23📌

394 64 13
                                    

" අශ්වින් ගිහින් ඇදුමක් දාගන්නවා "

" ඒ මගුලකටද ඕයි.. මට මගේ නිදහස් දවසෙවත් පාඩුවේ ඉන්ඩ දීපන්කෝ බකට්"

" හරි දැන් උබ ඔය බෑ කියලද කියන්නේ"

"මට බෑ ඕයි බෑ කිව්වොත් බෑම තමයි "

මෙච්චර වෙලා උගේ හොර ගෑනිත් එක්ක මල් කඩ කඩ හිටපු බකට් උත්තමයානෝ කෝල් එක කට් කරපු සනික මට ගිහින් ඇදුම් මාරු කරගනින් කියලා මෙතන මැරෙන්ඩ හැදුවා.. ඒත් මන් නෙමෙයි කනකටවත් ගත්තේ..ඇයි අප්පා මේ මිනිහම මාව නිදහසේ ඉදපන් කියලා ගෙදර යවලා මේන් ආය  මගේ ගෙදරටම ඇවිත් මාව කන්ඩ හදනවා..

" මට එකම දේ ආය ආය කියන්න ඉඩ තියන්න එපා අශ්වින්.. ගිහින් මන් කියපු දේ කරපන් "

මගේ කාමරේට එනකම්ම මන් පස්සෙන් ආපු බකට් උතුමාණන් උගේ ෆෝන් එකටත් කොටන ගමන් ඇද උඩින් ඉද ගත්තා..

" ඉතින් බකට් කොහෙද තවුසේ යන්න හදන්නේ කියනවකෝ.."

ඉනටත් අත් දෙකම තියාගෙන මන් බැලුවේ බකට් දිහා ම්න්හ්.. මූ වගේ වගක් දාගෙන තාමත් ෆෝන් එක කොටනවා..

" මේ මිනිහෝ මන් තවුසෙගෙන් ඇ....."

" මට ඇහුනා ඕයි..කියන දේ අහලා ලෑස්ති වෙයන් "

" ඉතින් ලෑස්ති වෙන්න ඉස්සෙල්ලම කොහෙද යන්නේ කියපන් "

" lunch ගන්න.. තමුසේ කොහොමත් තාම උදේටවත් කාලා නෑනේ..

සැක්!! මූ දන්නේ කොහොමද මන් තාම උදේටවත් කාලා නෑ කියලා.. මෙහෙමයි ඉතින් මයෙ මැණිකෙත් නැති නිසා අස්වින් කොලුවා හිතුවේ තව ටිකක් වෙලා ඉදලා බෙලෙක්කයගේ ගෙදර යන්ඩ.. එහෙ ගිහින් මොනාහරි සප්පායන් වෙලා අරුන් ටිකවත් එක්ක මහසෝන් යකා ගැන සර්ච් පාරක් දාන්ඩ.. දැන් ඒ අස්සේ බකට් උතුමානන් ඇවිත් මගේ සේරෝම plan අවුල් කරලාම දාන්ඩනේ අප්පා හදන්නේ.

" එහෙම නෙමෙයි බකට්.. තවුසේ ගිහින් කනවකෝ..මන් ගෙදෙට්ට වෙලා මොනවහරි හදාගන්නම්"

කෝමහරි මුගෙන් බේරෙන්ඩ ක්‍රමයක් හිත හිත පොත් මේසේ උඩින් ඉදගන්න ගමන් මන් බකට් දිහා බැලුවා..

" මන් මේ උබට බොහෝම ඉවසීමෙන් කියන්නේ අශ්වින්.. මගේ ඉවසීම ඕනවට වඩා සෙල්ලමකට අරගෙන අන්තිමට උබටමයි විදවන්න වෙන්නේ"

DEFAULT TITLE 📌 (non fic) ✅Où les histoires vivent. Découvrez maintenant