34📌

402 53 7
                                    


"මොනවද ඔය මුද්ද දිහා බලාගෙන කරන්නේ.. ආය පැනලා යන්නවත් හිතුනද "

" ම්න්හ්..තවුසෙ මට ප්‍රපෝස් කරපු විදිහ මතක් වුනා "

ඊයේ වෙනකම්ම දැක්ක දුටු තැන මරා ගත්ත ත්‍රස්තවාදියෝ වගේ අපි දෙන්නා අද වෙනකොට සාලිය අශෝකමාලා වගේ  නිලලත් හෙවත් බොක්කෙන්ම ලව් කරන ආදරවන්තයෝ වෙලා තිබුනා..හැබැයි ඉතින් වරහන් ඇතුලේ විවාහක..

බකට්ගේ ගාර්ඩ්න් එක ඇතුලේ තිබ්බ තණකොල ගොල්ලේ ඉදගෙන අපි දෙන්නම හිටියා වෙද්දි බකට් පුරුදු විදිහටම පොතකුත් අතේ තියන් කියවන්න ගත්තා..

මන් බකට්ගේ උකුල උඩ ඔලුව තියාගෙන හිටියේ එයා මගේ අතට දැන් ටිකකට කලින් හදලා දාපු ඩේසිමල් මුද්ද දිහා බලාගෙන..

වම් අතේ වෙදැගිල්ල මාව එයාගෙම කියන්න අයිතිවාසිකම් පිරුණු මුද්දකින් පිරිලා තිබුනත් මගේ දබර ඇගිල්ලට බකට්ගේ අතින්ම හදලා දාපු කැලෑමල් මුද්දට හරි ආස හිතුනා.. මොකද ඒක ඇතුලේ මගේ මල් පිස්සගේ ආදරය හැංගිලා තිබුන නිසා..

" මොනවද ඔච්චරටම හිතන්නේ ඇයි මන් ප්‍රපෝස් කරපු විදිහ අවුල් වගේද අශ්වින් "

පොතක් පැත්තකින් තියන ගමන් බකට් ඇහුවේ මගේ අත අරගෙන එයාගේ ග්ල්වුසස් දාපු අත්වල පටලගන්න ගමන්

" අවුලක්මත් නෑ ඒයි.. ඒත් තවුසෙ කියපු කියපු සමහර දේවල් වලට නම් එදා සෑහෙන්න දුක හිතුනා "

" ඒ මොකෝ "

" ඇයි තවුසේ කිව්වේ මේ බැදීම අස්සේ ආදරයක් හොයන්න එපා කියලා "

"ඉතින් "

"දැන් තවුසෙ මට ආදරේ නැද්ද "

"ආදරෙයි "

"එහෙනම් එදා මොන හු### කිව්වේ "

" අශ්වින් කුනුහරප කියන්න නම් ලෑස්ති වෙන්න එපා..මන් උබගේ කට කඩනවා"

කොච්චර මයෙ මිනිහා වුනත් මට මූ එක්ක නම් සෑහෙන්ඩ මල පනිනවා අප්පා.. ඊයේ මොනවද සිද්ධ වුනේ කියලා ඇහුවට කියන්නෙත් නෑ.. ඒ අස්සේ එක පාරටම මට ආදරෙයි කියලා කිව්වා.. අනේ මන්දා මේකා මොනවා ඔය ඔලුගෙඩිය අස්සේ තියාගෙන ඉන්නවද කියලා..

DEFAULT TITLE 📌 (non fic) ✅Where stories live. Discover now