36>

461 77 14
                                    

අවුරුද්දක් ගෙවුනෙ හිතාගන්න බැරි වේගෙකින්.ටේහ්‍යුන්ග්නුය් කුකීය් marry කරල අවුරුද්දක්.
මේ අවුරුද්ද ඇතුලත ගොඩක් දේවල් වෙනස් වෙලා තිබ්බා.ජන්කුක් කොරියාවෙ company එකේ වැඩ භාරගත්තා.දැනට කොරියාවෙ තියෙන හොදම companys අතරින් එකක් තමා Jeon company එක.ඒ සේරම ජන්කුක්ගෙ මහන්සිය ජන්කුක් හොබී වගේම company එක වෙනුවෙන් මහන්සි උනා.එතනින් ගිහාම ටේහ්‍යුන්ග් වෙනද වගේම එයාගෙ company එක ඉස්සරහට අරන් ගියා.KTH business කිව්වම දැන් ලෝකෙම අදුරනවා.හැබැයි මේ දෙන්නම කොච්චර තම තමන්ගෙ business එක්ක බිසී උනත් මුලින්ම පව්ල තමය් එක.කොච්චර busy life එකක් ගෙව්වත් හැමදාම දෙන්නම සතියට දවස් දෙකක් නිවාඩු දානවා ඒ දෙන්නා වෙනුවෙන්.ඒ දවස් දෙකේ ඇති වෙනකම් දෙන්නත් එක්ක පිස්සු නටන්නෙ ceo පට්ටම් බල්ලට දාලා..ටේහ්‍යුන්ග් ගෙ ජන්කුක් වෙනුවෙන් ආදරේ කලින් වගේමය් එක චුට්ටක්වත් අඩු වෙලා තිබ්බෙ නෑ කලින්ටත් වඩා වැඩි උනා මිසක.ජන්කුක් ටේහ්‍යුන්ග් ගෙ ආදරේට හරි ලෝබය්.මොන ප්‍රශ්නෙ ආවත් ටේහ්‍යුන්ග් ගෙ උනුසුම් පපුව කියන්නෙ ඒ හැමදේම අමතක වෙන තැන .ටේහ්‍යුන්ග් ගෙ පපුවට තුරුල් වෙලා පැය ගනන් සමහර වෙලාවට කියව කියව ඉන්නවා ඒ වෙලාවට ජන්කුක්ට වෙලාව යනවා තේරෙන්නෑ.ටේහ්‍යුන්ග් උනත් එහෙමය් ටේහ්‍යුන්ග් ගෙ සැනසීම තියෙන්නෙ ජන්කුක් ගාව.marry කරල අවුරුද්දක් උනත් අද වෙනකන් ජන්කුක්ගෙ හිත චුට්ටක්වත් රිදෙන්න එක වචනයක් ටේහ්‍යුන්ග් කියල නෑ.දෙන්නත් එක්ක ගෙදර බඩු පියාබන ගමන් රන්ඩු වෙන එක වෙනම කතාවක් හැබැයි ඒ දේවලුත් උපරිම විනාඩි 10ය් දෙන්නගෙන් කවුරු හරි ගිහින් අනිත් එක්කෙනාගෙන් සමාව ඉල්ලලා යාලු වෙනවා.ඒ තමය් ඒ දෙන්නගෙ ආදරේ .එක මොහොතක් ඒ දෙන්නට දෙන්නා නැතුව බෑ දැන්..

ජන්කුක්ගෙ ඔම්මය් අප්පය් හොබීටය් ජන්කුක්ටය් business භාර දීලා දැන් නිදහසේ ජීවිතේ විදිනවා.රටින් රට ඇවිදිනවා මාස තුන හතරකට සැරයක් ජන්කුක්ව බලන්නත් එනවා.ඔක්කොටම වඩා ලොකුම කාරනේ තමය් හොබී marry කරපු එක.එයා marry කරෙත් හැමෝම දන්න කෙනෙක් තමය්.ඔව් ඒ කවුරුත් නෙවෙය් කාය්.ඉස්සර ඉදන්ම දෙන්නගෙම හිත්වල දෙන්නා ගැන කැමැත්තක් තිබුනත් කවුරුවත් ඒ දේ දැනෙන්න ඇරල නෑ.ඒත් අන්තිමට කෙලින්ම ගිහින් හොබී කාය්ගෙන් ඇහුවම කාය් කැමැත්ත දුන්නා. ගෙවල් වලින් ප්‍රශ්නයක් උනෙත් නැති නිසා ඒ දෙන්නත් මාස දෙක තුනකින් marry කරලා Amarica ගියා.දැන් එහේ company එක බලාගෙන ඒ දෙන්නා ලස්සනට ජීවත් වෙනවා.

My Wattpad Lover (Taekook)✔️Where stories live. Discover now