Chapter 06

1.1K 226 39
                                    


Jimin's Pov....

සතියක් ගෙවිලා ගියේ හිතාගන්නවත් බැරි වේගෙකින්. එදා ඔෆිස් එකේදී මීසු ව දැක්කට පස්සෙ අද වෙනකන්ම මම එයාව දැක්කෙ නෑ. අඩුම තරමෙ කතා කලේවත් නෑ. මම බිස්නස් එකත් එක්ක බිසී වෙලා හිටිය නිසා ඇත්තම කිව්වොත් මට එයාව මතක් වුනේ නෑ....

අද අපෙ වෙඩින් එක. වාහ්... මේකනම් ඇත්තටම පිස්සුවක්. අද මන් මැරි කරනවා. මීසු හොදයි තමා... මම දන්නවා... ඒ වුනාට එයා නිසා මම හිරවෙනවා වගේ දැනෙනවා. කසාදෙ කියන කොටුව ඇතුලෙ මීසු මාව හිරකරනවා. ඒ නිසාම මට එයා එක්ක තරහ යනවා. දන්නවා මේක මීසුගෙ වැරැද්දක් නෙවෙයි කියලා. ඒ වුනාට මීසු නිසා මාව හිරවෙනවා කියන සිතුවිල්ල මගේ ඔලුව ඇතුලෙ මට වදදෙනවා.

අප්පලා වෙඩින් එකේ වැඩ ඔක්කොම කරලා තිබුන නිසා මට තිබ්බෙ ඇදගෙන යන්න විතරයි... ඔව් ඉතින් මට ඔව්වා කරන්න වෙලාවක් නෑනෙ... ආපරාදෙ අදත් නිවාඩුව. ජූන්ට තනියම එතන හැඩල් කරගන්න පුළුවන් වෙයිද මන්දා. ඕකා ඉතින් ඉන්වයිට් කලාට වෙඩින් එකට එන්නෙ නෑ කිව්වනෙ මීටින් ටික බලන්න ඕනෙ කියලා. මටම ගැලපෙන පොර තමා.....

විකාර හිත හිතම මම මගේ රූම් එකේ ඉදන් ලෑස්ති උනා. ලෑස්ති වෙලා පහලට ඇවිත් අප්පයි ඔම්මයි එක්කම යන්න පිටත් වුනා...

ओह! यह छवि हमारे सामग्री दिशानिर्देशों का पालन नहीं करती है। प्रकाशन जारी रखने के लिए, कृपया इसे हटा दें या कोई भिन्न छवि अपलोड करें।

ओह! यह छवि हमारे सामग्री दिशानिर्देशों का पालन नहीं करती है। प्रकाशन जारी रखने के लिए, कृपया इसे हटा दें या कोई भिन्न छवि अपलोड करें।
MR. COLDY जहाँ कहानियाँ रहती हैं। अभी खोजें