22>

478 90 36
                                    

ටේ අමාරුවෙන් විනාඩි ගානකට පස්සෙ කුකීව වොශ් දම්මලා එයාගෙ පොඩි ශෝට් එකකුය්  over sized ටී ශර්ට් එකකුය් අන්දල ඇදෙන් හාන්සි කරා.හැබැයි මේ සේරම දේවල් කරද්දි එක චුට්ටක්වත් කුකීගෙ personal area දිහා පොඩ්ඩක් වත් ටේ බැලුවෙ නෑ කුකීගෙ Trouser එක ගලවනකොටත් ටේ හිටියෙ එයාගෙ ඇස් දෙක තද කරල පියාගෙන.චූටි බබෙක්ව වොශ් දානවා වගේ ටේ කුකීව වොශ් කෙරෙව්වෙ..රාගය චුට්ටක්වත් ඒ ඇස් වල තිබ්බෙ නෑ ඒ ඇස් දෙකේ උතුරන්න තිබ්බෙ කුකී වෙනුවෙන් ආදරේ විතරමය්.....

ඉතින් පැයබාගෙකට පස්සෙ ටේත් wash room එකෙන් එලියට ආවෙ ටවල් එකත් කරට දාගෙන.ටේත් ඇදල හිටියෙ දුබුරු පාට ශෝට් එකකුය් සුදු පාට over sized ටී ශර්ට් එකකුය්.ටේ එයාගෙ කොන්ඩෙත් පිහිදාන ගමන් එයාගෙ ඇද ගාවට ගිහින් බැලුවෙ හා පැටියෙක් වගේ උන්ඩි වෙලා නිදාගෙන ඉන්න කුකී දිහා..ටේට කුකී දිහා බලන් ඉද්දි හිනා ගියේ දැන් ටිකකට කලින් වසවාර්තියෙක් වගේ නටපු නාඩගම මතක් වෙලා..

"පිස්සු මගුල...."

ටේ කුකීගෙ රෝස පාට වෙලා තියෙන සිනිදු කම්මුල් අතින් ඇල්ලුවෙ ආදරනීය හිනාවක් එක්ක.ටේ එහෙම්මම බැලුවෙ එයාගෙ බැල්කනී එකේ ග්ලාස් එක දිහා.ගන්න දෙයක් නෑ දෙකම කුඩු වෙලා ගිහින් ග්ලාස් එකේ වීදුරු කෑලිත් එක්ක එතන තිබ්බෙ තඩි ගල් ගෙඩි දෙකක්...

"අහ්හ් මේවගෙන් තමා එහෙනම් මහත්තයා මගෙ ග්ලාස් දෙකට බඩු දුන්නෙ..."
.

ටේ බැල්කනී එකේ බිම වැටිල තියෙන තඩි ගල් ගෙඩි දෙක දිහා බලලා කුකී දිහා බලලා එරෙව්වා.

"ඉන්න හැටි විතරක් අහිංසකයා වගේ දැන්."

ටේ කිව්වෙ කටත් ඇදකරන ගමන්.ටේ ඇදේ කොනකින් වාඩි වෙලා මේ විදිහට කුකීගෙ දිහා බලන් ඉන්නකොට එකපාරටම කුකී නින්දෙන්ම ටේගෙ එක අතක් පපුවට තුරුල් කරගත්තෙ ටේගෙ හදවත වේගෙන් ගැහෙන්න ගද්දි...ටේගෙ අතත් තුරුල් කරන් තොල් උල් කරගෙන චූටි බබෙක් වගේ ඉන්න කුකීගෙ මූන දිහා බලාගෙන ම ටේ කුකීගෙ සිනිදු කොන්ඩෙ අතගාන්න ගත්තා. ඒ වෙලාවෙ ටේට දැනුනේ ටේගෙ මුලු ලෝකෙම එයා ගාව ඉන්නවා වගේ...ඒ හැගීම් නිසාම ටේ යාන්තමට කුකීගෙ නලල තෙත තොල් වලින් තෙත් කරේ කුකීගෙ මූනෙ නින්දෙන්ම ලා හිනාවක් ඇදෙද්දි...

My Wattpad Lover (Taekook)✔️Where stories live. Discover now