6>

572 102 9
                                    

කර්ටන් අස්සෙන් එලිය වැටෙනවත් එක්කම ආයෙත් බෙඩ්ශීට් එක ඔලුවෙ ඉදන් වහගෙන අනිත් පැත්ත හැරිල නිදාගෙන තප්පර 10ක් යද්දිම මහ සද්දෙන් alarm එක වැදුනෙ ආයෙත් සැපට නිදාගත්ත මනුස්ස පරානෙගෙ නින්ද බිමටම සමතලා කරල දාල...

"ආය්ශ් මේ alarm ලබ්බට අම්මපා පන තියෙනවනම් මේක මන් මරල භූමදානය කරනවා....."

කොන්ඩෙත් කුරුලු කූඩුව වගේ එහෙන් මෙහෙන් ඉස්සිලා ඇස් දෙකත් අඩවන් කරගෙන ඇද උඩ වාඩි වෙලා තනියම කියෝ කියෝ බැන බැන ඉන්නෙ මේ කවුරු කියලද ඔයාල හිතන්නෙ........ඔව් ඔව් මේ ඉන්නෙ මුලු කොරියාවම දන්න ඒ wattpad author තමා ඒන්ජල් කුකී.....නැත්නම් අපිට මෙහෙම කියන්නත් පුලුවන් JK Company එකේ අනාගත් CEO ජියෝන් ජන්කුක්......නැත්නම් තව විදිහකට කිව්වොත් හොබීගෙ පිස්සු මලයන්ඩිය.....

"හියුන්ට කියන්න ඕනි හිමීට සද්දෙ ඇහෙන alarm එකක් ගෙනල්ල දෙන්න කියල මගුල..."(හිමින් ඇහෙන alarm තියෙනවද ඉතින් කුකී)

Alarm එක දිහා බලාගෙන බැනල බැනල ඊලගට ඈනුමකුත් ඇරල කොට්ටෙ යට අත ඔබාගෙන නිදිමතේම හෙව්වෙ එයාගෙ රන්කදව...ඔව් ඔව් එයාගෙ 4න් එක...


"මේ ඉන්නෙ මගෙ පන"



4න් එකට උම්ම එකකුත් දීලා 4න් එක on කරල ඩේටා on කරද්දිම මුලින්ම හැමදාම එන wattpad notifi ගොඩ අදත් උදේම ආවා ......

"ඔක්කොම හොදය් දෙය්යනේ මෙව්වා මෙහෙම ඇවිල්ල මගෙ මැනිකට මොනා හරි උනොත් මෙව්වා එවපු එක එකා බාවනවා මන් ගිහින් සත්තය්.."


Notifi වලටත් බැන බැන සේරම delete කරන ගමන් කුකීගෙ ඇහැ ගියේ notifi බාර් එකේ තියෙන KIM TH කියන user ගෙන් තමන්ට inbox ආපු අමුතු mg වගේකට....ඔව් එව්ව අමුතුය් ඒ මොකද කිව්වොත් ඒ ඇවිල්ල තිබ්බෙ හොදට කුකීට අමතපු mg වගයක්.....ඒ ටික දැක්ක ගමන් කුකීගෙ ලාවට තිබ්බ නිදිමතත් ගියාලු ඔන්න.


" Wtf කවුද යකෝ මේ... අම්මපා මු කියල තියෙන ඒව යකෝ බැනපු හේතුව පේන්නෑනෙ inbox ගිහින් seen කරල බැලුවනම් ..නෑ එක්කො ඕන්නෑ මන් කවද්ද inbox mg බැලුවෙ.ඒත් මූ මොකටද බැනල තියෙන්නෙ බලන්නත් එපැය් "

ඇස් දෙකත් ජිල් බෝල කරගෙන විනාඩි ගානක් හිතලා කුකී notifi එක open කරල inbox ගියා....එයා ඒ පිටින් ආපු wattpad mg එකක් seen කරපු පලවෙනි වතාව...








My Wattpad Lover (Taekook)✔️Where stories live. Discover now