24📌

390 65 16
                                    

" යශ්වින් "

" ඒ නම හරි ලස්සනයි අයියේ"

" නංගේ මේ මගුලක් කතා කරනවා..මගේ නම අ අල්ශයන්න වියන්න අල්නයන්න අශ්වීඊඊන් අනේ..මෙන්න මුට පිස්සු අප්පා.."

"අශ්වීඊඊඊන් "

" ඒ පාර මොකද මිනිහෝ "

"ඔය කට වහගෙන ඉදපන් "

මෙච්චර වෙලා ආතල් එකේ බහිංසා ෂිප් එක නැව් ගත කර කර හිටපු  සයෝනරා කොල්ලත් එක්ක නිකම් ගේමට එන්ඩ වගේ මෙන්න මේ මිනිහා අර පොඩි නිබ්බිත් එක්ක එකතු වෙලා යශ්වින් කියලා නැවක් නැව්ගත කරන්ඩ හදනවා.. තාම මන් මේකාව බැදලත් නෑ අඩුම බදින්න හිතලවත් නෑ.. අම්මපා මේ මිනිහට පිස්සුවත් හැදිගෙන එනවද මන්දා.. ප# යශ්වින් බලපන් නමේ කැත විතරක්..
බ්වෑක්කා..

" එහෙනම් යෂීර් අයියා අශ්වින් අයියා මේ song එක මන් ගානේ ඔයාට"

ලස්සන හිනාවකින් මගේ මූන දිහා බලන ගමන් ඒ ගෑනු ලමයා වයලීන් එක අතට ගත්තා..

" නංගී පොඩ්ඩක් ඉන්න "

බකට් ඒ ගෑනු ලමයව නවත්තන ගමන් එයා ඉදගෙන හිටපු තැනින් නැගිටලා අපි ඉන්න තැනට ටිකක් එහාට වෙන්න තිබ්බ බංකුවක් ලගට ගියා..

බකට් එයාගේ ෆෝන් එකේ කැමරා එක ඔන් කරන ගමන් මන් දිහා බැලුවා..

" අශ්වින් can you dance for me "

ටහිකේ!! මෙන්න යකෝව් මේ මිනිහා මාව මේ දෙනෝදහක් ඉස්සරහ නටවන්න හදනවා.. අම්මපා මේ යකාට පිස්සුවත් හැදීගෙන එනවද මන්දා

" මට බෑ.. මන් රිලෙවෙක් කියලා හිතුවද ඕයි තවුසේ ගහන ගහන පදේට නටන්න"

බිම මන් ගලෝ ගලෝ හිටපු තණකොල ගස් ටික එකතු කරන ගමන් මන් බකට් උතුමාණන්ව එක පාරින්ම reject කරලා දැම්මා.. ඇයි අප්පා මූ හදන්නෙම මාව උගේ වහලෙක් කරගන්ඩමනේ..

" අශ්වින් අයියට dance කරන්නත් පුළුවන්ද "

ඒ ගෑනු ලමයා ඇ වයලීන් එකත් පැත්තකින් තියන ගමන් ඇහුවේ පුදුමෙන් වගේ..

"Yes, he was the best dancer in our school "

බකට් එයාට උත්තර දෙන ගමන් මන් දිහා බැලුවා..

" අශ්වින්.. මන් මේ තමුසෙගෙන් කරන්නේ ඉල්ලීමක් විතරක්ම නෙමෙයි.. අන්න ඒක මතක තියාගන්නවා..."

DEFAULT TITLE 📌 (non fic) ✅Tempat cerita menjadi hidup. Temukan sekarang