Chapter 33

973 199 107
                                    


@ Next Day
Author's Pov...

මීසු උදෙන්ම ඇහැරිලා ජිමින්වත් ගානට වෙලාවට ඔෆිස් එකට යවලා එයා ඊයෙ මාකට් එකට ගිහින් ගෙනාව බඩු ටිකත් කිචන් ටේබල් එක උඩට අරගෙන ජිමින්ගෙ බර්ත්දේ කේක් එක හදන්න පටන් ගත්තා...

මීසු එයා උදේ නැගිට්ට ගමන්ම සුපුරුදු විදිහටම ජිමින්ගෙ මූණෙ හැමතැනකටම ආදරේ පිරුණු කිස් ගොඩාරියක් තියලා තමන්ට තුරුල්වෙලා හොඳට ගුලිවෙලා නිදන් ඉන්න ජිමින්ගෙ කන ලඟට ලන් වෙලා එයාට විශ් කරන්න හැදුවත් බැරි වෙලාවත් ජිමින් ඇහැරලා හිටියොත් එහෙම එයාගෙ සප්‍රයිස් එක කඩාකප්පල් වෙන නිසා මීසු තමන්ගෙ කට පාලනය කරගත්තා... මීසු එයාගෙ අහිංසක චිම් නිදියි කියලා හිතන් ඉන්න ගොඩක් වෙලාවල් වලට ජිමින් ඉන්නෙ ඇහැරිලා... ඒනිසා විහින් අවදානමක් ගන්නෙ නැතුව මීසු ජිමින්ගෙ නළලින් කිස් එකක් තියලා එයාට හිතින්ම විශ් කලා....

අද තමන්ගේ බර්ත්දේ එක කියලා සම්පූර්ණයෙන්ම අමතක වෙලා හිටපු ජිමිනුත් කිසිම ගානක් නැතුව වෙනදා වගේම මීසු ලඟ දැවටි දැවටි ඉඳලා බ්‍රෙක්ෆස්ට් එක අරගෙන ඔෆිස් එකට ගියා...

ජිමින්ට එයාගෙ බර්ත්දේ එක අමතක වීම ඇත්තටම හරිම සාමාන්‍ය දෙයක්... ජිමින්ගෙ birthdays වලට කවදාවත් පාටිස් තියලා නෑ... පාටි කෙසේවෙතත් ජිමින් එදාට කේක් කැපුවෙත් හරිම කලාතුරකින්... ජිමින් පුංචි දවස්වල එයාගෙ ඔම්මයි අප්පයි පර්ක් ගෲප් එකත් එක්ක බිසී වුන නිසා ජිමින්ට එයාලගෙ අවධානෙ ලැබුනෙ හරිම අඩුවෙන්...

ඒ නැතත් ජිමින් කියන්නෙ වැඩිය සෝශබල් නැති කෙනෙක් නිසා එයා පාටිස් වලට කැමති නෑ කියලා සෝහියි මිස්ට පර්කුයු දෙන්නා දැනන් හිටියා... ඒ නිසා කවමදාවත් ජිමින්ගෙ බර්ත්දේස් වලට ලොකු ලොකු පාටිස් ඕගනයිස් කරන්න එයාලා මහන්සි උනේ නෑ... හැබැයි අනිවාර්යයෙන්ම ජිමින්ගෙ බර්ත්දේ එක දවසෙ හවසට ජිමින්ගෙ රූම් එකේ ඇඳ උඩින් අමතක නොකර බර්ත්දේ ගිෆ්ට් එක තියන්න එයාලා වග බලාගත්තා...

ඉතින් ගොඩක් වෙලාවට ඉස්සර ඉඳන්ම ජිමින්ට එයාගෙ බර්ත්දේ එක මතක් වෙන්නෙ ඇඳ උඩ තියෙන ගිෆ්ට් එක දැක්කම... ගිෆ්ට් එක අතට අරන් බලලා ආයෙම ඒක පැත්තකින් තියලා ජිමින් තමන්ගෙ වැඩක් බලාගන්නෙ අඩුම තරමෙ එයාට ගිෆ්ට් එක ඕපන් කරන්නවත් ආසාවක් නැති නිසා...

MR. COLDY Where stories live. Discover now