා මන් දිහා බලන ගමන් මගේ අතක් අරගෙන එයාගේ අත උඩින් තියාගත්තා.

"  මගේ හිතට මොකක්දෝ බයක් දැනෙනවා පුතා.. මේ දවස් ටිකේම මන්  නරක හීන දැක්කා.. පුළුවන් නම් චීස් බබා යෂීර් පුතා එක්ක ගිහින් ලග තියෙන පන්සලේ බෝධි පූජාවක්වත් තියන්න බලපන් බන්.. මගේ හිතට මහ අමුත්තක් දැනෙනවා "

" අයියෝ මැණිකේ ඔයත් ඔය බොරු මනස්ගාත ඔලුවට දාගන්න එපා අප්පා.. මේ ඔයාගේ චීස් බබායි බෑනා කොල්ලයි ආතල් එකේ ඉන්නේ අනේ"

මාවම රවට්ට ගන්න වගේ බොරු හිනාවක් මවාගෙන මන් අම්මා දිහා බැලුවා.. මට ඉන්න ලොකුම අපලේ මගේ එහා පැත්තට වෙලාම ඉද්දි තවත් මොන නරකක් වෙන්නද.. බකට් නම් අම්මා ඉස්සරහට වෙලා ඉදගෙන ඉන්නේ මේ දැන් අටසිල් සමාදන් වෙච්ච උපාසක මහත්තයා වගේ කිසීම කලබලයක් නැතුව..

අපිත් එක්ක පැයකටත් වඩා කතා කර කර හිටපු අම්මා යන්න ගියේ එයාලගේ සමිතියේ මොකක්ද වැඩකට යන්න ඕන කියලා.. අම්මා ගියා කියන්නේ ආයෙමත් මන් මේ අපාය ඇතුලේ හිරවුනා.. සමහරවිට බකට් මාව දැන් අර කලුවර කාමරේ ඇතුලට ගිහින් දාවී..

" අශ්වින් "

අම්මා යන දිහා ඔහේ බලාගෙන හිටපු මන් ආහපු හැරුනේ පිටිපස්සෙ ඉදන් ඇහුන බකට්ගේ කටහඩින්.

"  මන් ආයෙත් පහල කාමරේට යන්නම්"

බකට් කියන්න හදන දේ දන්න නිසාම මන් බිම බලාගෙනම පහල කාමරය තියන තැනට යන්න හැදුවා.. ඒත් එයා මාව ආපහු නැවැත්තුවා..

DEFAULT TITLE 📌 (non fic) ✅Where stories live. Discover now