12>

532 98 4
                                    

ඒත් එක්කම කුකී ටේ ඉන්න තැනට ඇවිල්ල



"අහ්ම්...ඔයා යන්නෙ නැද්ද?"



කුකී උගුර පාදනගමන් අහද්දි ටීවි එකට අවධානෙ දීල ටේත් කුකීගෙ පැත්ත හැරුනා..



"දුක සැප බලන්න ගෙදරට ආපු කෙනෙක්ට ඔහොමද සලකන්නෙ ආ"



ටේ කටත් ඇද කරන් කිව්ව විදිහට කුකීට හිනා යන්න ආවත් හිනාව තදකරගෙන ටේව ගනන් ගන්නැතුවම කතා කරා..



"ඊයෙ කතා කරල හොදට දුක සැප බැලුවනේ ඒ ඇති"


කුකී ටේගෙ හිත රිද්දන්න එහෙම කිව්වෙ නැති උනත් ඒ කතාවෙන් ඇත්තටම ටේගෙ හිත රිදුන.මොකද ටේ උනත් දන්නවා ඊයෙ කුකීට කතා කරපු විදිහ හරි මදි කියල .



"අහ් ම්ම් ඇත්තටම ඊයෙ මන් කතා කරපු විදිහට සමාවෙන්න"
ටේ හිමීට බිම බලන ගමන් මිමිනුවා..



"මොකද්ද?...මට හරියට ඇහුනෙ නෑ...."



කුකී කට කොනින් හිනා වෙලා ආයෙම ඇහුවෙ කලින් ටේ කිව්ව එක හොදට ඇහුනත් ආයෙම ටේගෙ ලොකුකම පැත්තකින් තියල ඒක ආයෙ කියනව අහන්න.



"මට සමාවෙන්න ඊයෙ කතා කරපු විදිහට"..



ටේ හොද හුස්මක් අරන් ටීවි එක පැත්තට හැරෙන ගමන් ආයෙත් කියල දැම්මා.."


"හ්ම්ම්ම් හරි හරි හැබැයි ආයෙ එහෙම මට කතා කරොත් මන් හියුන්ට කියනව තව්සෙ මට කෝල් කර කර බය්නව කියල "




මේ සැරේ ටේගෙ කටත් බාගෙට ඇරුනෙ කුකී කියපු දේට.



"යකෝ මන් විතරද බැන්නෙ,තව්සෙගෙ ආඩම්බර කම නිසා තමා මටත් කේන්ති ගියේ .තව්සෙම රණ්ඩුව පටන් අරගෙන මාව කේන්ති ගස්සල මගෙන් බැනුම් ඇහුවම මන් ඒකටත් සොරි කිව්වම හියුන්ටත් කියනවලු බය්නවා කියල ..තව්සෙ මාර එකෙක්නෙ ඕය්"




"මන් එහෙම තමා..."




කුකී ඇස් රෝල් කරලා කියද්දි ටේ ආයෙත් ඔලුව දෙපැත්තට වනල ටීවි එක දිහා බලාගත්තා...





ආයෙත් විනාඩි ගානක් දෙන්නම නිශ්ශබ්දව ඉද්දි




"තව්සෙගෙ මූණ ඉදිමිලා මොකෝ...?මන් කියපුවට ඇඩුවවත්ද?..
ටේ ටීවි එක දිහා බලාගෙනම කුකීගෙන් අහද්දි කුකී කලබල උනා...




My Wattpad Lover (Taekook)✔️Where stories live. Discover now