Chapter 16

1.3K 233 153
                                    


After Two Days
Author's Pov....

සෝෆා එකේ ඇල වෙලා කකුල් දෙකත් උඩ දාගෙන ජිමින් හිටියෙ Tv එක බලන ගමන්... සතිය තිස්සෙම ප්‍රොජෙක්ට් එක වෙනුවෙන් නැහිලා නැහිලා ඊයෙ හවස ඒක Choi company එකට යවපු ජිමින් අද උදේ ඉදන් එයාගෙ සති අන්ත නිවාඩුව භුක්‍ති විදිනවා....

ඒ අතරෙ මීසු hot chocolate දෙකකුත් හදන් අරන් ඇවිල්ලා ජිමින්ගෙ එහා පැත්තෙන් ඉද ගත්තා.... මීසු ආවම ජිමින් සෝෆා එකේ හරියට ඉදගෙන ඉක්මනින් hot chocolate වීදුරුව අතට අරන් බොන්න ගත්තෙ කාලෙකින් ජිමින්ගෙ ෆේවරිට්ම බීම එකේ රස බලන්න ලැබුන නිසා...

ටික වෙලාවක් screen එක දිහා බලන් ඉදපු මීසු හෙමීට හැරුනෙ ජිමින්ගෙ පැත්තට.... 

" චිම්.... "

තමන්ට එහා පැත්තෙ ඉදගෙන හිටපු ජිමින්ගෙ එක අතකට හේත්තු වෙලා උරහිසෙන් ඔලුව තියාගෙන ජිමින්ගෙ මූණ දිහා බලන් මීසු කතා කලා....

Tv එකට යොමු කරගෙන හිටපු ජිමින්ගෙ ඇස් දෙක එක තත්පරේකට මීසු දිහාට හැරෙද්දි ජිමින් ඔලුව හොල්ලල මීසුගෙන් ඇහුවෙ ඇයි කියලා...

" අපි අද කොහෙ හරි යමුද... "

ජිමින්ගෙ ඇස් දෙක බලාගෙනම මීසු කියද්දි ජිමින් මොකුත් නොකියා ආයෙම tv එක දිහා බැලුවා...

" අනේ චිම්.... යන්කො අප්පා.... ඔයාට දුක නැද්ද මන් ගැන... ආ.... බලන්නකො මම හැමදාම ගෙදර... අපි කොහෙ හරි යන්කො අද.... අපි දෙන්නා එකට කොහෙවත් ගිහින්ම නෑ.... අනේ චිම් යමුකෝ please.... "

ජිමින්ගෙ අතේ මූණත් අතුල්ලන ගමන් කෙදිරි ගාන මීසුව දැක්කම ජිමින්ගෙ කටට හිනාවක් ආවෙ ඉබේමයි.... ජිමින්ටත් මීසුත් එක්ක කොහෙ හරි යන්න කාලෙක ඉදලා ලොකු ආසවක් තිබුනොත් ඒ ගැන මීසු අහනකන්ම ජිමින් බලන් හිටියා...

තාමත් ජිමින්ගෙ අතේ ඔලුව අතුල්ලන ගමන් බොරුවට නහයෙන් අඩන මීසු දිහා හිනාවීගෙනම ටික වෙලාවක් බලන් ඉදලා ආයෙම ජිමින් මීසුට කතා කලා...

" කොහෙද දැන් යන්න ඕනෙ... "

ජිමින්ගෙ කටහඩ ඇහුන ගමන් එකපාරම වේගෙන් ජිමින්ගෙන් ඈත් උන මීසු සතුටින් හිනා වෙන ගමන් ජිමින්ගෙ මූණට එබුනා...

MR. COLDY Where stories live. Discover now