Chapter 30

958 205 127
                                    


Author's Pov...

" මීසු මන් යනවෝ...... "

ජිමින් පඩිපෙළ බහින ගමන්ම කුස්සියෙ ඉන්න මීසුට කෑ ගහලා කියලා එළියට පැන ගන්න ට්‍රයි කරත් එයාගෙ උත්සහය අසාර්ථක උනේ මීසු ජිමින්ටත් වඩා වේගෙන් ඇවිත් දොර ඉස්සරහ හිට ගත්ත නිසා....

" කොහෙ යන්නද... යන තැනක බ්‍රෙක්ෆස්ට් එක අරන් යනවා... "

මීසු ජිමින්ගෙ ටයි එකෙන් අල්ලලා ඇදගෙන ජිමින්ව එක්කන් ඇවිත් ඩයිනින් ටේබල් එකෙන් වාඩි කෙරෙව්වා...

" අයියෝ... මට ඇත්තටම හොඳටම පරක්කුයි අප්පා..."

ජිමින් පොලවෙ අඩි හප්ප හප්ප තරහෙන් කෑ ගහනකොට මීසු ඒවා ඇහෙන්නෙ නෑ වගේ ප්ලේට් එකකට කෑම බෙදාගෙන ඇවිත් ජිමින්ගෙ ඉස්සරහින් හිටගෙන එයාට කවන්න ගත්තා...

" කටවල් දෙක තුනක් කන්න මහ වෙලාවක් යනවැයි... ඉක්මනට මේ ටික කාලා යන දේවාලෙක යන එකයි ඇත්තෙ... "

මීසු ලොකු කටවල් ජිමින්ට කවන ගමන් කියනකොට ජිමින් අමාරුවෙන් මීසු දාන බත් කට ගිලින ගමන් ඇස්‍ රෝල් කරලා මීසුට රැව්වා...

" දැන් හරිද... ආ... "

ප්ලේට් එකේ තිබුන අන්තිම කටත් කටට ගන්න ගමන් ජිමින් අහනකොට මීසු හිනා වෙලා ඔලුව වනලා අත හෝදගත්තා...

අත පිහදගෙන ජිමින්ගෙ ලඟට ඇවිත් තමන් කලින් ඇද්ද නිසා අවුල් ගිහින් තිබුන ටයි එක මීසු ආයෙම ගලවලා හරියට දානකොට ජිමින් තමන් බීපු වතුර වීදුරුව ටේබල් එක උඩින් තිබ්බා...

" ෆෝන් එක ගත්තද... "

ටයි එක දාලා ඉවර වෙලා ජිමින්ගෙ අතේ තිබුන කෝට් එක ජිමින්ට අන්ඳවන ගමන් මීසු අහනකොට ජිමින් ඔලුව වනලා ඔව් කිව්වා...

" ෆයිල් ඔක්කොම ගත්තද... "

" ඕ... "

" ලැප් එක... "

" ගත්තා... "

" අද තියෙනවා කිව්ව මීටින් එකට ඕනෙ ඔක්කොමත් ගත්තද... "

" ඔව් ඔව් ගත්තා...... "

මීසු එකින් එක අහනකොට ජිමින් ඒ අහන ඒවා ගැන හිතන්නෙවත් නැතුව වේගෙන් මීසුට ආපස්සට උත්තර දුන්නෙ ඕන කරන ඔක්කොම බඩු ටික එයා අරගත්තා කියලා එයාට මතක තිබුන නිසා... 

MR. COLDY Where stories live. Discover now