18>

432 91 12
                                    

ටේහ්‍යුන්ග් ජන්කුක්ලගෙ මැන්ශන් එකට ඇවිල්ල දවස් පහක් වෙනවා.හැබැයි මේ දවස් පහේ මේ මැන්ශන් එක ඇතුලෙ ඇහුනෙ නැති දෙයක් නෑ.වෙලාවකට මහ හය්යෙන් මරාගන්නවා ඇහෙනවා.වෙලාවකට මහ හය්යෙන් හිනා වෙනවා ඇහෙනවා.වෙලාවකට ටේහ්‍යුන්ග් බෙරිහන් දෙනවා ඇහෙනවා වෙලාවකට ජන්කුක් බෙරිහන් දෙනවා ඇහෙනවා.ඉතින් මේ මැන්ශන් එක ඇතුලෙ ඔය වගේ සිද්දි තමා මේ දවස් ටිකේ උනේ.

කොහොමින් කොහොම හරි කලින්ට වඩා ටේහ්‍යුන්ග් අතරය් ජන්කුක් අතරය් බැදීම වැඩි වෙලා තිබ්බා.කොච්චර මරාගත්තත් ඊලග විනාඩියෙ දෙන්නා එක්ක හිනා වෙනවා.කුකී තමා හැමදාම එයාලට කෑම හදන්නෙ ඉතින් දවසක් ටේහ්‍යුන්ග් ඇවිල්ල කුකීට උදව් කරන්න හදද්දි අතපසු වීමකින් කුකී ආසම පීරිසි කෝප්ප සෙට් එක බිදපු දවසෙ ඉදන් කුකී ටේහ්‍යුන්ග් ට කුස්සිය තහනම් කලාපයක් කරා.ඔහොම ඉතින් දෙන්නගෙම ජීවිතේ මේ දවස් පහේ චූටි චූටි රන්ඩු අස්සෙ වෙන්දට වඩා සතුටින් ගෙවෙද්දි දෙන්නටම ටික කාලෙක ඉදන් දැනුන හිතේ කියාගන්න නොතේරෙන අමුතු හැගීම දෙන්නගෙම හිතට වැඩිපුර දැනෙමින් තිබ්බා.හැබැයි දෙන්නගෙන් කවුරුත් කවදාවත් මේ ගැන කතා කරන්න ගියෙත් නෑ.මොකද ඒ දෙන්නම බය උනා මේ ගැන කතා කරල තියෙන බැදීමත් නැති කරගන්න.

ඉතින් අද ටේහ්‍යුන්ග් ගෙදර ආවෙ දවස් හතරක් office එකෙන් නිවාඩු අරගෙන.කුකීටත් මේ ටිකේ ටේහ්‍යුන්ග් උදේ office ගියාම කරන්න ලොකු වැඩක් තිබුනා.එයා ආයෙ wattpad කතාවක් පටන් අරගත්තා ලියන්න.මොකද අර කලින් කතා සේරම complete උන නිසා හැමෝම රීඩර්ස්ල ඉල්ලලා තිබ්බ ANGEL KOOKI author ගෙන් අලුත් කතාවක් දෙන්න කියල .ඉතින් අන්න ඒ නිසා කුකී අලුත් කතාවක් පටන් ගත්තා.හැබැයි ඒ ගෙදර ඉන්න අනිත් මනුස්සයත් ඒකෙ දෙන update රෑට කියවනව කියල කුකී හීනෙකින්වත් හිතන්නෙ නැතුව ඇති.ඔව් ටේත් හැමදාම නිදාගන්න කලින් කුකී author ගෙ update එක කියවල තමා නිදාගන්නෙ.ජන්කුක් කියන්නෙ කොරියාවෙ ප්‍රසිද්දම wattpad author කියන එකවත් KIM TH කියල කලින් දවසක බැනල msg දාල තිබ්බ කෙනය් එයා පලවෙනියට rply දාපු කෙනය් ටේහ්‍යුන්ග් කියලවත් මේ දෙන්නට දෙන්නා තාම  දැනගෙන හිටියෙනම් නෑ.

My Wattpad Lover (Taekook)✔️Tahanan ng mga kuwento. Tumuklas ngayon