3📌

541 79 11
                                    


අම්මයි සුභා ආන්ටියි සාලේට වෙලා බර කයියක.. මන් සෝෆා එකේ දකුණු පැත්තට වෙලා රිමෝට් එකත් අතේ තියාගෙන Tv එකේ චැනල් එහාට මෙහාට කරකෝනවා.මිස්ටර් බකට් නම් එලියේ ඉස්තෝප්පුවට වෙලා ෆෝන් එක කොටනවා.. මන් අපේ අම්මට විහිලුවට කිව්වට මුට සිරාවට කෙල්ලෙක් ඉන්නවත් ඇති ඉතින් මට මොකටද ඕවා.. උට ඒකි හොදනම් මට පාන්ද.

" අශ්වින් පුතා අද exam කොහොමද අපේ එක්කෙනාගෙන් ඇහුවයි කියලා මාත් එක්ක වචනයක් තරමවත් කියන එකක් යෑ "

හම්මේ ඒක නම් සැබෑ කතාව ඔය මූසලයගෙන් වචනයක් ගන්නවා කියන්නේ අර මොකාද කැස්බෑවා ඉන්නේ ශික් මට මීටර් වෙන්නෙ නෑනේ ආන්න හාරි කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ අති දුර්ලභ සංසිද්ධියක්..

" අවුලක් ගියේ නෑ ආන්ටි ශේප් එකේ කරගත්තා මොනා නැතත් S තුනක් ශුවර් කොල්ලා වැඩ්ඩනේ බැරි වෙලාවත් ලයිට් කනු උස්සන් ආවොත් මේ හිච්චි ගෙදර ලෝඩ් කරන්න ඉඩ තියෙන්නත් එපැයි"

ටී ෂර්ට් එකේ කොලර් එකත් up කරගන්න ගමන් මන් කිව්වේ  හෙ..න..... ගැම්මෙන්.. අපේ අම්මනම් මන් දිහා බලාගෙන හිටියේ දැන් බැදලා කනවද නැත්නම් ඩෙවල් දානවද සීන් එකේ.  සුභා ආන්ටිගෙනම් මූනෙන් එකයි මල් හිනාව ඒ අස්සේ ඉස්තෝප්පුව පැත්තෙන් ඉන්න එකා කහින සද්දෙකුත් ආවා.. අනිවා මිස්ටර් බකට්ට ක්ෂය රෝගේ තියෙනවා ඕකා මෙහේ ආපු වෙලේ ඉදන් කහිනවා කහිනවා ඉවරයක් නෑ..

" ඇරපු අතක් නෑ තනිකරම සිතුම්ගේ කපාපු පලුව. කටත් ඒ වගේම තමා "

ඔන්න ඔන්න ඇන්ටියෝ දැන් තමා මගේ රතු කට්ට පයින්නේ මන් ආස නෑනේ ඔය එහෙන් මෙහෙන් මාව අල්ලන සීන් වලට.. යකෝ වෙන  මිරිකන්න තැන් නෑ වගේනේ මේ ගෑනී මගේ සුදු කම්මුල මිරිකන්නේ. තාත්තගේ පුතා තාත්තා වගේ වෙන්නේ නැතුව උබේ මිනිහා වගේ වෙන්ඩද කියන්නේ ඇන්ටියෝ.. යස අගේට තියේ මාත් බැරි වෙලාවත් මිස්ටර් බකට් වගේ එකෙක් වුනොත්

" දැන් හතාමාරටත් කිට්ටු එකේ අපි කාලාම ඉම්මු සුභා.. කතා කරන දේවල් පස්සේ කතා කරන්න බැරියෑ.. යෂීර් පුතා එන්න කන්න "

" විනාඩි පහක් දෙන්න ආන්ටි මන් මේ කෝල් එක ඉවර වෙලා එන්නම්"..

විඤාඩි පහක් දෙන්ඩ ආන්ටි යැයි යැයි තමා. ඇයි ඌ ජනාධිපතිනේ උට හදිසි කෝල් එන්න ඔය ඕකා එල්ලගෙන ඉන්න උරචක්‍රමාලේ වෙන්ඩැති.. මාත් ශේප් එකේ උලුවස්ස ලගට ගිහින් බෙල්ල දැම්මේ වහින්ඩ එනවද කියලා බලන්න නැතුව මේ මිස්ටර් බකට්ගේ කෝල් හොරෙන් අහන් ඉන්න ගියා නෙමෙයි.

DEFAULT TITLE 📌 (non fic) ✅Where stories live. Discover now