A/N

454 83 35
                                    


සභාවෙන් අවසරයි, මා මෙතනට පැමිණියේ අවසාන වතාවට ඕතර්ගේ හෑල්ල ලියා යෑමටයි... ඔයාලා කියවන්නෙ නෑ කියලා දන්නවා... ඒත් ලියන එක යුතුකමනෙ...

හායි... මන් සුලා... !

Mr. Coldy කියන්නෙ මගේ පලවෙනි පොත... Wattpad එකට ඇවිල්ලා සෑහෙන කාලෙකට පස්සෙ ආතල් එකට වගේ නිකන් ඔන්න ඔහේ ලියන්න ගත්ත පොතක්... ඔයාලා මෙච්චර Support කරයි කියලා හිතුවෙ නෑ හැබැයි...

මේ පොතේ වැරදි අඩුපාඩු තියනවනම් සමාවෙන්න... අදට මේ පොත ලියන්න අරන් අවුරුද්දයි මාස දෙකයි දින 24ක්.... අවාරෙට පොල් වැටෙනවා වගේ අප්ඩේට්ස් දීපු එකටත් ක්ෂමාව බාජනය කරනවා....

මුලින්ම, තැන්ක් යූ සෝ මච් මේ පොත කියවපු මගේ හැම රීඩර් කෙනෙක්ටම.... ඔයාලා දන්නව ඇති, කවදාවත් මන් චැප්ටර් එකෙන් දෙන්න උත්සහ කරපු දේ ඔයාලා අරගෙනද කියලා දැනගන්න කමෙන්ට් එකක් දාන් යන්න කියනවා ඇරෙන්න වෝට්ස් කරන්න, මාව ෆලෝ කරන්න කියලා නිකමටවත් මතක් කරලා නෑ... ඉතින් ඒ වෙලත් හැම චැප්ටර් එකකටම වෝට් කරපු, කමෙන්ට්ස් ගොඩාක් දාන් ගියපු, මාව ෆලෝ කරලා මට උදව් කරපු හැමෝටම ගොඩාරියක් ස්තූතියි.... ඔයාලා දන්නෙ නෑ ඔයාලගෙ කමෙන්ට්ස් වෝට්ස් දැකලා මන් කොච්චර සතුටු උනාද කියලා...❤

ඊළඟට, මේ පොත මෙහෙම හරි ලියලා ඉවර කරගන්න හම්බුනේ මාව හැමතිස්සෙම තනි නොකර මගේ ලඟින්ම රැඳිලා ඉන්න ආදරණීය චරිත කිහිපයක් නිසා...

ඉතින්, ලියන්න ගත්ත මුල්ම දවසෙ ඉඳන් වැටුණු, කම්මැලි හිතුනු හැම තැනදිම මඟෙ ලඟින්ම හිටපු මගෙ නංගි බනී,
ඒ වගේම පොඩ්ඩක් පරක්කු උන ගමන් අප්ඩේට්ස් ඉල්ලලා, චැප්ටර් එක දාපු ගමන් ඒක කමෙන්ට්ස් වලින් පුරවලා යන, හැමතිස්සෙම මගේ හැකියාව ගැන කිය කිය මාව වර්ණනා කරලා මාව දිරිමත් කරන මගේ අක්කා ජිනා,
ලියන්න ගත්ත දවසෙ ඉඳලම චැප්ටර් එකක් දාපු ගමන් දුවන් ඇවිල්ලා කියවලා, මීසුයි ජිමිනුයි වෙනුවෙන් මාව මරන්න උනත් පූර්ණ සූදානමකින් හිටපු මගෙ ටුවිනී,
අනේ ලියන්න බෑ බන් මට එපා වෙලා කිව්වහම හනේ &% ලියහන් බන් කියලා මට Support කරපු මගේ මෙහෙරා බේබි,
ඔයාලා හැමෝටම තැන්ක්‍ යූ සෝ මච්...

MR. COLDY Where stories live. Discover now