29>

508 80 50
                                    

ටේගෙ මැන්ශන් එක ඇතුලෙන්  හති දාන සද්ද ඇහෙද්දි ..ඒත් එක්කම කෙදිරිලි සද්දත් එහෙන් මෙහෙන් ඇහුනෙ වැරදිලා හරි ඒවා අහන් හිටියොත් ඒ මනුස්සයගෙ මොලේට කුප්ප අදහස් දෝරෙගලද්දිය්..

ටේය් කුකීය් දෙන්නම හිටියෙ living room එකේ බිම දිගාවෙලා.කෙදිරිලි සද්දය් හති දාන සද්දය් ඇහුනෙ වෙන කොහෙන්වත් නෙවෙය් ඒ දෙන්නගෙන්ම තමය්.ටේගෙන් කෙදිරිලි පිටවෙද්දි කුකී හිටියෙ හොදටම හති දාන ගමන්.ටේනම් ඒ වෙලාවෙ හිටියෙ කුකීගෙ වැඩවලින් හොදටම හෙම්බත් වෙලා.

"කුකී ඇත්තටම ඔයාට පොඩ්ඩක් වත් හිතක් පපුවක් නෑ.."

ටේ බිම දිගා වෙලා ඉන්න ගමන් ඔලුව විතරක් හරෝලා එයාගෙ එහා පැත්තෙන් බිම දිගා වෙලා ඉන්න කුකී දිහා බලල රවල කිව්වම කුකී හීනි කරගත්තු ඇස් වලින් ටේ දිහා බැලුවම ටේ ආයෙත් හිමීට කෙල ගිලින ගමන් අහක බලාගත්තා.

"ඔයාට ඔහොම සලකපු එක සතුටු වෙනවා හියුන්.මන් ඔයාගෙන් පලිගත්තෙ චුට්ටම චුට්ටය්...
මෙතන වෙන මිනිහෙක් එහෙම ඔය දේ මට කරල අහු උනානම් මන් ඒකව යවන්නෙ අතක් පයක් නැතුව හහ්..."

ඔව් කුකී කියන විදිහට එයා ටේගෙන් වැඩිය පලිගන්න ගියේ නෑ.ඒකට සාක්ශි ටේ දිහා බැලුවම ඕනවටත් වඩා පෙනුනා.

ටේගෙ  හැන්ඩ්සම් මූනෙ කුකීගෙ නියපොතු පාරක් ලස්සනට තිබුනා.තව එයාගෙ ලස්සනට තිබ්බ නහය මැදින්ම ගානට හා දත් සෙට් එකක් හිටල තිබුනෙ හරියට හා ගුලකට හොම්බ දාන්න ගිහින් ඒකෙ ඇතුලෙ හිටපු හාවා එයාගෙ නහය කඩන් කන්න හැදුව වගේ.ඊට පස්සෙ ටේ ලස්සනට මේන්ටේන් කරන එයාගෙ කොන්ඩෙන් අහුරක් කුකීගෙ අත්වල ඇගිලි අස්සෙ තියෙද්දි ටේගෙ ඇදුමත් මීයෝ කාලා වගේ තැන් තැන් වලින් නියපොතු පාරවල් වලට ඉරිල ගිහින් තියෙද්දි  කුකී ටේගෙන් මහ ලොකුවට වෙච්ච දේට පලිගත්තෙ නැති බව හොදටම ඔප්පු උනා....





















Time passed-

මහා යුද්දෙකින් පස්සෙ සාම ගිවිසුම් ගහල දෙන්නත් එක්කම ආවෙ වොශ් එකක් දාලා නිදාගන්න.ටේ washroom එක ඇතුලෙ ඉද්දි කුකී හිටියෙ වොශ් එකක් දාගෙන ඇවිල්ල බෙඩ් එක උඩ ඉදන් කල්පනා කරන ගමන්.ඒ කල්පනාවෙන් එකපාරටම එලියට ආවෙ ටේ wash දාගෙන ආපු නිසා.

My Wattpad Lover (Taekook)✔️Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ