17>

431 86 17
                                    

"ලුවිස් අන්කල් ..."

ලුවිස් කියන්නෙ ටේහ්‍යුන්ග් ලගෙ ගෙදර ඉන්න ගාඩ්

"ඔව් කියන්න මහත්තයා..."

"මං ටික දවසකට ගෙදර එන්නෙ නැති වෙය්.ගේ හොදට බලාගන්න.අනික කවුරු ආවත් ඇතුලට යන්න දෙන්න එපා.හදිස්සියක්නම් ඉක්මනට මට කෝල් කරන්න.හරිද?"

"හරි ටේහ්‍යුන්ග් මහත්තයා..."

ටේහ්‍යුන්ග් හොදට ඇද පැලදගෙන ලොකු සූට්කේස් එකකුත් අරගෙන ඇවිත් එයාගෙ කාර් එකට දැම්මෙ ගෙදර මුරකරු ගේට් එක අරිද්දිය්.ටික වෙලාවක් ගාඩ් එක්ක කතා කරපු ටේහ්‍යුන්ග් එයාගෙ ගෙදරින් ගමන යන්න පිටත් උනා.

කුකී හිටියෙ කිචන් එකේ චොකලට් පෑන් කේක් හදන ගමන්.පෑන් කේක් එකට චොක්ලට් වත්කරනකොටම මිදුලෙන් මහ සද්දෙන් ඇහුන කාර් හෝන් එකට කුකී චොක්ලට් වත් කර කර හිටපු හැන්ද උඩින් ගිහින් විසික් වෙලා නැවතුනේ ෆ්‍රිජ් එක උඩ.

"ආය්ශ්........ ආච්චිට හෑන්ඩ්බ්‍රේක් ගහන්න මොකාද යකෝ මේ කුලප්පුව හැදිලා හෝන් එක උඩ ඉදගෙන ඉන්නෙ."

කුකී හැන්ද උඩින් ගිය පාර එයාගෙ කන අය්නට වැක්කෙරිල තිබ්බ චොක්ලට් ටිකත් ටිශූ එකකින් පිහිදදා ඉස්සරහ ට ගියේ ආපු එකාගෙ දෙමව්පියන්ට සලකන්න.

කුකී ඉස්සරහ ට යද්දි දැක්කෙ ටේහ්‍යුන්ග් කාර් එක පිටිපස්සට එබීගෙන එයාගෙ සූට්කේස් එක බිමට බානවා.

"යහ්හ්හ්...මන් නිකමට හිතුවා මේ පොල් ඔලුවා වෙන්න ඇති කියල .."

කුකී හිටියෙ තොල් තද කරගෙන ටේහ්‍යුන්ග්ගෙ පරම්පරාවට හොදට බනින ගමන්.ඒත් එක්කම කාර් එකේ දොරත් වහලා සූට්කේස් එකත් ඇදගෙන කොන්ඩෙත් පිටිපස්සට කරගෙන ටේ කුකී ඉන්න තැනට ආවෙ නලුවෙක් වගේ.

"ගෙදරට අමුත්තෙක් ආවම එයාගෙ බෑග් එක ගේන්නවත් උදව් කරන්න ඕනි කියල දන්නෙ නැද්ද?"

ටේ කුකී ඉස්සරහ ට ඇවිල්ලා කුකීට රව රව කිව්වෙ දාඩියෙන් පෙගුන එයාගෙ ටීශර්ට් එක ඇතුලට කටින් හුලං පිබින ගමන්.

"හහ් උදව් කරන්න..my ass..ඔයා හිතුවද මන් ඔයාගෙ වැඩකාරයා කියල ...ඔව්වා උස්සන් ආවනම් ඔහේම ඔය දේවල් ගෙටත් උස්සන් යන එකය් ඇත්තෙ"

My Wattpad Lover (Taekook)✔️Tahanan ng mga kuwento. Tumuklas ngayon