Last chapter

577 84 45
                                    

අද වෙනදට වඩා වෙනස් දවසක් උනේ කාලෙකින් හැමෝම එකට එක තැනකට එකතු වෙලා නිසා.ඔව් ටේගෙ family එකය් jungkook ගෙ family එකය් හැමෝම හිටියෙ ටේකුක් මැන්ශන් එකේ අහ් තව අපේ යුන්මින් කපල් එකත් මේ අතරෙ හිටියෙ එයාලත් ෆැමිලි එකේ වගේ නිසා.ඉතින් ටේකුක් මැන්ශන් එක ඇතුලෙ මේ වෙලාවෙ නිශ්ශබ්දතාව කියන දේ හොයන්නවත් නැති තරම්.

ජින් කුස්සියෙ ඉදන් කුකී එක්ක ඩිනර් එක රෙඩි කරද්දි ජිමිනුය් කාය්ත් ගිහින් එතනට ගිහින් උදව් කරා.ඒ කට්ටියගෙ රහස් සාකච්ඡා සේරම කිචන් එකේ කෙරෙද්දි ටේගෙය් කුකීගෙය් ඔම්මල දෙන්නා ලිවින් රූම් එකේ සෝෆා එකට වෙලා ඒ දෙන්නගෙ ආගිය තොරතුරු අලුත් ෆැශන්ස් ඩිසය්න් වගේ ඕප දූප කතා කරා..එතකොට mr.jeon and mr.kim වෙනදා වගේ තමා වෙනසක් නෑ business ගැන තමා ඒ දෙන්නගෙ කතාව කොච්චර නිදහසේ business වලින් ඈත් වෙලා හිටියත් එයාලට business අතෑරලම දාන්න බෑ මොකද business කියන දේ එයාලගෙ ඇගේ තියෙන දෙයක් වගේ...ඉතින් ඔහොම තැන් තැන් වල ඒ ඒ කතා සාකච්ඡා කරගෙන යද්දි අපේ ටේහ්‍යුන්ග්ල මොනා කරනවා ඇද්ද?..කියන්න සතුටුය් මිත්‍රවරුනී ටේහ්‍යුන්ග් හොබී යුන්ගි නම්ජුන් මේ හතරදෙනාම garden එකට වෙලා රට පටලන් කල්පනා කරන්නෙ රෑට සෝජු පොඩ්ඩක් කටගාන්නෙ කොහොමද කියල ...ඒක හරියටම කියනවනම් රෑට සෝජු පාටියක් දාන්න එයාලගෙ වය්ෆිලාගෙන් අවසර ගන්නෙ කොහොමද කියල කල්පනා කරන්නෙ කියල කිව්වොත් හරි...

"උබ අහපන්.."

"මට බෑ උබ අහපන්.."

"අනේ මේ මට තව කල් ජීවත් වෙන්න ඕනි උබ අහපන්.."

"මේ ටේහ්‍යුන්ග්ට කියපන් ඌ අහය් .."

"මොකක්...මේ මම? පිස්සුද මට බෑ අනෙ අම්මෝ මේ නිකන් ඉන්න.."

ටේහ්‍යුන්ග් ඇස් දෙකත් ලොකු කරගෙන කෙල ගිලින ගමන් කිව්වෙ කුකීගෙන් අහල permission ගත්තත් අනිත් කට්ටිය ගිහාම එයාට වෙන සෙතේ මැවිලා පේන්න ගත්ත නිසා..

දැන් උබලා එකෙක්ටවත් අහන්න බැරිනම් ඉතින් කරන්න වෙන්නෙ නෑ මේක..

යුන්ගි හැමෝගෙම මූනවල් දිහා බලාගෙන එහෙම කියද්දි ඔක්කොම මූනවල් මැලවිලා ගියේ හුලං ගියපු ටයර් වගේ..

You've reached the end of published parts.

⏰ Last updated: Oct 17, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

My Wattpad Lover (Taekook)✔️Where stories live. Discover now